gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා ලබන සතියේ එයි !

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන අපරාධමය වාර්තා ලබන සතියේ සිට ඒ ඒ අධීකරණ වෙත ඉදිරිපත් කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.


ඒ අනුව කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් පරිශ්‍ර 3ක සිදුවූ පිපිරීම්, කොච්චිකඩේ, මීගමුව කටුවාපිටිය , මඩකලපුව සියෝන් යන දේවස්තානවල සිදුවූ පිපිරිම් සම්බන්ධයෙන් හා සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ පිපිරීම පිළිබඳව කළ අපරාධමය වාර්තා එලෙස ඉදිරිපත් කිරිමට නියමිත බව රස පරීක්ෂක ඒ වැලිඅංග මහතා පවසා තිබේ.

අදාළ සියලු ප්‍රහාරයන් සඳහා යුරියා නයිට්‍රේට් නැමති පුපුරණ ද්‍රව්‍ය භාවිත කර ඇති බව පැවසේ.

අපරාධමය වාර්තා අතුරින් කොච්චිකඩේ දේවස්ථානයේ සිදුවූ පිපිරීමට අදාළ වාර්තාව පළමුව අධිකරණයට ඉදිරිපත් කරන බව හා සෙසු වාර්තා ද කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළේය.

පිපිරීම් සිදුවු ස්ථානවල අපරාධමය සිදුවීම් වාර්තා කිරීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් 7 ක් යොමු කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka