gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආපදාවෙන් ගොඩ එන්න උපදෙස් දෙන්න රනිල් සූදානම්…!

රටේ පවතින ආපදා තත්ත්වය හමුවේ වත්මන් රජයට අවශ්‍ය නම් උපදෙස් ලබා දීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල පවසයි.

ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී මහ ලේකම්වරිය මේ බව ප්‍රකාශ කළාය.

රනිල් වික්‍රමසිංහ මහතා සතු ජාත්‍යන්තර සබඳතා සහ දශක පහක දේශපාලන පළපුරුද්ද ආපදා කළමනාකරණයට අත්‍යවශ්‍ය බව අවධාරණය කළ මහ ලේකම්වරිය, ආණ්ඩුව ඉල්ලා සිටින්නේ නම් පමණක් මෙම සහාය ලබා දෙන බව අවධාරණය කළාය.

සිය නායකයාගෙන් ලද ශික්ෂණය ඇසුරින් ආණ්ඩුවට උදව් කිරීමට තමන් සූදානම් වුව ද ඒ සඳහා රජයේ කිසිදු තනතුරක් භාර නොගන්නා බව ද ප්‍රකාශ කළාය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka