gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මොරටු ක්‍රීඩා භාණ්ඩ වෙළදසැලේ සේවිකාව සෙලෝටේප්වලින් බැඳ වස්තුව කොල්ලකාලා

ක්‍රීඩා භාණ්ඩ වෙළෙඳ සැලකදී කාතාවක් සේලෝ ටේප්වලින් වලින් බැඳ පුද්ගලයන් දෙදෙනෙකු ඇය පැලදී රන් භාණ්ඩ හා රුපියල් විසිහතර දහසක මුදලක් කොල්ල කා පලාගොස් ඇතැයි මොරටුව පොලීසිය පවසයි.


මොරටුව ඇවනියන් මාවතේ පිහිටි ක්‍රීඩා භාණ්ඩ අලවිසලකට පැමිණි කොල්ලකරු, මුදලින් රුපියල් විසිහතරදහසක් වටිනා රන් මාලයක් සහ මුදුවක්ද මෙසේ කොල්ල කා ඇති බව පොලීසිය පවසයි.

ටී ෂර්ට් තුනක් මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණ තිබූ කොල්ලකරුවන්, එහි මිල විමසා යළි දුරකථන ඇමතුමක් දී පැමිණෙන බව පවසමින් සේවිකාවකගේ දුරකථන අංකයද ඉල්ලා ඇතැයි පොලිස් නිලධාරියෙකු පැවසීය. සඟවාගෙන සිටි තියුණු ආයුධයක් අතට ගත් පුද්ගලයෙකු සේවිකාව දුරකථන අංකය කොළ කැබැල්ලක ලියමින් සිටියදී එම ආයුධය ස්විකාවකගේ උරහිසට තබා ඇත්තේ මේ මොහොතේය. අනෙක් පුද්ගලයා ඇය පැලැඳ සිටි ආහරණ ගලවාගෙන ඇති අතර අනතුරුව අත් දෙකෙහි කටහි හා දෙපාවල සෙලෝටේප් ඔතා වෙළඳසැලෙහි පසකට තල්ලු කර දමා පලා ගොස් ඇතැයිද පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මීට සති කිහිපයකට ඉහතදී මේ ආකාරයෙන්ම කහතුඩුව වෑතර ප්‍රදේශයේත් ශල්‍යාගාරයක සේවිකාවක්ද සෙලෝටේප්වලින් බැඳ දමා ඇය පැලද සිටී භාණ්ඩ කොල්ල කා තිබූ බව පොලීසිය පවසන අතර මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා‍ගේ උපදෙස් මත පවත්වයි.

බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka