gossip lanka

මිනී 4ක් ගොඩ ගෙන හිස රැගෙන ගිහින්

කොටගල - වැලින්ටන් ප්‍රදේශයේ සුසානභූමියක මිහිදන්කල මෘත දේහයන් ගොඩ ගෙන හිස කොටස රැගෙන ගොස් ඇති බවට වු සිද්ධියක් සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කල බව හැටන් පොලිසිය පවසනවා.


හැටන් පොලිස් වසමට අයත් හැටන් - කොටගල වැලින්ටන් තේ වත්තේ පොදු සුසානභූමියේ මෘත දේහ තැන්පත් කල වලවල් හතරක් හාරමින් මෘත දේහයන් ගොඩගෙන එම මෘතදේහය වල හිස කොටස රැගෙන ගොස් ඇති බව ප්‍රදේශවාසීන් විසින් පොලිසියට පැමිණිලි කර තිබුනා.

අද පෙරවරුවේ ප්‍රදේශවාසීන් ට මෙම සිද්ධිය දර්ශනය වීමත් සමග පොලිසියට දැනුම් දී තිබෙනවා. ඒ අනුව එකී ස්ථානය පරික්ෂා කරමින් ප්‍රදේශවාසින්ගේ තොරතුරු සටහන්

කරගනිමින් හැටන් පොලිසිය පරික්ෂණ මෙහෙයවමින් සිටිනවා.
gossip lanka