අඩි රූල ගෙන්න කඩේට ගිය ආච්චිටයි 1වසරේ දුවටයි ලොකු අවාසනාවකට මුහුණ දෙන්න වෙලා

වන අලි ප්‍රහාරයක්  නිසා මිත්තණියක් සහ දියණියක් අම්පාර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදවුර  පොලිස් බල ප්‍රදේශයේ සුහදගම ගම්මානයේදි මියගොස් තිබේ.

ඉකුත් 10 වෙනි දින සවස 6.30 ට පමන දියණියට අඩි රූලක් ගෙන ඒම සදහා මිත්තණිය සහ දියණිය නිවස අසල ඇති කඩයකට ගොස් ඇති අතර අඩි රූල රැගෙන එමින් සිටියදි මෙම වන අලි ප්‍රහාරයට ලක්වු බව ගම්වැසියන් කියති.

ඉදිරි පැය 24 තුළ තද වැසි: රත්නපුර-බලංගොඩට නායයාමේ අවදානමක් !

ඉදිරි පැය 24 තුල බස්නාහිර, සබරගමුව, වයඹ සහ ගාල්ල, මාතර  මිලිමීටර් 100 ත් 150 ත් අතර තද වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පන්සල් වත්තෙන් හමුවුණු පාවෙන ගලට මිනිස්සු වඳින්න පටන් අරගෙන

බදුල්ල තල්දෙන ශ්‍රී  බෝධිරාජාරාම  විහාරස්ථානයේ සාමනේර හිමිවරුන් පිරිසකට පන්සල් වත්තේ තිබී  හමුවූ ජලයේ පාවෙන ගල දැක බලා ගැනීමට මේ වන විට විශාල පිරිසක් විහාරස්ථානය වෙත පැමිනෙන අතර ඇතැමුන් ඊට වැද නමස්කාර කර පඩුරු දැමීමටද පටන්ගෙන ඇතැයි තල්දෙන ශ්‍රී බෝධිරාජාරාම විහාරාධීකාරී  තල්දෙන ධම්මවංස හිමියෝ පවසති.

රටේ ප්‍රබල දේශපාලනඥයන්ගේ නම් කියලා ගලේවෙලදී 8ක් අත්අඩංගුවට

රටේ ප්‍රබල දේශපාලනඥයන්ගේ නම් සඳහන් කරමින් ඔවුන්ගේ නිධන් හාරන ස්ථානයක් බව පවසා ජනතාව රාජ්‍ය නිලධාරීන් නොමඟ යවා ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ මහා පරිමාණයෙන්   නිදහන් සෙවීම සඳහා කැණීම් කරමින් සිටී පුද්ගලයින් 8 දෙනෙකු 11 දීන මධ්‍යම රාත්‍රියේ දඹුල්ල  පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රජයේ නියෝග තුට්ටුවකට නොතකයි.. පිටි මිල කිසිසේත්ම අඩු නොකරන බව ප‍්‍රිමා කියයි

වැඩි කල තිරිගු පිටි මිල කිසිසේත් අඩු නොකරන බව ප්‍රිමා සමාගම විසින් දිවියිනේ සියළුම තිරිගු පිටි අලෙවි කරන එජන්තවරුන් වෙත අද (11) දැනුම් දි ඇත.

මැදගමට අයිස් වැස්සක් කඩා වැටෙයි, ගම්මාන රැසක ටොන් ගණනක අයිස්

මොනරාගල මැදගම ප්‍රදේශයෙට ඊයේ 10 ප: ව තුන හමාරට ඇදහැලුන වර්ෂාව සමග  විශාල අයිස් වැස්සක් ඇද හැලි ඇත.

මෙම අයිස්  වැසෙන් ටොන් ගණක අයිස් වැටි ඇති අතර මෙය මැදගම, බකිනිගහවෙල, පුබ්බාර, රත්තන, දෙනිය, හොරගොල්ල  17 කනුව, 18 කනුව  ආදී ප්‍රදේශ වලට ඇද හැලි ඇති අතර විශාල අයිස් ප්‍රමාණයක් ඊයේ පස්වරු 06 පසු වෙන තුරුත් දියවි ගොස් නැත.

බ්‍රිතාන්‍යයෙන් ගෙනත් මෙහි ගොඩගසා තිබු තිබූ කුණු තොගය කන්ටේනර් 333කට පටවයි

එක්සත් රාජධානියේ සිට මෙරටට ගෙන්වා කටුනායක අපනයන සැකසුම් කලාපයේ  එළිමහනේ ගොඩ ගසා තිබු කුණු තොගය මේ වන විට කන්ටේනර් පෙට්ටි 333කට ඇතුළත් කර  ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය මහතා ඊයේ (10) පැවසීය. මෙම කුණු තොග පරිසරයට විවෘතව තැබීමෙන් සිදුවිය හැකි පරිසර හානි සලකා මෙසේ කන්ටේනර් පෙට්ටිවලට ඇතුළත් කර තැබිමට පියවර ගත් බව ද සභාපතිවරයා සඳහන් කළේය.

ලංකා IOC තවමත් මිල ගැන තීරණයක් නොගනී

ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ප‍්‍රකාශයට පත් කර නැහැ.

ඊයේ (10) මධ්‍යම රාති‍්‍රයේ  සිට කි‍්‍රයාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමටයි මුදල් අමාත්‍යංශය තීරණය කළේ. ඒ අනුව පෙට‍්‍රල් සහ සුපිරි ඩීසල් මිල අඩු කෙරුණා.

ලංකාවේ කොල්ලෙක් විනාඩි 57කින් රිවස්ටන් ලෝකාන්තය බැස ලෝක වාර්තාවත් තියයි

විසි වසරක් තිස්සේ සිට ලෝකානතය ඇතුඵ ශ්‍රී ලංකාවේ කඳු හෙල් බසිමින් වාර්තා කිහිපයක් තබා තිබෙන කොස්ගොඩ නිලන්ත ද සොයිසා විනාඩි 57 කින් මාතලේ රිවස්ටන්  ලෝකාන්තය බසිමින් ලෝක වාර්තාවක් තැබීමට සමත් විය.

කුඩා සාමණේර හිමියන් දෙදෙනෙකුට පහරදුන් "උටියා" කොටුවෙයි - (video)

කුඩා සාමණේර හිමියන් දෙනමකට එක්තරා පුද්ගලයෙක් විසින් අමානුෂීය ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනාගේ අවධානයට ලක්වුනා. ඒ අනුව අදාල පහරදීම සිදුකළ බවට සැකකරන පුද්ගලයා ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

මන්නාරමේ මුහුදු කොටි නායකයා වශයෙන් කටයුතු කළ අන්බු රාජ් වවුනියාව මහ රෝහලට

මන්නාරමේ මුහුදු කොටි නායකයා වශයෙන් කටයුතු කළ  අන්බු රාජ් නැමැත්තා ඔහුගේ  දෙපා වල ශල්‍ය කර්මයක් සදහා 9 දා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

යුද සමයේදී ඔහුගේ දෙපාවලට සිදු වූ තුවාල යලිත් වරක් උත්සන්න වීම නිසා ඇතැම් විට ඔහුගේ දකුණු පාදය ඉවත් කිරීමට සිදුවනු ඇතැයි වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබේ.

නාරාහේන්පිට ලොක්කාට අනියම් ඇසුරට වෙනම කාමරයක්

වේගයෙන් ඉගිල යන දේ  ලියාපදිංචි කරන නාරාහේන්පිට පැත්තේ ලොකු කන්තෝරුවක ලොකු මහත්තයෙක් ගැන අද දින ජාතික පත්තරේක විස්තරයක් පළව තිබේ. එහි මෙසේ දැක්වේ.
මේ මහත්තයා හින්දා ඒ කන්තෝරුවේ කාන්තාවන් ගොඩකට ප්‍රශ්නලු. මෙයා කලින් වැඩකරපු තැන්වල නෝනලා මේ කන්තෝරුවටත් ගෙනල්ලා.

පානදුර ව්‍යාපාරික නිවසේ සුනඛයා මරාදමා දඹරන් ප්‍රතිමා 3ක් සොරාගෙන

පානදුර-මොරවින්න ව්‍යාපාරික නිවසක සිටි සුනඛයා මරා දමා නිවසේ තිබූ පෞරාණික වටිනාකමින් යුත් පෙන හතකින් සමන්විත නාග රූපයක් සහිත බුද්ධ ප්‍රතිමාවක් ඇතුළු ප්‍රතිමා තුනක් සොරාගෝ කෝප්‍රල්වරයකු, ලාන්ස් කෝප්‍රල්වරයකු ඇතුළු සිව්දෙනකු සොරාගත් ප්‍රතිමා සමග අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ ඒකකය කියයි.

නෙළුම් කුලූන 16 දා ජනතා අයිතියට

දකුණු ආසියාවේ දෙවැනි උසම කුලූන ලෙස සැලකෙන නෙළුම් කුලූන ලබන 16 දා සවස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත කිරීමට නියමිතය.

ක්‍රිකට් ආයතනයට බෑ කිව්ව දික්වැල්ලට ක්‍රිකට් ආයතනයෙනුත් බෑ කියයි

කැරිබියන් පි‍්‍රමියර් ලීග් තරගාවලියට සහභාගිවීම සඳහා තමන්ට අවසර ලබාදෙන ලෙස නිරෝෂන් දික්වැල්ල කළ ඉල්ලීමක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා.

ආයුර්වේදයට මුවා වී කතුන් අළෙවි කළ ගණිකා නිවාසයකදී තුනක් අත්අඩංගුවට

ගල්කිස්ස, වටරප්පල පාර ප‍්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක්  වැටලූ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ගණිකා වෘත්තියේ නියැලූණු බව කියන කතුන් දෙදෙනකු සහ කළමනාකාරිණියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසල් දැරිය බසයෙන් බස්සවාගෙන ගොස් උක් කැලේදී අතවර කරලා

සෙවණගල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහළොවක පාසල් දැරියක් අපයෝජනය කළ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව සෙවණගල පොලිසිය පවසයි.

සැකකරු විසින් මෙම දැරිය රවටා ඇය පාසල් යන බසයෙන් බස්සවාගෙන යතුරුපැදියකින් උක් වගාබිමක් වෙත රැගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සහරාන්ගේ පරිගණකය ඇමෙරිකාවට දුන්නේ නෑ !

පාස්කු දින ප්‍රහාර මාලාවේ මහමොළකරු වන සහරාන්ගේ ලැප්ටොප් පරිගණකය පරීක්ෂා කිරීමේ දී දත්ත රැසක් සොයාගෙන තිබෙන බවත්, එම ලැප්ටොප් පරිගණකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසීය.

දෑස් නොපෙනෙන මවට සලකන්න දියණියන් 5 කට හා පුතුට උසාවි නියෝගයක්

දෑස් නොපෙනෙන හැත්තෑ හැවිරිදි වයෝවෘද්ධ මවට මාසිකව රුපියල් දහසක තාවකාලිකව දීමනාවක් ගෙවන ලෙස පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අමිල ආරියසේන මහතා එම මවගේ දරුවන් හය දෙනාට පෙරේදා (4දා) නියෝග කළේය.

ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු ගණන 19 දක්වා පල්ලම් බහියි !

එක්සත් ජනතා නිදහස් සන්ධානයට 2015 අගෝස්තු මහමැතිවරණයෙන් හිමි වූ මන්ත්‍රීධුර අනූපහෙන් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතිරිව ඇත්තේ මන්ත්‍රීවරුන් දහනව දෙනෙක් බව වාර්තා වේ.

ඒ 2015 මන්ත්‍රීධුර හිමි වූ හැටපස් දෙනකු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කිරීමත් සෙසු තවත් මන්ත්‍රීවරුන් හය දෙනකු එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කිරීමට එක්ව සිටීමත් නිසාය.

පාතාලේ මරා ගැනිල්ල කොළඹ පස්වලටයි !

කොළඹ සහ ඒ අවට සිදු වන පස් සහ වැලි ව්‍යාපා­ර­යෙන් 80%ක්ම පාතා­ලය විසින් අත්පත් කර­ගෙන ඇතැයි බුද්ධි අංශ හෙළි කර­ගෙන තිබේ.

කොළඹ නග­රය තුළ සිදු කෙරෙන සංව­ර්ධන කට­යු­තු­ව­ලට පස් සහ වැලි සැප­යී­මේදී පාතා­ල­යට කප්පම් නොදී සිටී­මට ව්‍යාපා­රි­ක­යන්ට ඉඩක් නැති බවද බුද්ධි අංශ සඳ­හන් කරයි.

සහරාන්, හේමසිරි හා පූජිත් 1ම නඩුවේ !

පාස්කු ප‍්‍රහාරය එල්ල කිරීමට කුමන්ත‍්‍රණය කිරීම සහ මිනී මැරීම සම්බන්ධයෙන් තව්හිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් නමැත්තා සමඟ හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව එකම නඩුවේ විත්තිකරුවන් වශයෙන් චෝදනා ගොනු කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ කරුණු ඉදිරිපත් කරමින් පවසා ඇත.

කිසිවකුත් නොමැති අවස්ථාවක ඇතුළුවී බාලවයස්කාරිය බලෙන් සිපගත් තරුණයා රිමාන්ඞ්

වයස අවුරුදු 15 ක බාලවයස්කාර දැරිවියක සිටින නිවසකට කිසිවකුත් නොමැති අවස්ථාවක ඇතුළු වී බලෙන් සිප ගත්තා යැයි කියන තරුණයකු 11 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරවක මහෙස්ත‍්‍රාත් ශෂිකා මිතුනආරච්චි මහත්මිය නියම කළාය.

මූන්දලම පෙරියපාඩු වෙරළට අභිරහස් උපකරණයක් ගොඩ ගහලා

කිසියම් මුහුදු සීමාවක් සලකුණු කරන ටොන් 5 ක් පමණ බරකින් යුත් බෝයාවකට සමාන උපකරණයක් පෙරේදා (4 දා) සවස මූන්දලම” පෙරියපාඩු වෙරළට ගොඩගසා තිබිණ.

පාතාලයෝ පොලිසියට වෙඩි තබති - නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ !

අණ නොතකා  ධාවනය කල යතුරු පැදියක් පසුපස හඹා යාමේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තබා තුවාල සිදු කල පුද්ගලයින් තිදෙනෙකු සහ ඔවුන් පැමිණි යතුරුපැදිය සොයා මෙහෙයුමක් ආරම්භ කල බව අකුරැස්ස පොලිසිය පවසයි.

ඩිලන්ත මාලගමුවට "සයිබර්" ප්‍රහාරයක් - (photos)

ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශුරයෙක් වන ඩිලන්ත මාලගමුවගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඇතුලත් කර තිබු ජයාරූප සියල්ල සයිබර් ප්‍රහාරය එල්ල කරනු ලැබූ පුද්ගලයා විසින් ඉවත් කර ඇති බව මේ වන විට තහවුරු වී ඇත.

නඩත්තු ගෙවන්න බෑ කියූ පියාටම දරුවන් පවරා මවගෙන් ඈත් කරලා !

පියා භාරයේ සිවින දරු දෙදෙනා තමා භාරයට පත් කරන ලෙස ඉල්ලා මවක විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලූ ගාල්ල දිසා විනිසුරු පී. රණසිංහ මහත්මිය මවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට දරුවන්ගේ නෛතික හා ශාරීරික භාරය පියාටම බාර කිරිමට නියෝග කළාය.

ජනාධිපතිවරණයට දේශපාලන පක්ෂ 20ක් !

ඉදිරි ජනාධිපතිවරණයට දේශපාලන පක්ෂ 20කට අධික සංඛ්‍යාවක් තරඟ කරන බවට මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී තිබේ.

ලබන 09 වැනිදා මැතිවරණ කොමිසම රැස්වීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව එහි ප්‍රකාශකයෙකු සදහන් කලේය.

වෙරලට ආ දැවන්ත මුතු මොරා බේරා නැවත මුහුදට යවයි

මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරළට ගොඩ ගසා සිටි විශාල මුතු මෝරෙකු නැවත මුහුදට දැමීමට මුල්ලිවයික්කාල් ධීවරයින් ඇතුලු පිරිසක් පියවර ගෙන ඇත.

රාවණා රජුගේ ආභරණ සොයා රිටිගල කැලෑවේ කැණීම් කළ පුද්ගලයන් හයදෙනකු අත්අඩංගුවට

රිටිගල පුරාවිද්‍යාත්මක ආරක්ෂිත මහ ගන කැලෑව මැද රාවණා රජුගේ ආභරණ සොයා කැණීම් කරමින් සිටි පුද්ගලයන් 6 දෙනකු සැකපිට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පසුගිය (2දා)
රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් FBI ආයතනයෙන් වාර්තාවක් !

පාස්කු ප‍්‍රහාරයට අදාළ බෝම්බකරුවන් සහ ඊට සහාය දැක්වූ පුද්ගලයින් භාවිත කරන ලද බවට අනාවරණය වූ ජංගම දුරකතන කිහිපයක් සහ දුරකතන කොටස් කිහිපයක ඇතුළත්ව තිබූ දත්ත වලට අදාළ වාර්තා 05 ක් ඇමරිකාවේ FBI කාර්යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බව එම දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ වැඩිදුර වාර්තාවකින් අද (04) දැනුම් දෙනු ලැබුවා.

කුසල් මෙන්ඩිස් සති හයක් ක්‍රිකට් පිටියෙන් ඉවතට

කුසල් මෙන්ඩිස්ට සති හයක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව විවේක ගැනීමට සිදුවනු ඇතැයි වාර්තා වනවා. සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති දෙවන පන්දුවාර විස්ස තරගයේදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී ෂෙහාන් ජයසූරිය සහ කුසල් මෙන්ඩිස් එකිනෙකා ගැටීමෙන් අනතුරකට ලක් වුණා.

ශ්‍රීලනිප විනය පරීක්ෂණයට නාවොත් මන්ත්‍රීකම් ඉවරයි !

පක්ෂය හැරගොස් සිටින නිදහස් පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකුට එරෙහිව විනය පරික්ෂණ පැවැත්වීමට තීරණය කර ඇති බව නිදහස් පක්ෂය ඊයේ දැනුම් දුන් අතර මෙම විනය පරීක්ෂණය මඟහැරියොත් ඔවුන්ගේ මන්ත්‍රීකම් කෙළවර කිරීම සම්බන්ධයෙන් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ අවදානය යොමුව ඇතැයි වාර්තා වේ.

හිටපු ක්‍රිකට් සභාපති තිලංගට එරෙහිව අභ්‍යන්තර පරීක්ෂණයක් !

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීම සහ පසුගිය  (01දා) පැවැති ක්‍රිකට් වීශේෂ මහසභා රැස්වීමේදී විධායක කමිටු සාමාජිකයෙක් ලෙස කටයුතු කළේ කුමන පදනමකින්ද යන්න පිළිබඳව වහාම කරුණු දක්වන්නැයි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රිකට් ප්‍රධානීන්ට නියෝග කර තිබේ.

මොරටු ක්‍රීඩා භාණ්ඩ වෙළදසැලේ සේවිකාව සෙලෝටේප්වලින් බැඳ වස්තුව කොල්ලකාලා

ක්‍රීඩා භාණ්ඩ වෙළෙඳ සැලකදී කාතාවක් සේලෝ ටේප්වලින් වලින් බැඳ පුද්ගලයන් දෙදෙනෙකු ඇය පැලදී රන් භාණ්ඩ හා රුපියල් විසිහතර දහසක මුදලක් කොල්ල කා පලාගොස් ඇතැයි මොරටුව පොලීසිය පවසයි.

ශ්‍රී ලාංකාව රැකගත් උඩපන්දුව නවසීලන්තයට ජය ගෙනෙයි

තියුණු තරගයකින් පසු ශී‍්‍ර ලංකාව සමග පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයද ජය ගැනීමට නවසීලන්තය ඊයේ (03) රාති‍්‍රයේ සමත් වුණා.

ඒ, තරග 3 කින් සමන්විත තරගාවලියද 2-0 ක් ලෙස ජය ගනිමින්.

දේශපාලනයට ආ බව කියන පුවත් බොරු බව සංගා කියයි

තමා දේශපාලයට එක්වූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ඡායාරූපවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.

ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා ලබන සතියේ එයි !

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන අපරාධමය වාර්තා ලබන සතියේ සිට ඒ ඒ අධීකරණ වෙත ඉදිරිපත් කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

කිරි උරා බොමින් සිටි දරුවාට හා බිරිඳට පහර දුන් නරුම පියා අත්අඩංගුවට

කිරි උරා බොමින් සිටි අවුරුදු එක හමාරක් වයසැති දරුවාට සහ බිරිඳට පහරදුන් අයෙක් 02 දා අලූයම අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට පත්වූයේ බණ්ඩාරගම අටුලූගම ප‍්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි මොහොමඩි උවයිස් මොහොමඩි රිස්වාන් නමැති අයෙක් බව පොලිසිය පවසයි.

රජයේ සේවකයෝ දාහතර දහසක් හෙට (4) ලෙඩ ඇඳේ !

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් දීප ව්‍යාප්ත හා සමාන්තර සේවා දහහතක කාර්ය මණ්ඩල සාමාජිකාවන් දාහතර දහසක් හෙට (04 වැනිදා) අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැළෙති.

නවසීලන්ත පළමු තරඟය ක්‍රීඩාකළ ලංකාවේ 11 දෙනාටම ICC යෙන් දඬුවමක්

නවසීලන්තයට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර පිටියේදී පැවති  පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයේදී මන්දගාමී පන්දුවාර අනුපාතයක් පවත්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට දඩ නියම කිරීමට ICC ය තීරණය කර තිබෙනවා.

බෝරාවරුන්ගේ සමුළුවෙන් ලංකාවට කෝටි 900 ක් සල්ලි මල්ලක් !

