gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩුබායි හි සැඟව සිටි උරගහ මයිකල් ලංකාවට ඇවිත් !

ආර්.පී.ජී.රොකට් විදින ඇතුළු පාකිස්තානයෙන් එවූ අවි ආයුධ යොදා බන්ධනාගාර බස් රථයකට පහරදීමේ පළමු තැත වැරදී ඩුබායිවලට පැනගත් ඌරගහ මයිකල් නමැති පාතාලයේ බව කියන අයකු යළිත් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි බුද්ධි අංශ හෙළිකරගෙන ඇත.


ඩුබායිවල සිටින දකුණේ පාතාලයේ කොස්ගොඩ සුජී විසින් ඔහුගේ ප්‍රතිවිරුද්ධ කල්ලිය වූ කොස්ගොඩ තාරක ඝාතනය කිරීම සඳහා මෙරටට තම සමීපතම සාමාජිකයකු වූ ඌරගහ මයිකල් මීට පෙර ඒවා තිබුණි.

මේ පිළිබඳ බුද්ධි අංශවලට තොරතුරු ලැබී කළ විමර්ශනයකදී පාකිස්තාන මත්කුඩු ජාලය සමග එක්ව කුඩු රැගෙන එන අතරේ ආර්.පී.ජී. අවි දෙකක් හා ටී 56 අවි දහයක් ද ඔවුන් මෙරටට එවා ඇති බවයි.

බන්ධනාගාර බස් රථයක උසාවි ගෙනයන අතරේ කොස්ගොඩ තාරක ඝාතනය කිරීමට කළ සැලසුම හෙළිවීමත් සමග කොස්ගොඩ සුජී විසින් යළිත් මෙම ඌරගහ මයිකල් ඩුබායිවලට ගෙන්වාගෙන තිබිණි.

පාකිස්තාන මත්කුඩු ජාලය සමග එක්ව රැගෙන ආ අවි ආයුධ ප්‍රභූ ඝාතන සැලසුම්වලට යොදාගැනීමේ අවදානමක් ගැන බුද්ධි අංශ මීට පෙර හෙළිකර තිබේ.

යළිත් ඌරගහ මයිකල් ඩුබායි සිට එවා ඇත්තේ කුමන ඉලක්කයක් සඳහාද යන්න පිළිබඳව බුද්ධි අංශ අවධානය යොමුව ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka