gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රජයේ සේවකයෝ දාහතර දහසක් හෙට (4) ලෙඩ ඇඳේ !

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් දීප ව්‍යාප්ත හා සමාන්තර සේවා දහහතක කාර්ය මණ්ඩල සාමාජිකාවන් දාහතර දහසක් හෙට (04 වැනිදා) අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැළෙති.
රජයේ අයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය, රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවා සංගමය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව, රජයේ විද්‍යාත්මක නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවය වෘත්තීය සංගම් එකමුතුව, රාජ්‍ය වාස්තු විද්‍යාඥයන්ගේ සංගමය, සමස්ත ලංකා ගුරු අධ්‍යාපන සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා කාර්මික අධ්‍යාපන සේවයේ වෘත්තීය සංගම් එකමුතුව, දේශීය ආදායම් වෘත්තීය සමිති එකමුතුව සහ සංඛ්‍යා ලේඛකවරුන්ගේ සංගමය යන වෘත්තීය සංගම් ඒකාබද්ධව පිහිටුවාගෙන ඇති රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය මෙහෙයවයි.

විධායක සේවාවන් නොසලකා හරිමින් නීතිපති සහ නීති කෙටුම්පත් සම්පාදක යන දෙපාර්තමේන්තුවල සහ අධිකරණ සේවාවට අයත් විධායක නිලධාරීන්ගේ පමණක් වැටුප් හා දීමනා ඉහළ දමා ඇතැයි ද ඒ නිසා සෙසු සේවාවන්හි බරපතළ වැටුප් විෂමතාවක් නිර්මාණය කර ඇතැයි ද එම ඒකාබද්ධ කමිටුව පවසයි.

තමන්ට සිදු වී ඇති අසාධාරණයට විසඳුමක් දෙන ලෙස බල කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව ද එම කමිටුව ප්‍රකාශ කරයි.
නිලන්ත මදුරාවල
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka