gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිරි උරා බොමින් සිටි දරුවාට හා බිරිඳට පහර දුන් නරුම පියා අත්අඩංගුවට

කිරි උරා බොමින් සිටි අවුරුදු එක හමාරක් වයසැති දරුවාට සහ බිරිඳට පහරදුන් අයෙක් 02 දා අලූයම අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට පත්වූයේ බණ්ඩාරගම අටුලූගම ප‍්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි මොහොමඩි උවයිස් මොහොමඩි රිස්වාන් නමැති අයෙක් බව පොලිසිය පවසයි.


අටුලූගම ප‍්‍රදේශයේ නිවසක කිරි දරුවෙක්ට සහ මවකට පහර දෙන බව දන්වා 02 දා අලූයම 5.30 ට පමණ 119 වෙත ලද ඇමතුමකට අනුව කි‍්‍රයාත්මක වූ ජංගම සංචාරයේ නියැලි පොලිස් සැරයන් ආනන්ද සමග පොලිස් නිලධාරීන්් ගොස් බිරිඳට සහ දරුවාට පහර දෙමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

මවගේ ඇකයෙන් කිරි උරා බොමින් සිටියදී සැකකරු අතින් පයින් දරුවාට පහරදී බිරිඳගේ ගෙල මිරිකා ඇති බවත් ඔවුන් දෙදෙනා ප‍්‍රතිකාර සඳහා බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය කියයි.

සැකකරු මීට ප‍්‍රථම අයෙක්ට කඩුවකින් පහරදී තුවාල සිදුකිරීම සමිබන්ධයෙන් හොරණ අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවත් පොලිසිය කියයි.

පහරදුන් දරුවාට වැඩිමහල් නවය සහ හය වයසේ පසුවන දරුවන් දෙදෙනෙක් සිටින බවත් ඔවුන් දෙදෙනාද පාසල් නොයවා ගෙදර රඳවා ගන්නා ලෙස සැකකරු බිරිඳට තර්ජනය කර ඇති බවට ප‍්‍රකාශ ලබාදී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකරු 02 දා පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ. ඩබ්ලිවි. එල්. වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන්වරුන් වන එදිරිසිංහ (3081) සහ ආනන්ද ( 49822 ) පරීක්‍ෂණ පවත්වති.

බණ්ඩාරගම ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka