'මගේ අවසන් ගීත කිහිපය ඉදිරි මාස දෙක තුළදී... මේ ගතවෙන්නේ මගේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ අවසන් මාස කීපයයි' - රවී ලංකාවට ආයුබෝවන් කීමට සැරසෙයි

රවී රොයිස්ටර් කියන්නේ අතිශය ජනප්‍රිය සහ දක්ෂ ගායන ශිල්පියෙක් සහ නිර්මාණකරුවෙක්.

ඔහු පසුගියදා ඉන්දියාවේ ජනප්‍රිය සිනමාපටයකටද සිය ගායන දායකත්වය ලබා දුන්නා.ඉඳහිට කරන නිර්මාණ රසික හදවත් තුලට දැනෙන්නට ගායනා කරන ඔහු තරමක සංවේදී සටහනක් සිය ෆේස්බුක් ගිනුමේ පළ කර තිබුණා.ඔහු ලංකාවේ සංගීතයට තිත තියන්නද සූදානම.මේ ඒ ගැන ඔහු තබා තිබූ සටහන.
" මේ ගතවෙන්නේ මගේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ අවසන් මාස කීපයයි.

මන්දයත් මා ඉගෙනගත් අවංක විෂය මේ ක්ෂේත්‍රයේ නොමැති නිසාවෙනි.

කලාව යනු කුහකත්වයවත් , ඊර්ෂ්‍යායවවත් ,අනෙකාව කෙටවීමවත් නොවෙයි , කලාව යනු ආදරයයි.

ඒ ආදරයට මිලක් නියම කළ නොහැකිය.

මිල නියම වනුයේ තමන් කොතෙක් දුරට ඒ සංගීතයට අවංක ආදරය දක්වන විලාසය අනුවය.

ඇත්තටම මේ රටේ සංගීත ක්ෂේත්‍රය පිළිබඳ මට ඇත්තේ ඉතා දැඩි කලකිරීමකි.

ගායකයන් සංගීත ශිල්පීන් පිල් බෙදී ඇත.

එකෙක් අනෙකාගේ වැරදි අනෙකාට පවසයි.

ඔවුන් ඒ තුළින් මම මාර වැඩක් කරා , අරූට මම කෙලෙව්වා , අරූට කෙලවනවා, අරව සින්දු ද බං අරූ මෙච්චර ගානක් ගන්නවා , අයියෝ අරූව මට කොට ගානකට ගේන්න පුළුවන් මෙයයි අපේ සංගීත ක්ෂේත්‍රය.

කලාව තුළින් අප්ඩේට් නැත.

අනිත් *** වැඩ තුළින් අප්ඩේට් එක ඉහළයි.

තවත් කීමට එමටයි.

මගේ අවසන් ගීත කිහිපය ඉදිරි මාස දෙක තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි.

මම කාගේවත් ගීතයක් විකුණාගෙන කෑවේ නැත.

විකුණාගෙන කන්න තරම් මට අහේනියක් ද නැත.

අලුත් රටක අලුත් සංගීතයකින් නැවත හමුවෙමු .ස්තුතියි. මගේ රටට ආදරෙයි.
Ravi Royster 

''ඒ සතුට පිරුණු ආදරය වචනවලට පෙරලන්න බැරි තරම්......'': රුවංගිට ලැබුණු වටිනාම අලුත් අවුරුදු තෑග්ග (PHOTOS)

''අම්මා කෙනෙක් වීම'' කියන්නෙ ගැහැනියකට මේ ලෝකෙ ලබන්න පුළුවන් උතුම් ම පදවිය.

ඒ, උතුම් වූ පදවිය ලබන්න ලස්සන කිරි සිහිනයක උන්නු තාරකාවක් තමයි ජනප්‍රිය නිළි රුවංගි රත්නායක.

ඔන්න ඉතින් ඈ දින ගනිමින් බලාගෙන හිටිය ඒ ලස්සන දවස පහුගිය දවසක උදාවෙලා තිබුණා.

අලුත් අමුත්තා එන්න පෙර සිටම එයා ගැන රුවංගි සිය ආදරණීයන් එක්ක තොරතුරු බෙදාගන්න අමතක කළේ නෑ.

ඒ අනුවයි, මේ අමුත්තා දුවෙක් බව හැමෝටම කල් තියාම කියලා තිබුණෙ.

එයාව ගෙදරට අරන් ආවමත් තමන් වෙනුවෙන් ආශිර්වාද කළ, තමන්ට ආදරේ කරන ආදරණීයන් වෙනුවෙන් මෙහෙම සටහනක් තබන්නත් රුවංගි අමතක කර තිබුණේ නෑ.

''අපේ චූටි මැණික ගෙදර ගෙනාව ඒ ආදරනීය සුන්දර මොහොත

ඒ සතුට පිරුනු ආදරය වචන වලට පෙරලන්න බැරි තරම්......''

''අම්මා කෙනෙක් වුණත් එයා නිළියක්නෙ... නිළියක් අඳින පළඳින විදිහට ඕනේ අඳින්න..'' - බුකිය රත්කළ දිනක්ෂිගේ ඩෙනිම (PHOTOS)

මේ දවස්වල, ජනප්‍රිය නිළි දිනක්ෂි ගැන ආයෙමත් වැඩියෙන් කතාබහට ලක්වෙන්න අරන්.

ඊට ආසන්නතම හේතුව ඇගේ අපූරු රංගනයෙන් හැඩවෙන, නුදුරේදී ම තිරගත වීමට නියමිත "විසල් ආදරේ" සිනමා සිත්තම.


පහුගිය දවසක චිත්‍රපටයේ ගීතයක් එළියට ආවා. ඒත් එක්කම තමයි බොහෝදෙනා දිනක්ෂි ගැන කතාබහක් පටන් අරන් තිබුණේ.

ඒ ගීතය ගැනවත්, එහි ඇගේ රංගනය හෝ නර්තනය පිළිබඳවත් නෙවෙයි දිනක්ෂිගේ ඇඳුම ගැන.


ඔය විදියට දිනක්ෂිගේ විලාසිතා කතාබහට ලක්වුණු පළවෙනි වතාවත් මේක නෙවෙයි.

සෑහෙන වාර ගණනක් ඇයගේ විලාසිතා ''බුකියේ විනිශ්චයට'' ලක්වෙලා ඇති.

තමන්ගේ විලාසිතා විවේචනය වන තැන්වලදි දිනක්ෂි උත්තර දුන්නු තැනුත් නැතුවාම නෙවෙයි.


හැබැයි ගොඩක් වෙලාවට වෙන්නෙ අපි කියන සරලම ආකාරයට ඈ ඒවා ආතල් එකක් කරගැනීම.

එහෙම නොවී තියෙයිද, දිගට ඇන්දාම කොටට තමයි ලස්සන කියද්දි නේද.


චිත්‍රපට ගීත‍යේ දිනක්ෂි සැරසී උන්නු ඩෙනිම තමයි බොහෝමයක් අයගෙ විවේචනයට හේතුවෙලා තිබුණෙ.

එහෙම විවේචන කෙතරම් ආවත්, ඈට ආදරේ කරන පිරිස් වෙතින් තැබෙන මෙවන් ප්‍රතිචාරත් නැතුවාම නෙවෙයි.

''මේක ඇත්තටම ලස්සනයි.

අම්මා කෙනෙක් උනත් එයා නිලියෙක්නේ.

නිලියෙක් අදින පලදින විදිහට ඕනේ අදින්න.

ප්‍රියංකා චොප්රා දීපිකා පදුකෝන්ලා වගේ හින්දි නිලියෝ, ටැමිල් නිලියෝ අදින ඒවා අපේ අය දැකලා නැතිවද කොහෙද මේ ඇදුම් වලට හෙලුවෙන් කියන්නේ.

බොහෝ විවේචනයන් තුල ඊරිසියාව සැගව ඇත.''

දඩබ්බර හිත් මෙල්ල කරන්න එකම එක ආදරණීය බැල්මකට පුළුවන්ද..? ආදරයට ආදරය දෙන ඒ ඇස් නම් භාවනාවක්... (PHOTOS)

ඇත්තටම ආදරණීය ඇස් දෙකක් කියන්නේ හිතක් නිවන්න පුළුවන් භාවනාවක්..

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් කතාවක්.. 

ඔවුන්ගේ ආදරයට අවසානයේ මොකක් වේවිද..? හිත් අතර අතරමං වෙන මේ  ආදරය ළඟදීම ඔබේ ආලින්දයට ගෙන එන්නට අපි සූදානම්.. 

සජිත ඇන්තනී , කුසල් මධුරංග, පියුමාලි එදිරිසිංහ, දෙව්මිණි තත්සරණි , දේශානි නෙහාරා, විරාජ් පෙරේරා, නිත්‍යා දේවින්දි රංගනයෙන් දායක වෙන මේ අලුත්ම ටෙලිනාට්‍ය පුරාවට ආදරය ගැන කතා කරනවා.. ඒ ආදරණීය ඇස්වල දිස්න දැකගන්න ඔබත් ආසයි ද..? 

බුද්ධික සේමසිංහගේ තිරරචනයෙන්, ජයප්‍රකාශ් සිවගුරුනාදගේ අධ්‍යක්ෂණයෙන් වගේම චාමර සමරවීරගේ නිශ්පාදන දායකත්වයෙන් හැඩවෙන මේ අලුත්ම ටෙලි නාට්‍ය හිරු තිරය හරහා ඔබටත් තවත් නොබෝ දිනකින් විඳගන්න පුළුවන්..

ඇයත් දැන් සරාගයේ ගිනිසිළුවක්... ඒ දවස නම් රයිනිට ගොඩක් විශේෂ වෙලා වගේ... (PHOTOS)

රයිනි චාරුකා කියන්නේ අපි බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්..

ඇය  අද වෙනකොට ගොඩක් දෙනෙක් අතර කතාබහට ලක්වෙන ගායන ශිල්පිනියක් වෙලා..

කොහොම වුණත් රයිනි කියන්නේ තමන්ට උපතින් ලැබුණු හැකියාව ඔපමට්ටම් කරගත් තාරකාවක්..

ඉතින් ඇගේ 33 වැනි උපන්දිනය මීට දින කීපයකට කලින් යෙදිලා තිබුණා කියන එක ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් දන්නා කරුණක්...

ඒත් ඒ ලස්සන දවස හැමදාම මතකයේ රඳවාගන්න රයිනි තවත් මේ වගේ අලූරු ෆොටෝ ෂූට් එකක් කරලා.. රැෆෙල්ලාගේ කැමරා කාචයට හසුවුණු මේ අපූරු ඡායාරූප පෙළ මෙන්න... 

“මට රඟපාන්න ආරාධනා ඇවිල්ලා තියෙනවා... ඒත් රංගන ක්ෂේත්‍රයට යන්න පොඩ්ඩක්වත් කැමති නෑ” – මාරියා

මේ දවස්වල බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගෙන ගායන ක්ෂේත්‍රය තුළ අලුත්ම ගමනක් යන ආදරණීය ගායිකාවක් තමයි මාරියා නෝනිස් කියන්නේ.මාරියා කියන්නේ බොහෝ දෙනෙක් ආදරේ කරන ජනප්‍රිය ගායකයෙක් වුණු නදීර නෝනිස්ගේ ආදරණීය එකම දියණිය.

ඇය බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ එක්තරා අවුරුදු උත්සවයකදී තාත්තත් එක්ක අවුරුදු වැඩසටහනකට ඇවිල්ලා ගීත ගායනා කිරීමත් සමඟයි.ඊට පස්සෙ ඇයට ලැබුණු ජනප්‍රියතාවයත් එක්ක ඇයගේම ගීතයක් එළියට ආවා.

මේ වෙදි සංක දිනෙත් කියන ප්‍රවීණ ගායන ශිල්පියාත් ඇයට ගීතයක් නිර්මාණය කරලා දීලා තියෙනවා.ඒ ගීතයත් ප්‍රේක්ෂකයන් අතරට ඉතාමත් ඉක්මනින් එයි කියලා තමයි ඇය සදහන් කරන්නේ.

ඒ වගේම තමයි ප්‍රසිද්ධ උනාට පස්සේ බොහෝ දෙනෙකුට  ආරාධනා ලැබෙනවා රංගනයටත් සම්බන්ධ වෙන්න.ඉතින් ඇයටත් ඒ වගේ ආරාධනා ඇවිල්ලා තියෙනවා ඒ සම්බන්ධයෙන් ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“රඟපාන්න ආරාධනා ඇවිල්ලා තියෙනවා ඒත් කවදාවත් රංගන ක්ෂේත්‍රයට යන්න පොඩ්ඩක්වත් කැමැත්තක් නෑ.පොඩි කාලේ ඉඳන්ම අදත් මට කැමති දේ කරන්න නිදහස දීලා තියෙනවා තාත්තා ගොඩක් හොඳයි. කිසි දේකට අණ කරන්නේ නෑ. ඒ නිසා හොඳයි හැබැයි මියුසික් කරද්දි නම් හරියට කරන්නේ නැති උනහම තරහා යනවා”

උඹලත් එකයි මට දේශපාලකයොත් එකයි... වැඩි ගණන් අය කරන ගායක ගායිකාවන්ට විරාජ් කියපු කතාව

විරාජ් පෙරේරා කියන්නේ ලංකාවම දන්න කියන හැමෝම ආදරය කරන ගායකයෙක්.

ඔහු ගායනා කළ ගීතවලට බොහෝ දෙනෙක් දක්වන්නේ ඉතාමත් විශාල ප්‍රියතාවයක්.

ඉතින් මෙහෙම හැමෝම ආදරය කරන විරාජ් එයාගේ ෆේස්බුක් ගිනුමේ අපූරූ සටහනක් තබා තිබුණා.

ඒ විශාල මුදලක් අය කරන ගායක ගායිකාවන් ගැන.

පසුගියදා සමාජ ජාලා තුළ කතාබහට ලක්වුණ සිදුවීමක් අලලා මේ සටහන ලියා තිබුණ බවටයි බොහෝ දෙනෙක් මත පල කරලා නම් තිබෙන්නේ.

ඉතින් මේ සටහනට හොඳ සහ නරක ප්‍රතිචාර බොහෝ ලැබෙනවා.

“ලක්ෂ ගනනක් අය කරන අලුත් සහ පරන ගායක ගායිකාවන්ට උපහාරයක්ම වේවා…media වලින් කියන්නේ අපේ රසිකයන්ට පන වගේ ආදරෙයිලු. මං දැන් අවුරුදු 14ක් තිස්සේ සංගීත ක්ශේත්‍රයේ සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙසටත් පද රචකයෙක් ඒ වාගේම ගායන ශිල්පියෙක් ලෙසටත් කටයුතු කරනව … මං නිර්මානය කරපු ගීත වගේම ගායනා කරන ඉතාමත් ප්‍රසිද්ධ ගීත 40ක් 50ක් මටම තියෙනව..ඒක ඔයාලත් දන්නවා.. මටත් පුලුවන් මට දැනට තියෙන ගීත වල වටිනාකමත් එක්ක ලක්ෂ 3කට 4කට ප්‍රසංග බාරගන්න… ඒත් මං කවදාවත් එහෙම කලේ නැහැ… මං කිසිම දවසක ප්‍රසංග වල ගීත ගායනා කරල සල්ලි ගනන් කරන්නෙත් නෑ…මං ගීත ගයන්නෙ ඔයාලගෙ සතුට වෙනුවෙන්…. ගොඩක් අය මට කියනව විරාජ් ඔයා දැන් ලක්ෂ 2ක්වත් අවම ගන්න ඕන කෙනෙක් කියල…

එක අතකින් බලද්දි ඒක ඇත්ත..අලුතින් ආපු ළමයි වගේ පරන අයත් ගොඩක් දැන් ලොකු මුදල් ඉල්ලනව sing කරන්න…ඒ අස්සෙ මම ඇයි මෙච්චර ගීත තියාගෙන අඩු මුදලකට ගීත ගායනා කරන්නේ ඒකට හේතුව තමයි පුතේ සල්ලි පෙරේතකමින් music කළොත් ආත්මය තුල වැඩිපුර ආසාව ඇතිවෙන්නේ මුදල් වලට… වැඩිපුර පෙරේතකම ඇතිවෙන්නේත් මුදල් වලට.. සමහර විට ඒ පෙරේතකම නිසාම ලබන ආත්මයේ සල්ලි හිඟාකන මනුස්සයෙක් වෙලා ඉපදෙන්න බැරි නැහැ…පරිස්සමෙන් ලබන ආත්මයෙත් ගායන ශිල්පියෙක්ම වෙන්න මං උත්සහ කරනව මුදල් පෙරේතකම පැත්තකට දාලා….මුදල් වලට නෙමේ අපේ සිංදු වලට ආදරේ කරන මිනිස්සුන්ට ආදරේ කරන්න මුලින්ම… junior artist ලට වගේම senior,ලොකු මුදලු මිනිස්සුන්ගෙන් ඉල්ලන ලොකු ලයින් අල්ලන artist ලට මේ කියන්නේ …

උඹලත් එකයි මට දේශපාලකයොත් එකයි…පන දෙන්න media වල කථාව නම්…මගේ රසිකයොන්ට මං ආදරෙයි ලු…ආදරෙයි නම් පලයව් දුප්පත් මිනිස්සුන්ට දරන්න පුලුවන් මුදලකට…සක්කිලි වගේ උන්ගෙ දුප්පත් කමටම කෙලවන්න හදන්නෙ නැතුව දේශපාලකයෝ වගේ…ඒ වගේ ලොකු ලයින් අල්ලන උන්ව ගෙන්නනවටත් උඹලට හොදම වැඩේ…අඩුම තරමේ හරියට සමහර එවුන්ට සිංදු කියන්නත් බැහැ…එහෙම එවුන්ටත් ලක්ෂ ගනන් ගෙවල ප්‍රසංග වලට ගෙන්නන තරම් මොලයක් නැහැ කියන්නෙ ඉතිං කථා කරලත් වැඩක් නැහැ මං ඕව ගැන… තේරුම් ගනිල්ලා ලොකු මුදල් ඉල්ලන එකෙක්වත් උඹලට ආදරේ නැහැ සල්ලි වලටයි ආදරේ “

ඇලට වැටුණ අවුරුදු දෙකක දරුවෙක් ගිලී මිය යයි… සැඩ පහරට කිලෝ මීටර 2ක් ගහගෙන ගිහින්!

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ දී ඊයේ (26) දහවල් ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙකක් පමණ ජලයේ සැඩ පහරට ගසාගෙන ගොස් දියේ ගිලී   මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද ජයවික්‍රමගම මහවැලි සිංහපුර අංක, 27 ලිපිනයේ පදිංචිව සිටි අවුරුදු දෙකක් වයසති    ඒකනායක මුදියන්සේලාගේ ඉසුරු ජයනාත් බණ්ඩාර නැමැති දරුවෙකි.

මව අවුරුදු උත්සවයක් නැරඹීම සඳහා, මෙම දරුවා වැඩිමහල් දියණියට භාරදී ගිය අවස්ථාවේදී දරුවා නිවස පිටුපස තිබෙන කෙත්තලට වැටී මෙම අනතුරු සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පෞද්ගලික වී මෝලක සේවයකයකු දරුවෙකු ගසාගෙන යන අයුරු දැක පිරිසක් එක්ව එම දරුවා ගොඩ ගෙන හදිසි ගිලන් රථ සේවය මගින් වැලිකන්ද රෝහලට ඇතුළත් කොට තිබේ.

එම දරුවා වැලිකන්ද රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිට ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දරුවාගේ සිරුර පොළොන්නරුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්ත රත්නායක අප කළ විමසීමකදී සඳහන් කළේය.

දරුවා අනතුරට පත්වන මොහොතේ ඔහුගේ පියා ගෙවත්ත පිටුපස ගව ගාලට ගොස් ඇති අතර වැඩිමල් සොයුරිය මුළුතැන් ගෙයි වැඩකරමින් සිට ඇති බව ඒ පිළිබඳ මරණ පරීක්ෂණය සිදුකෙරු වැලිකන්ද හදිසි මරණ පරීක්ෂක වයි.එම්.එස්. බණ්ඩාර සඳහන් කළේය.

සිද්ධිය පිළිබඳ පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද  සිල්වාගේ උපදෙස් මත වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියයි

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවැති තරගය ජයග්‍රහණය කිරීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 261ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් තුළ ලකුණු 261ක ඉලක්කය පසු කරමින් සුපිරි ජයක් වාර්තා කිරීමට සමත් විය.

පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට ආරම්භක පිතිකරු ජොනී බෙයාස්ටෝ සහ ප්‍රබ්සිම්රාන් සිංට හැකි වු අතර ජොනී බෙයාස්ටෝ ලකුණු 108ක් ලබාගැනීමට සමත් විය.

මෙම තරගයේදී කණ්ඩායම් දෙකේම ආරම්භක පිතිකරුවන් ලකුණු 50 සීමාව පසු කළ අතර එය ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ආරම්භක පිතිකරුවන් සිව් දෙනාම ලකුණු 50 සීමාව පසු කළ පළමු වතාව වේ.

උතුරේ අලි ජංජාලයක්! වවුනියා විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයට මහ රෑ ග්‍රීස් යකෙක් රිංගලා! සිසුවියෝ බය බිරාන්ත වෙලා! CCTV එකෙත් ග්‍රීස් යකා ඉන්නවා!

වවුනියාව විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයට මැදියම් රැයේදී අඩ නිරුවතින් පුද්ගලයෙකු ඇතුලුවීමත් සමගම බියට පත් වූ කාන්තා නේවාසිකාගාරයේ ශිෂ්‍යාවන් එම නේවාසිකාගාරයෙන් ඉවත් වී පෙරේදා (25 ) නිවෙස්වලට ගොස් තිබේ.

ශබ්දයක් ඇසී එක් ශිෂ්‍යාවක් අවදී වී නේවාසිකාගාරයේ විදුලි පහන් දැල්වූ අවස්ථාවේදී කුඩා යට අදුමකින් පමණක් සැරසී සිටි එම පුද්ගලයා කාන්තා නේවාසිකාගාරයෙන් පලාගොස් තිබේ.

එම පුද්ගලයා නේවාසිකාගාරයේ සිටි ශිෂ්‍යාවන් කිහිප දෙනකු විසින්ම දැක ඇති අතර උදෑසන විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පරීක්ෂා කරන විට කිසියම් පුද්ගලයකදු අඩනිරුවතින් නේවාසිකාගාරයට ඇතුළු වන දර්ශන සටහන්ව තිබී ඇත.

දවස් පහක් වතුර බිබී ඇලක් දිගේ ජීවිතය සොයා ආ ඔහුට ඇත්තටම වුණේ මොකද්ද..? වුණ දේ වත් හරිහැටි මතක නැති දිනේෂ් ගැන ඇහෙන කතාව මෙන්න

ඔහුට කවදාවත් තමගේ ජීවිතය නැති කරගන්න කැමැත්තක් තියෙන්නට නැතුව ඇති..

දවස් පහක් තිස්සේ ඔහු ගෙවූ ඒ දුශ්කර කාලය ගැන කියනකොටම සිහිපත් වන්නේ එපමණයි..

සිදුවුණේ මොකද්ද..? කරන්න ඕන මොකද්ද කියන්න වත් හරියට තේරුමක් නොතිබුණ ඔහු දැන් වෙද්දි පොලීසිය භාරයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා..

ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන්ව සිටි තරුණයා වතු කම්කරුවන් පිරිසක් විසින් පෙරේදා පස්වරුවේ දැක තිබූ අතර, එම තරුණයාව නල්ලතන්නිය පොලිසිය වෙත භාරදී තිබුණා..

අදාල පුද්ගලයා නල්ලතන්නිය පොලිස් වසමට අයත් වතුයායක ශ්‍රී පාද රක්ෂිතයට මායිම්ව ඇළ මාර්ගයක් අසල කිසියම් පුද්ගලයෙකු වැටී සිටින බවට එම වතුයායේ වතු කම්කරුවන් විසින් කල්ලතන්නිය පොලිසිය වෙත කරන ලද දැනුම්දී තිබුණා...

ඔහු මුණගැසෙන විටත්, ඔහුට නිසි ආකාරයෙන් සිහියක් නොතිබුණු අතර දින ගණනාවක් නිරාහාරව සිටි එම තරුණයාව, පසුව මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබුණා...

කෙසේ වෙතත්, අදාල සිද්ධිය වූ පසු සිදු වූ දේ පිළිබඳව කිසිදු මතකයක් නොමැති බවත්, තමන්ට සිහි කල්පනාව පැමිණෙන විට තමන් ඇළ මාර්ගයක් අසල වැටී සිටි බවත් ඔහු පවසා තිබුණා..

පසුව එම ඇළ මාර්ගය දිගේ දින පහක් තිස්සේ පහළට සෙමින් බැස පැමිණි බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.. රාත්‍රී කාලයේ තමන් එම රක්ෂිතයේ තිබූ ගල් ගුහා වල කාලය ගත කළ බවත්, එම දින කිහිපය තුළ තමන් ජලය පමණක් පානය කරමින් කුසගින්න නිවාගත් අතරම, තමන්ගේ පාදයේ සුළු තුවාල කිහිපයක් ඇති බවත්, වෙනත් බරපතළ තත්ත්වයේ කිසිදු ආබාධයක් නැති බවත් පැවසුවා..

මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු එම තරුණයාව දික්ඛය මුලික රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගැනුනා.. අතුරුදන් වූ තරුණයා සොයා ලක්ෂපාත යුද හමුදා කඳවුරේ හට පිරිස්, නල්ලතන්නිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්, ශ්‍රී පාද උඩ මළුවේ සහ නල්ලතන්නිය පොලිසියේ නිලධාරීන් එක්ව ඉතා අවදානම් මෙහෙයුමක් පසුගිය දිනවල දියත් කර තිබුණා..

ඉකුත් 19 දා හම්බන්තොට සූරිය වැව ප්‍රදේශයේ සිට කාන්තාවන් දෙදෙනකු ඇතුළු නඩයක් සමඟ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි දිනේෂ හේවන්ත නමැති 33 හැවිරිදි තරුණයා ශ්‍රී පාද පද්මය වන්දනා කර ශ්‍රී පාද රත්නපුර මාර්ගයේ මඳ දුරක් ගොස් උඩ මළුවේ ආරක්ෂිත වැටෙන් පහළට පනිත අයුරු ශ්‍රී පාද උඩ මළුවේ සවි කර තිබූ ආරක්ෂිත කැමරාවේ දක්ක පද්ධතියේ සටහන් වී තිබුණා..

කෙසේ වෙතත් මේ වන විට ඒ තරුණයා සුව අතට පත්වෙමින් පවතින අතර, විජලන තත්වයට පත්ව සිටි ඔහු මස්කෙළිය රෝහලෙන් දික්ඔය රෝහලට ඇතුළත් කර තිබුණා.. 

"මමත් බිරිඳත් තවමත් ඇඳ යට" අනියම් ප්‍රේමයේ සොඳුරු බව විඳින්න ගොස් සැනෙන් අඳුරු කරගත් යුවලක්!

මගේ ප්‍රිය බිරිදට රැකියාවට යන බැව් පවසා ගෙදරින් නික්මුනෙමි..

ඒත් මා ඇත්තටම ගියේ බිරිඳගේ හොඳම යෙහෙලියගේ නිවසටයි... ඇයගේ සැමියා හමුදා නිලධාරියෙකි.. ඔහු ගෙදර එන්නේ කලාතුරකින් බැව් මා දැන සිටියෙමි..

ඇයත් සමග අනඟ රැඟුම් පටන් ගන්නවාත් සමගම ගෙදර සීනුව නාදවූයෙන් අප බොහෝ සෙයින් කලබල වුණෙමු...
කටහඬින් ඈ අමතද්දී ඒ ඇගේ සැමියා බැව් අප සැකහැර දැනගතිමු...

මම හැකි ඉක්මනින් මගේ ඇඳුම්ද රැගෙන ඇගේ ඇඳ යටට රිංගුවෙමි..
ටික වේලාවක් ආගිය තොරතුරු කතා කරමින් සිට ඇයගේ සැමියා ඇයට මුදල්දී ගෙදරට අවශ්‍ය බඩු බාහිරද ඇයට අවශය ඇඳුම්ද ගන්න යැයි පවසා ඇයව නගරයට පිටත් කලේය..
දැන් නිවසේ සිටින්නේ හමුදා නිලධාරියා හා මා පමණි...

ටිකකින් ඔහු දුරකථන ඇමතුමක් දී කිසිවෙක්ට නිවසට ආරාධනා කලේය.. ඒ ගැහැණියකැයි මා සැකහැර දැනගත්තේ " වයිෆ් ටවුන් ගියා එයා එන්න සෑහෙන වෙලා යයි බය නැතුව එන්න " කියූ පසුවය...

ටිකකින් කාන්තාවක් කාමරයට පැමිණ ඉතා ආදරණීය බසින් හිමින් මුමුණමින් , සිපගනිමින් සිනාසෙමින් සිටින අතර ආයෙත් නිවසේ සීනුව නාද විය...
ටවුමෙ හරියට සෙනග ඇදුම් හෙටවත් ගන්නවා කියමින් ඔහුගේ බිරිද ගෙට ඇතුලු වනවා ඇසුන සැනින් අර කාන්තාවද බාගෙට උනා දමා තිබූ රෙදිද රැගෙන ඇද යටට රිංගුවේය....

ඔවුන් දෙදෙනා නැවත ආගිය තොරතුරු කතා කිරීමට පටන් ගත් අතර
මායි මගේ බිරිදයි කරකියාගත හැකි දෙයක් නොමැතිව හා පැටව් දෙන්නෙක් මෙන් මූණට මූණ බලාගෙන තාමත් ඇද යටය ...

( අප්‍රිකානු ජන කතාවක් ඇසුරෙන් )

16 හැවිරිදි දැරියක්ව ස්පා එකකට විකුණලා... රැකියාවක් දෙන බව පවසා කොළඹට ගෙන්න ගෙන...හිමිකරු දැරිය සමග පළමුව ලිංගිකව එක්වෙලා!

අන්තර්ජාලය ඔස්සේ සැලුන් රැකියාවක් ලබාදෙන බව පවසමින් කොළඹට ගෙන්වාගත් 16 හැවිරිදි දැරියක් සම්බාහන මධ්‍යස්ථානයකට අලෙවි කළ පුද්ගලයකු මිරිහාන මූලස්ථාන පොලිසිය මගින් පසුගිය දා  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම 16 හැවිරිදි මෙම දැරිය ලිංගික සේවනයට යොදාගත් බව කියන තලවතුගොඩ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන කළමනාකරු, ගොඩනැගිල්ලේ හිමිකරු ඇතුළු තිදෙනකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස සම්බාහන මධ්‍යස්ථානයට අලෙවි කර ලිංගික අපයෝජනයට ලක්කර ඇත්තේ මහනුවර වත්තේගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 යි මාස 09ක් වන දැරියක්.

තලවතුගොඩ මාර්ගයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක වයස අවුරුදු 16ක බාලවයස්කාර දැරියක් සේවයේ යොදවා තිබෙන බවට ලැබුනු තොරතුරකට අනුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් සමගින් අදාළ සම්බාහන මධ්‍යස්ථානය පෙරේදා රාත්‍රියේ වැටලීමට ලක් කළා

බාලවයස්කාර තරුණියගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඇය ජොබ්ඇඩ් නමැති ෆේස්බුක් පිටුව ඔස්සේ රැකියාවකට අයැදුම් කළ බවත්, ඒ අනුව රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයකු තමා හා සම්බන්ධ වූ බවත් තමාට සැලුනයක රැකියාවක් ඇතැයි පැවසූ බවත් ඒ අනුව කොළඹට පැමිණි බවත් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

පසුව මෙම පුද්ගලයා අදාළ දැරිය හමුවී තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයට භාරදී තිබෙන බවත්, සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකරු මෙන්ම කළමනාකරු ලෙස කටයුතු කළ 41 හැවිරිදි පුද්ගලයාත්, දැරිය එම ස්ථානයට රැගෙන ආ පුද්ගලයාත් ඇය හා ලිංගිකව හැසිර තිබෙන බවත් අනාවරණය වී ඇති .

අත්අඩංගුවට ගත් සැකකෘවන් නුගේගොඩ මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිසිය භාරයට ගත් බාලවයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ලක්ෂ 80කට ඉඩම විකුණන්න කතා කරගෙන බ්‍රෝකර් ලක්ෂ 3ක ඇඩ්වාන්ස් එකකුත් අරන්! ඉඩම හිමිකාර කාන්තාව ඉඩම ලක්ෂ 60ට දෙන්නම් කියලා! යකා නැග්ග බ්‍රෝකර් ඉඩම හිමිකාර කාන්තාවට පෙට්‍රල් දමා ගිනි තියලා ගමෙන් පැනලා!

හොරණ වීදියගොඩ ප්‍රදේශයේ නිවසක තනිව සිටි කාන්තාවකගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.

එම කාන්තාවගේ නිවසේ අසල්වැසි පුද්ගලයෙකු විසින් මෙම අපරාධය සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.

අදාළ සැකකරු එම නිවසට ඇතුළුවන ආකාරයත් ඉන් පිටව යන ආකාරයත් නිවසේ සවිකර තිබූ CCTV කැමරාවේ පටිගතව ඇත.

ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව සැකකාර පුද්ගලයා මෙම ගිනිතැබීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.

මොරගහහේන පොලිසිය පවසන පරිදි, කලකට පෙර රුපියල් ලක්ෂ 60කට විකිණීමට තීරණය කර තිබූ සැකකරු සතු ඉඩමක්  පසුව රුපියල් ලක්ෂ 80කට විකිණීම සඳහා ගැණුම්කරුවෙකු සොයාගැනීමට ඔහුට හැකිවී තිබේ.

ඒ අනුව අදාළ ගැණුම්කරු රුපියල් ලක්ෂ 3ක අත්තිකාරම් මුදලක් ඉඩම අයිති සැකකරුට ලබාදී තිබුණේ ඉඩම මිලදී ගැනීම ස්ථීර කරමිනි.

පසුව අසල්වැසි කාන්තාව ගැණුම්කරුට පවසා ඇත්තේ ඔහු රුපියල් ලක්ෂ අසූවකට මිලදීගැනීමට සූදානම් වන්නේ රුපියල් ලක්ෂ 60කට අලෙවිකිරීමට සැලසුම්කර තිබූ ඉඩමක් බවය.

ඉන් උරණ වූ ගැණුම්කරු ඉඩම් හිමියා හමුවී ඔහුට දෝශාරෝපණය කර ඉඩම වෙනුවෙන් ලබාදුන් අත්තිකාරම් මුදලද යළි ලබාගෙන තිබේ.

මෙම සිදුවීමෙන් කෝපයට පත් ඉඩම් බ්‍රෝකර්කරු මෙලෙස කාත්තාවගේ නිවසට පැමිණ අනතුර සිදුකර ඇති බව වාර්තා වෙයි.


සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාශ විශේෂ විමර්ශන ඒකකය සහ මොරගහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

“සන්නත් එක්ක මට පර්සනල් ඇරියස් එකක් නැහැ... හැබැයි ලොකු කැමැත්තකුත් නැහැ” – සන්නව කොර කරපු ඉරාජ් කියපු අමුතු කතාව (VIDEO)

වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් වූ හිටපු ජනප්‍රිය උපකාරක පංති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතා බහක් ඇති වී තිබෙනවා.

ඔහු විසින් මුල්‍ය වංචාවක් සිදු කර ඇති බවට ඉරාජ් විසින් සිය යූටියුබ් නාළිකාවේ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කළා.

එම වීඩියෝවේ නුවන් ප්‍රදීප් නමැති පුද්ගලයෙක් අදහස් දක්වමින් සඳහන් කළේ රුපියල් ලක්ෂ 10ක් සන්නස්ගල ලබා දුන් ගිණුමට බැර කළ බවයි.

මේ සම්බන්ධයෙන් කතිකාවතක් ඇති වී තිබෙන මෙවැනි මොහොතක ඒ පිළිබඳව කතා කිරීමට අපි ඒ සඳහා සුදුසුම පුද්ගලයෙකුට ආරාධනා කළා.

ඒ ඒෂියන් මිරර් “අලුත් පාර” වැඩසටහනටයි.

ඒ සඳහා සුදුසුම පුද්ගලයා ජනප්‍රිය ගායන ශිල්පී ඉරාජ් වීරරත්නයි.

ඔහු ජනප්‍රිය සිංහල ගුරු සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා.

එම සම්පුර්ණ වීඩියෝව පහතින්,

උමා ඔයේ විදුලි ජනන යන්ත්‍ර දෙකට අපි දෙන්නාගේ නම් දැම්මාම කකුල් වෙව්ලන්න පටන් ගත්තා - ටර්බයින් දෙකක ලියැවුන කාන්තාවන්ගේ කතාව!

ඉරාන ජනාධිපතිවරයා අතින් ඊයේ විවෘත කරන්නට යෙදුණු උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ මෙගාවොට් 60 බැගින් වූ විදුලි ජනන යන්ත්‍ර දෙක සඳහා ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු නමින් නම් කර තිබේ. මෙය සිදුකර ඇත්තේ එම වැඩ සිදු කළ සමාගමයි.

දසුනි හා චුලෝචනා යන දෙන්නාට උපහාර පිණිස මෙම ටර්බයින නම් කිරීම පසුපස කථාව

 මේ වන විට ලයිසියම් ජාත්‍යන්තර පාසලේ කුරුණෑගල ශාඛාවේ ගුරුවරියක් හැටියට සේවය කරනු ලබන දසුනි සචින්ද්‍රා ලුවිස් මහත්මිය මෙසේ පැහැදිලි කළාය.

“උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ටර්බයිම (ව්දුලි ජනන යන්ත්‍ර)අංශයේව්‍යපෘති ලේකම් ලෙස වසර හයසේවය කළ මගේ නමත් මට සහය දැක්වූ චුලෝචනා නංගීගේ නමත් ටර්බයිම දෙකට දැම්මා කියන ආරංචියත් සමග අපේ දෙන්නාගේ කකුල් වෙව්ලන්න පටන් ගත්තා“

උමා ඔය ව්‍යපෘතිය ජනතා අයිතියට පත් කළ ඊයේ දිනයේ දසුනිගේ නමත් චුලෝචනාගේ නමත් ඇතැමුන් නිතර කියවමින් ඒ දෙදෙනා ගැන විපරමි කළත් එම දෙදෙනා නෙත නොගැටුණේ ඔවුන් වැඩ බිමට සමුදී වෙනත් රැකියාවලට ගොස් සිටි නිසාය.කෙසේ වෙතත් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචියට ගොස් සිටින දසුනිව දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට හැකිවීමත් සමග ටර්බයිම දෙකට නම් දැමීමේ සත්‍ය කතාව දැන ගැනීමට හැකිවිය.දසුනි සචින්ද්‍ර ලුවිස් මහත්මිය මෙසේ පැවසුවාය.

අද දවසේ උමා ඔයේ ටර්බයිම දෙකට තේ හදපු කෙල්ලෝ දෙන්නෙක්ගේ නම් දාලා කියලා සමාජ මාධ්‍යයෙන් සහ ප්‍රවෘත්ති වලින් ප්‍රචාරය වුණා. ඒක මහා බොරුවක්. අපි දෙන්නාට ඒක නිසා අවමානයක් සිදු වුණා. මම උමා ඔයේ ටර්බයින් අංශයේ ව්‍යපෘති ලේකම් චුලෝචනා නංගී කාර්යාලයේ සේවය කළ නිලධාරිනියක්. අපි දෙන්නා ටර්බයිම අංශයේ සේවය කරද්දී ඉරානයේ ඉංජිනේරුවන් සමග සුහදව වැඩ කළා. උපරිමයෙන් හා කැපවීමෙන් උමග ඇතුළේත් කාර්යාලයේත් සේවය කළා.

කාලයක් යද්දී ඒ රටේ ඉංජිනේරුවන් සහ නිලධාරීන් කිවුවා අපි දෙන්නාගේ නම් දෙක ටර්බයිම දෙකට දානවා කීවා. අපි විහිළු කරන්න එපා කියලාත් කිවුවා. මෙතන වැඩ කරන්න හිටපු කාන්තාවන් දෙන්නත් අපි දෙන්නා විතරයි. මෙවැනි දැවැන්ත විදේශීය රටකින් කරගෙන යන ව්‍යපෘතියකට අපේ නමක් දානවා කියන්නේ හීනයක්. අපි දෙන්නා නිතර මේ විහිළුව ගැන කතා කළා. ඇතැම් අවස්ථාවල දී සමහර ඉංජිනේරුවන් කිවුවා ටර්බයිම හයිකරද්දී ළඟයින්ම වැඩ කරන ගෑනු අයගේ නම් දාන කතාවකුත් කිවුවා. ඒත් අපිට විහිළුවක් විතරයි.

අනේ දවසක් ඇත්තටම අපි දෙන්නගේ නම් දෙක ටර්බයිම දෙකට දාලා අපිට පෙන්නුවා ඒ වෙලාවේ කකුල් වෙව්ලලා අපිට ක්ලාන්තය වගේ හැදුනා.

අපිට හිතා ගන්නා බෑ. හිතේ තිබුණ හීනය අපිට සැබෑ වුණා. ජීවිතයේ ලබන්න තිබුණ ලොකුම සතුට අපි එදා ලැබුවා. ඇත්තටම මමත් චුලෝචනාත් අපිට ලැබුණ රැකියාව අවංකවම හා උපරිමෙන් කළා. හිතේ තිබුණා ශක්තියත් සමග උමගක් ඇතුළේ අපි වැඩ කළා. අපි කළ කැපවීමට ඒ රටේ අය අපේ නම් දෙක පවා ටර්බයිමයට දැම්මා. නමුත් අද ඊයේ අපිට එතනට යන්නවත් අපේ අය අවස්ථාව දන්නේ නෑ. ඒ කියන්නේ ආරාධනාවක් නෑ.ඇත්තටම විවෘත කළ දවසේ අපි යන්න ආසාවෙන් හිටියා. අපිට ඒක මග හැරුණා. අපේ රටේ හැටි එහෙම වෙන්න ඇති.

2016 වසරේදී තමයි මම රැකියාවට ගියේ. අපි දෙන්නාම වසර හයක් එක දිගට වැඩ කළා. 2022දී උමග මැදින් ගලා ආ ජල දහරාවක් නතර වෙන්නේ නැති නිසා වසරක කාලයක් වැඩ නතර කළා. මම වැල්ලවාය කරඳගොල්ලේ පදිංචිකාරිනියක් වුණත් ස්වාමියා හා දරුවා සමග කුරුණෑගලට ආවා. මම දැන් ජාත්‍යන්තර පාසලක ගුරුවරියක ලෙස සේවය කරනවා. චුලෝචානා නංගී ගැන ආරංචියක් නෑ.

කෙසේ වෙතත් අද උමා ඔය විවෘත කළා කීවාම මට ලොකු සතුටක් දැනුණා යැයි ඇය පැවසීය.

චුලෝචනා සංජීවනී මෙසේ පැවසුවාය.

“මම ජීවිතේ ලබන්න ඕනෑ සතුට ලැබුවා. වෙල්ලස්සේ ඉපදිලා සුළු රුකියාවක් කළ මටත් දසුනි අක්කාටත් මේ වගේ ගෞරවයක් විදේශීය රටකින් ලැබෙයි කියලා අපි දෙන්නා හීනයකින්වත් හිතුවේ නෑ. මම 2017 දී උමා ඔය ව්‍යාපෘතියේ ටර්බයින් අංශයේ වැඩ කළා. ඒමී හිටපු ඉංජිනේරුවරුන් අපි දෙන්නාගේ නම් දෙක ටර්බයින් දෙකට දානවා කීවා. අපි හිතුවේ විහිළුවක් කියලා. බලද්දී නම් දෙක දාලා. අපිට තාම ඒක හීනයක්. මට හිතා ගන්නවත් බෑ.

ඉරාන ජනාධිපතිටත් අපේ රටේ ජනාධිපතිතුමාටත් මම ස්තූති කරනවා අපි දෙන්නාට දුන්න ගෞරවය ගැන. ඊයේ උමා ඔය විවෘත කළා, අපිට යන්න බැරි වුණා. ඒත් මට ඉතාම සතුටුයි."

(ප්‍රසන්න පත්මසිරි)