gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගුරුසිංහ කොරහත් බිඳන් ඕස්ට්‍රේලියාවට ගිහින් !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පිහිටි ක්‍රිකට් අධි තාක්ෂණික මද්‍යස්ථානයේ භාරව එහි කළමනාකරු ලෙස සේවය කළ අසංක ගුරුසිංහගේ සේවා කාලය දිගු නොකළ බැවින් ඔහු පසුගියදා ආපසු ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇත.


ඔහුගේ සේවා කාලය පසුගිය අගෝස්තු 14 වැනිදා නිමාවට පත්ව තිබියදී තවත් සේවා දිගුවක් ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධව හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පාර්ශවය හා වත්මන් ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාගේ පාර්ශවය අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සති දෙකක් මුළුල්ලේ ගුරුසිංහ බලා සිටියේය.

එහෙත් අවසානයේ සභාපති ෂම්මි සිල්වා ගේ නියෝගයෙන් ඔහුට සේවා දිගුවක් ලබා දීම ප්‍රතික්ෂේප කර තිබිණි.

වසර විස්සක් මුළුල්ලේ ඕස්ට්‍රේලියාවේ සිටි අසංක ගුරුසිංහ ව ක්‍රිකට් පිලේ කළමනාකරු හා තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස පත්කරමින් ඔහුව මුලින්ම මෙහි ගෙන්වා ගත්තේ තිලංග සුමතිපාල මහතාගේ තනි කැමැත්තට බව පැවසේ’

එම අංශ දෙකේදීම අසාර්ථක වූ ගුරුසිංහ පසුව ඛෙත්තාරාමයට මාරු කර එහි පුහුණු අංශයේ ප්‍රධානියා ලෙස පත් කළ ද එහිදී ද ඔහු පුහුණුකරුවන් අතර බලවත් අප්‍රසාදයට පත්ව සිටියේය.

ගුරුසිංහගේ රෙකමදාරුව මත සේවය දීර්ඝ නොකරන ලද පියල් විජේතුංග, රෝහිත පෙරේරා, අජිත් ඒකනායක හා ලංකා ද සිල්වා යන පුහුණුකරුවන්ගේ ඇබෑර්තු තවමත් පුරවා නොමැත.

යන යකා කොරහත් බිඳගෙන ගොස් ඇතැයි ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවෝ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මිරර් සමඟ පැවසූහ.

ඔවුන් එසේ කියා සිටියේ ක්‍රිකට් විධායක සභාවත් එකට කොට ක්‍රිකට් පුහුණු අංශයත් අකර්මන්‍ය කොට ගුරුසිංහ නැවත ඕස්ට්‍රේලියාවට යාම නිසාය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka