gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුඩා සාමණේර හිමියන් දෙදෙනෙකුට පහරදුන් "උටියා" කොටුවෙයි - (video)

කුඩා සාමණේර හිමියන් දෙනමකට එක්තරා පුද්ගලයෙක් විසින් අමානුෂීය ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනාගේ අවධානයට ලක්වුනා. ඒ අනුව අදාල පහරදීම සිදුකළ බවට සැකකරන පුද්ගලයා ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

ඒ සම්බන්ධයනේ අදහස් දක්වමින්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ අදාළ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙලෙස සාමණේර හිමියන් දෙනමට පහර දී ඇත්තේ ගම්මැද්දේ චමින්ද ගලබොඩ නොහොත් උටියා නම් නමැති අයෙකු බවද පොලිසිය සඳහන් කරන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් හා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග හොරොව්පතාන පොලිසිය විසින් සැකකරුව හඳුනා ගෙන ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

එම පුද්ගලයා විසින් අදාළ සාමණේර හිමියන් විසියන් යම් කිසි දෙයක් සොරකම් කළ බව පවසමින් මෙම පහරදීම සිදුකරන බව අදාල වීඩියෝවෙහි දැක්වෙන  අතර එහිදී ඒ අසල සිටි පුද්ගලයෙකු මෙම පහරදීම වීඩියෝ කර සමාජ මාධ්‍ය ජාල වෙත යොමුකර තිබුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka