gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුසල් මෙන්ඩිස් සති හයක් ක්‍රිකට් පිටියෙන් ඉවතට

කුසල් මෙන්ඩිස්ට සති හයක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව විවේක ගැනීමට සිදුවනු ඇතැයි වාර්තා වනවා. සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති දෙවන පන්දුවාර විස්ස තරගයේදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී ෂෙහාන් ජයසූරිය සහ කුසල් මෙන්ඩිස් එකිනෙකා ගැටීමෙන් අනතුරකට ලක් වුණා.
එහිදී කුසල් මෙන්ඩිස්ගේ දණ හිස සහ හිස ආබාධ තත්ත්වයන්ට ලක් වූ අතර ඔහු ඊයේ (04) දිනයේ මහනුවරදී
එම් ආර් අයි පරීක්ෂණයකට ද පෙනී සිටියා. කුසල් මෙන්ඩිස්ගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔහු අද දිනයේ කොළඹට කැදවීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත පැවසුවේ.

එම ආබාධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික පාකිස්තානු තරග සංචාරයට එක්වීමේ අවස්ථාවද ඔහුට අහිමිවනු ඇති. කුසල් මෙන්ඩිස් සහ ෂෙහාන් ජයසූරිය නවසීලන්ත කණ්ඩායම සමග පල්ලේකැලේ ක්‍රිඩාංගණයේදී හෙට පැවැත්වෙන 3 වන පන්දුවාර විස්ස තරගයටද ආබාධ තත්වය හේතුවෙන් සහභාගි වන්නේ නැහැ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka