gossip lanka

සහරාන්, හේමසිරි හා පූජිත් 1ම නඩුවේ !

පාස්කු ප‍්‍රහාරය එල්ල කිරීමට කුමන්ත‍්‍රණය කිරීම සහ මිනී මැරීම සම්බන්ධයෙන් තව්හිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් නමැත්තා සමඟ හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව එකම නඩුවේ විත්තිකරුවන් වශයෙන් චෝදනා ගොනු කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ කරුණු ඉදිරිපත් කරමින් පවසා ඇත.


පොලිස්පතිවරයාගේ යට ඇඳුම් වලට හැර සෙසු සියළුම වියදම් දරන්නේ මේ රටේ ජනතාවගේ මුදලින් බවත් ඒ අනුව රටේ ජනතාව ආරක්‍ෂා කිරීමේ වගකීම ඔවුන් මත පැටවෙන බවත් පෙන්වා දුන් දිලීප පිරීස් මහතා අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහරාන්ගේ වැටුප් ලැයිස්තුවෙන් වැටුප් ලැබුවාද යන්න පිළිබඳව විමර්ශනයක් සිදුකරන බවද පැවසීය.

මිනීමැරම් නඩු විභාගයක් පැවැත්වීමට මහෙස්ත‍්‍රාත්වරයාට බලයක් නොමැතිව තිබීයදී මෙම සිද්ධියට අදාළව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය නඩු විභාගයක් පවත්වා මෙම සැකකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩුවක් ගෙන යෑමට හැකියාවක් නොමැති බව සඳහන් කරමින් සැකකරුවන්ට එරෙහි මිනීමැරුම් චෝදනා යටපත් කර සෙසු කරුණු වලට ඔවුන්ට ඇප නියම කර ඇතැයි පෙන්වා දුන් දිලීප පිරීස් මහතා මහෙස්ත‍්‍රාත්වරිය නීතීය අවභාවිතා කර ඇතැයිද පැවසීය.

හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය දුන් නියෝගය නීතීවිරෝධී, අයුක්ති සහගත, අසාධාරණ මෙන්ම අත්තනෝමතික බව සඳහන් කරමින් මහෙස්ත‍්‍රාත්වරියගේ නියෝගය ප‍්‍රතිශෝධනය කරවා ගැනීම සඳහා නීතීපතිවරයා විසින් මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම්පත ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම් පත සම්බන්ධයෙන් කැඳවනු ලැබු අවස්ථාවේදී මෙහි සැකකාර වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

අපරාධයක් සම්බන්ධ විමර්ශනයකදී සැකකරු රජයේ සේවකයකුද, පෞද්ගලික අංශයේ අයෙකුද, යන්න විමසීමක් කරන්නේ නැතැයිද මහෙස්ත‍්‍රාත්වරියගේ තීන්දුව සැළකිල්ලට ගැනීමේදී රජයේ සේවකයින් වැරදි කරන්නේම නැද්ද? යන පැනය මතු වන බවත් ඒ තත්වය මත අල්ලස් කොමිසමට රාජකාරියක් කිරීමට අවශ්‍යතාවයක් ඇති වන්නනේ නැතැයිද පැවසු දිලීප පිරීස් මහතා මහෙස්ත‍්‍රාත්වරියගේ තීන්දුවේ බොහෝ තැන්වල ඇත්තේ ඇගේ උපකල්පන යැයිද පැවසීය.

ජාතික තවුහිද් ජමාද් සංවිධානය සහ එහි නායක සහරාන් හෂිම් නමැත්තා සම්බන්ධයෙන් 2016 වර්ෂයේ සිට පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා දක්වා බුද්ධි වාර්තා 341 ක් ඉදිරිපත් කොට ඇති බවත් ඉන් බුද්ධි වාර්තා 131 ක් පොලිස්පතිවරයාගේ ඇස්වල අවධානයට යොමු කොට ඇති බවත් තවත් බුද්ධි වාර්තා 97 ක් ආරක්‍ෂ ලේකම්වරයාගේ ඇස්වල අවධානයට යොමු කොට ඇති බවත් පෙන්වා දුන් දිලීප පිරීස් මහතා මේ එකඳු බුද්ධි වාර්තාවක්වත් පොලිස්පතිවරයා හෝ ආරක්‍ෂක ලේකම්වරයා සිය අවධානයට යොමු කොට නොමැති බව මෙම ප‍්‍රහාරයෙන්ම පැහැදිලි වන්නේ යැයි පැවසීය.

රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ආරක්‍ෂක මණඩලයක් පත් කොට ඇති බවත් 2019 ආරක්‍ෂ මණ්ඩලය රැස්වී ඇත්තේ අවස්ථා හතරකදී පමණක් බවත් පෙන්වා දුන් අනුජ පේ‍්‍රමරත්න මහතා මෙම ප‍්‍රහාරය පිළිබඳ තොරතුරු ලබාදුන් ඉන්දියාව සඳහන් කොට ඇත්තේ මෙම ප‍්‍රහාරය පිළිබඳ තොරතුරු විමර්ශනය කොට ඔවුන්ටද ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස යැයිද පැවසීය.

මෙම පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර නීතීඥ දේශණ පැවැත්වීම ලබන 19 වැනිදා දන්වා කල් තැබීය.
gossip lanka