gossip lanka

මූන්දලම පෙරියපාඩු වෙරළට අභිරහස් උපකරණයක් ගොඩ ගහලා

කිසියම් මුහුදු සීමාවක් සලකුණු කරන ටොන් 5 ක් පමණ බරකින් යුත් බෝයාවකට සමාන උපකරණයක් පෙරේදා (4 දා) සවස මූන්දලම” පෙරියපාඩු වෙරළට ගොඩගසා තිබිණ.


මෙම උපකරණය අඩි දහයකට ආසන්න උසකින් යුතු අතර එහි පහළ කොටස ෆයිබර් හෝ වෙනත් දෙයකින් සකසා ඇති අතර ඉහළ කොටස යකඩවලින් සකසා ඇත’ වෙරළට ගොඩගසා ඇති මෙම උපකරණය මේ දිනවල පවතින අධික මුහුදු රළත් සමග ගසාගෙන එන්නට ඇති බව ධීවරයන් පවසති.

මෙම උපකරණය ආසන්නයේ පිහිටි නාවික හමුදා කඳවුරේ භටයන් කඹ දමා ගොඩට ඇද ගැනීමට උත්සහ කර තිබුණත් අධික බරකින් යුක්තවීම නිසා එය ගොඩ ගැනීමට නොහැකි වී ඇත.

මේ සම්බන්ධව පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පැවසුවේ.

”මේ උපකරණය පිළිබඳව නිවැරැදි තොරතුරු ලබා ගන්න ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයට අදාළ තොරතුරු යවා තිබේනවා’ දැනට මම සැක කරනවා මෙය ජාත්‍යන්තර මුහුදේ සීමාවන් සඳහා යොදපු බෝයාවක් හෝ එසේ නැත්නම් මුහුදේ ඇතිවන තත්ත්වයන් පරීක්ෂා කරන්න යොදපු උපකරණයක් කියලා’ මෙහි බොහෝ විට අධි තාක්ෂණික උපකරණ සවිකරලා තිබෙන්න පුළුවන්’ මේ සම්බන්ධව ඉදිරියේදී කරුණු සොයා බැලීමට කටයුතු කරනවා’’’
gossip lanka