බෝරා මුස්ලිම්වරුන්ගේ ගෝලීය සමුළුව මේ දිනවල බම්බලපිටිය වෙරළ මාවතේ බෝරා ප‍්‍රධාන පල්ලිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. ඒ අනුව මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම හරහා රුපියල් කෝටි නවසීයකට අධික ආදායමක් දැනටමත් මෙරටට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් සඳහන් කරන්නේ.

ගුරුසිංහ කොරහත් බිඳන් ඕස්ට්‍රේලියාවට ගිහින් !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පිහිටි ක්‍රිකට් අධි තාක්ෂණික මද්‍යස්ථානයේ භාරව එහි කළමනාකරු ලෙස සේවය කළ අසංක ගුරුසිංහගේ සේවා කාලය දිගු නොකළ බැවින් ඔහු පසුගියදා ආපසු ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇත.

පහල සේවකයෙක් මං එක දුරකතන ඇමතුමකින් ඉංජිනේරුවකු ලෙස පත් කලා - සජිත්

පහල නිලයක සිටි සුදුසුකම් සහික දක්‍ෂ සේවකයෙක් තමන් එක් දුරකතන ඇමතුමකින් ඉංජිනේරුවකු ලෙස පත් කල බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කලේය.

මාලිංගටවත් නැතුව ඉසුරු උදානට විතරක් හිමිවෙන අවස්තාව මෙන්න

දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන ‘මන්සි සුපර් ලීග්’ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ‘පාල් රොක්ස්’ කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී  ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන හට හිමි වී ඇති බව වාර්තා වන අතර ශ්‍රී  ලංකාව නියෝජනය කරමින් එම තරගාවලිය සඳහා සහභාගි වන එකම ක්‍රීඩකයා ඔහු වීමද විශේෂත්වයකි.

මිනී 4ක් ගොඩ ගෙන හිස රැගෙන ගිහින්

කොටගල - වැලින්ටන් ප්‍රදේශයේ සුසානභූමියක මිහිදන්කල මෘත දේහයන් ගොඩ ගෙන හිස කොටස රැගෙන ගොස් ඇති බවට වු සිද්ධියක් සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කල බව හැටන් පොලිසිය පවසනවා.

ඩුබායි හි සැඟව සිටි උරගහ මයිකල් ලංකාවට ඇවිත් !

ආර්.පී.ජී.රොකට් විදින ඇතුළු පාකිස්තානයෙන් එවූ අවි ආයුධ යොදා බන්ධනාගාර බස් රථයකට පහරදීමේ පළමු තැත වැරදී ඩුබායිවලට පැනගත් ඌරගහ මයිකල් නමැති පාතාලයේ බව කියන අයකු යළිත් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි බුද්ධි අංශ හෙළිකරගෙන ඇත.

යාපනයේ මංගල උත්සවයක දෑවැද්ද උස්සයි - රත්තරන් පවුම් 60 ක් ඒ අතර

යාපනයේ නාවලි ප‍්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවකදීය දෑවැද්ද ලබා දීම සදහා රැුගෙන විත් තිබූ රත්තරන් පවුම් 60 ක් මුදලින් රුපියල් ලක්ෂ තුනක් රුපියල් ලක්ෂ එකහමාරක් වටිනා ජංගම දුරකතනයක් හා විදේශ ගමන් බලපත‍්‍රයක් 31 දා සොරකම් කොට තිබේ.

තරගය නිම වීමට පන්දු 03ක් ඉතිරිව තිබියදී නවසීලන්තය ජය ගනී

පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ වැඩිම කඩුළු සංඛ්‍යාවක් බිඳ හෙලූ ක‍්‍රීඩකයා බවට පත් වෙමින් නව ලෝක වාර්තාවක් බිහිකිරීමට ශ‍්‍රී ලංකා නායක ලසිත් මාලිංග සමත් වුණා.

ඒ, ඊයේ (01) රාත‍්‍රියේ නවසීලන්තය සමග පැවති පළමු විස්සයි විස්ස තරගයේදීයී.

ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් ඕස්ට්‍රේලියාවේ රිය අනතුරකින් අවසන් ගමන් යයි - (Photos)

ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ ඉගෙනුම ලබන 20 හැවිරිදි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

නිසල පෙරේරා නැමති ඇය මෙල්බර්න් නුවර ක්ලේටන් හි පිහිටි සරසවියේ දොරටුව ආසන්නයේ මාර්ගය හරහා යන විට අනතුරට මුහුණ දී ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 9.45ට පමණයි.