gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රීලනිප විනය පරීක්ෂණයට නාවොත් මන්ත්‍රීකම් ඉවරයි !

පක්ෂය හැරගොස් සිටින නිදහස් පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකුට එරෙහිව විනය පරික්ෂණ පැවැත්වීමට තීරණය කර ඇති බව නිදහස් පක්ෂය ඊයේ දැනුම් දුන් අතර මෙම විනය පරීක්ෂණය මඟහැරියොත් ඔවුන්ගේ මන්ත්‍රීකම් කෙළවර කිරීම සම්බන්ධයෙන් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ අවදානය යොමුව ඇතැයි වාර්තා වේ.


එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයිසා සහ ඒ.එච්.එම්. ෆවුසි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනාට එරෙහිව විනය පරික්ෂණ පැවැත්වීම පිළිබඳ දැනුවත් කිරීමේ ලිපි යොමුකළ බවය පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ සඳහන් කළේය.

කෙසේවුවද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වීමේ වගකීම පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්පූර්ණයෙන් භාරගතයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා කියයි.

තමන් ඇතුලු පිරිසකට විනය පරික්ෂණ පැවැත්වීමට පෙර පක්ෂයේ සභාපතිවරයා සහ මහලේකම්වරයාට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්විය යුතු බවයි ඔහුගේ අදහස වී තිබේ.

කෙසේවෙතත් එවැනි දැනුම්දීමක් මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඔහු මෙසේද කීය.
"ඇත්ත මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොඩ්ඩක් ඉවත්වෙලා ඉන්නවා..මම මැද කොළඹ සංවිධායකයා..ඒකෙන් මාව ඉවත් කළා මම ජ්‍යෙෂ්ඨතම උප සභාපති… නිමල් සිරිපාල නෙමෙයි මමයි ජ්‍යෙෂ්ඨතම උප සභාපති…මෙහෙම අයින් කළායින් පස්සේ වාඩි වෙලා ඉන්නවද?"

මේ අතර, ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගොස් වෙනත් පක්ෂවල සමාජිකත්වය ලබා ගත් මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ නොපැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂයේ පහළ මට්ටමින් දිගින් දිගට ම චෝදනා එල්ල වෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් පක්ෂයේ දැඩි අවධානය යොමුව තිබෙන බවද දයාසිරි මහතා සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka