gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාතාලයෝ පොලිසියට වෙඩි තබති - නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ !

අණ නොතකා  ධාවනය කල යතුරු පැදියක් පසුපස හඹා යාමේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තබා තුවාල සිදු කල පුද්ගලයින් තිදෙනෙකු සහ ඔවුන් පැමිණි යතුරුපැදිය සොයා මෙහෙයුමක් ආරම්භ කල බව අකුරැස්ස පොලිසිය පවසයි.


අද (06) අලුයම් කාලයේදී මුර සංචාරයේ යෙදුනු අකුරැස්ස පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු විල්පිට දෙස සිට පැමිණි අංක තහඩු රහිත යතුරුපැදියක් නවත්වන ලෙස සංඥා කර ඇත.

එම අවස්ථාවේදී යතුරුපැදිය පොලිස් අණ නොතකා ධාවනය කර ඇති අතර අකුරැස්ස ඩඩ්ලි සේනානායක ප්‍රදේශයේදී යතුරු පැදියෙන් පැමිණි දෙදෙනාගෙන් පසුපස අසුනේ සිටි පුද්ගලයා විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇත.

එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනාගේම දකුණු පාදයට වෙඩි වැදී තිබේ.පසුව පොලිස් නිලධාරීන් දෙදෙනා මේ බව අකුරැස්ස පොලිස් ස්ථානය දැන්වීමෙන්  අනතුරුව අකුරැස්ස මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුලත් කර ඇත.

පලාගිය සැකකරුවන් සොයා අකුරැස්ස පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකප්‍රේමලාල් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් අකුරැස්ස පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

– දෙනියාය ප්‍රියංක ගමගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka