gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ කොල්ලෙක් විනාඩි 57කින් රිවස්ටන් ලෝකාන්තය බැස ලෝක වාර්තාවත් තියයි

විසි වසරක් තිස්සේ සිට ලෝකානතය ඇතුඵ ශ්‍රී ලංකාවේ කඳු හෙල් බසිමින් වාර්තා කිහිපයක් තබා තිබෙන කොස්ගොඩ නිලන්ත ද සොයිසා විනාඩි 57 කින් මාතලේ රිවස්ටන්  ලෝකාන්තය බසිමින් ලෝක වාර්තාවක් තැබීමට සමත් විය.


ඔහු 09දා පෙරවරු 09 යි මිනිත්තු 09 යි තත්පර 09 ට මාතලේ රිවස්ටන්  ලෝකාන්තය බසිමින් මෙම වාර්තාව තැබීමට සමත් විය. මාතලේ රිවස්ටන්  ලෝකාන්තය මීට පෙර පැය 01 යි විනාඩි 23 කින් බසිමින් තබන ලද වාර්තාව නිලන්ත ද සොයිසා විසින් බිද හෙලන ලදී.

‘එක් ධජයක්, සාමයෙන් පිරි රටක්’ යන්න තේමාව කර ගනිමින් මෙවර මෙම තරගයට ඉදිරිපත් වූ මොහු මීට පෙර නුවරඑළිය ලෝකාන්තය, මතුගම පාහියන්ගල, බදුල්ල පස්සර පුංචි ලෝකාන්තය, බඹරකන්ද දිය ඇල්ල, දියලුම දිය ඇල්ල, නුවරඑළිය කොතලාගල සහ මාතලේ රිවස්ටන් පුංචි ලෝකාන්තය ආදිය මීට පෙරදී අඩු කාලයකින් බැස ලෝක වාර්තා තබා තිබේ.

බළපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන මොහු කොස්ගොඩ හෑගල්ල මහා විද්‍යාලයෙන් හා අම්බලන්ගොඩ ධර්මාශෝක මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. උසස් පෙළ වාණිජ විෂය ධාරාව හදාරමින් සිටිය දී මීට වසර විස්සකට ඉහත දී ලෝකාන්තය පැයක් වැනි කාලයක දී බසිමින් ලෝකාන්තය බසින ලද ප්‍රථම පාසල් සිසුවා හැටියටත් එය බසින ලද දෙවන ශ්‍රී ලාංකිකයා වෙමින් ක්‍රීඩා ලොවේ වාර්තා තබා තිබේ.

2009 වසරේ අප්‍රේල් මාසයේ දී ජනාධිපති බාලදක්ෂයන් නව දෙනෙක් සමඟ දින විසිහතක් තුළදී ලොව උසම එවරස්ට් කඳු වැටිය තරණය කළ කණ්ඩායමේ නායකත්වය දැරුවේද නිලන්ත ද සොයිසාය.

– ජයකාන්ත ලියනගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka