gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු ක්‍රිකට් සභාපති තිලංගට එරෙහිව අභ්‍යන්තර පරීක්ෂණයක් !

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීම සහ පසුගිය  (01දා) පැවැති ක්‍රිකට් වීශේෂ මහසභා රැස්වීමේදී විධායක කමිටු සාමාජිකයෙක් ලෙස කටයුතු කළේ කුමන පදනමකින්ද යන්න පිළිබඳව වහාම කරුණු දක්වන්නැයි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රිකට් ප්‍රධානීන්ට නියෝග කර තිබේ.

ඒ අනුව මෙම සිද්ධිය පාදක කර ගනිමින් හිටපු ක්‍රිකට් සභාපතිවරයාට එරෙහිව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.  ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා වෙනුවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේතුවේ සහකාර අධ්‍යක්ෂ ආර්. බී. වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව ලිපියකින්ද මේ බව ක්‍රිකට් ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.‍

එම ලිපියෙන් අවධාරණය කර ඇත්තේ පෙරේදා දින පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මහ සභා රැස්වීමට අදාළ සියලු ලිපි ලේඛන රැගෙන ක්‍රිකට් ප්‍රධානීන්ට මෙම අභ්‍යන්තර පරීක්ෂණයට සහභාගී වන ලෙසයි.වාර්තා වන පරිදි ක්‍රිකට් සභාපතිවරයා සහ ලේකම්වරයා මෙම අභ්‍යන්තර පරික්ෂණය සදහා කැඳවීමට නියමිතය.

පැතුම් විජේරත්න

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka