gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිංගටවත් නැතුව ඉසුරු උදානට විතරක් හිමිවෙන අවස්තාව මෙන්න

දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන ‘මන්සි සුපර් ලීග්’ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ‘පාල් රොක්ස්’ කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී  ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන හට හිමි වී ඇති බව වාර්තා වන අතර ශ්‍රී  ලංකාව නියෝජනය කරමින් එම තරගාවලිය සඳහා සහභාගි වන එකම ක්‍රීඩකයා ඔහු වීමද විශේෂත්වයකි.


කෙසේ වෙතත් ඉසුරු උදාන හට එම අවස්ථාව හිමි වී ඇත්තේ එංගලන්ත වේගපන්දු යවන්නකු වන ඩේවිඩ් විලී වෙනුවට බවද දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දක්වා තිබිණි. තවද පසුගිය දිනවල නිමාවූ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී සහ ශ්‍රී  ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේදී ඉසුරු උදාන දැක්වූ දක්ෂතා පදනම්ව ‘පාල් රොක්ස්’ කණ්ඩායම නියෝජනය කරන එකම විදෙස් ක්‍රීඩකයා ලෙස උදාන තෝරා ගැනීමට පියවර ගත් බවද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබිණි.

තවද මෙවර ‘මන්සි සුපර් ලීග්’ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්තාන වේගපන්දු යවන්නකු වන වහාබ් රියාස්, බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල්, එංගලන්ත ආරම්භක පිතිකරුවන් වන ඇලෙක්ස් හේල්ස් හා ජේසන් රෝයි සහ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ටොම් කරන් යන විදෙස් ක්‍රීඩකයන්ද තෝරාගෙන තිබීම විශේෂත්වයකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka