gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජාගකොස සභාපති නිල වාහනය ගෙදර ගෙනියයි

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා සිය නිල කාලය අවසන් වී තිබියදීත්, නිල රථය පරිහරණය කරන බව එම කොමිෂන් සභාවේ සේවකයෝ සඳහන් කරති.

වර්තමාන ආණ්ඩුව යටතේ පත්කළ මෙම සභාපතිවරයාගේ වසර තුනක නිල කාලය මේ මස 08 වැනිදා අවසන් වූ බවත්, මේ නිසා නිල කාමරය
මුද්‍රා තබා ඔහු නිල රථය රැගෙන ගොස් තිබෙන බවත් එම පිරිස් පෙන්වා දෙති.

සභාපති තනතුරේ වැඩ බැලීමට අමාත්‍යාංශ නිලධාරියෙකු මේ වනවිට පත්කර තිබෙන බවත්, ස්ථිර සභාපතිවරයෙකු පත් කිරීම කැබිනට් මණ්ඩල අනුමැතියකින් සිදුවිය යුතු බවත් සේවකයෝ සඳහන් කරති.

හිටපු සභාපතිවරයා වයස අවුරුදු 70 ඉක්මවූ නිලධාරියෙකු නිසා නැවත වරක් ඔහුට සභාපති තනතුරට පත්විය නොහැකි බවත්, රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුව වයස අවුරුදු 70ට වැඩි පිරිස් සඳහා රජයේ තනතුරු ලබානොදීමේ තීරණය එයට හේතු වන බවත් ඔවුහු පෙන්වා දෙති.

මේ පිළිබඳ හිටපු සභාපති කේ.ඒ.පී. හේමචන්ද්‍ර මහතාගෙන් දුරකථනයෙන් විමසීමට කටයුතු කළද, ඒ මහතා දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka