gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බෝරාවරුන්ගේ සමුළුවෙන් ලංකාවට කෝටි 900 ක් සල්ලි මල්ලක් !

බෝරා මුස්ලිම්වරුන්ගේ ගෝලීය සමුළුව මේ දිනවල බම්බලපිටිය වෙරළ මාවතේ බෝරා ප‍්‍රධාන පල්ලිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. ඒ අනුව මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම හරහා රුපියල් කෝටි නවසීයකට අධික ආදායමක් දැනටමත් මෙරටට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් සඳහන් කරන්නේ.
මෙරටට පැමිණ සිටින බෝරාවරුන්ගේ ජීවමාන ආගමික නායකයා වන ආචාර්ය සෙයිඩ්නා මුෆද්දල් සයිෆුදීන්තුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව  එළැඹෙන සැප්තැම්බර් 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර ලොව පුරා වෙසෙන බෝරාවරුන් 21,000 කට අධික පිරිසක් මෙම සමුළුව සඳහා මෙරටට පැමිණ තිබෙනවා.

එසේම මෙම සමුළුව අවසාන වීමෙන් පසුව සංචාරක බෝරාවරුන් ගාල්ල,සීගිරිය,බදුල්ල,නුවරඑළිය සහ මහනුවර වැනි ප්‍රදේශ රැසක සංචාරය කිරීමටද සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත් බම්බලපිටිය නගරය කේන්ද්‍ර කර ගනිමින් බෝරා සමුළුව පැවැත්වෙමින් තිබියදී විවිධ කටයුතු සඳහා බම්බලපිටියට පැමිණෙන සහ බම්බලපිටිය හරහා ගමන් කරන පිරිස් දැඩි දුෂ්කරතාවන්ට පත්වූ අවස්ථාවන් පිළිබඳව ද අපට වාර්තා වුනා. සිය කාර්යාල පෙනෙන මානයේ තිබියදී ඒ වෙත යාමට රථවාහන වලින් පැමිණෙන සේවකයින් දැඩි අසීරුතාවන්ට පත්වූ බවයි එහිදී වාර්තා වුණේ.

එසේම යතුරුපැදි මග නවතා කාර්යාලයට යාමට පොලිස් නිලධාරීන් උපදෙස් දුන්නත් එලෙස යතුරු පැදිය නවතා තැබීමට ස්ථානයක්ද නොවු බවයි ඇතැම් පිරිස් චෝදනා කළේ.

බෝරා සමුළුවේ ආරක්ෂාවට බෝරාවරුන් පිරිසක් ද යොදවා සිටින බැවින් භාෂා ගැටළු නිසා ඔවුන් සමග සන්නිවේදනයේදී පොලිස් නිලධාරීන් ද අපහසුතාවයට පත් වූ අවස්ථා ද නෙත් ගොසිප් වෙත වාර්තා වුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka