gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් FBI ආයතනයෙන් වාර්තාවක් !

පාස්කු ප‍්‍රහාරයට අදාළ බෝම්බකරුවන් සහ ඊට සහාය දැක්වූ පුද්ගලයින් භාවිත කරන ලද බවට අනාවරණය වූ ජංගම දුරකතන කිහිපයක් සහ දුරකතන කොටස් කිහිපයක ඇතුළත්ව තිබූ දත්ත වලට අදාළ වාර්තා 05 ක් ඇමරිකාවේ FBI කාර්යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බව එම දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ වැඩිදුර වාර්තාවකින් අද (04) දැනුම් දෙනු ලැබුවා.


ඇමරිකා එක්සත් ජනපද විමර්ශන කාර්යාංශය (FBI)  විසින් එවනු ලැබූ එම වාර්තා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ අපේක්ෂිත වාර්තාවන් බවත් ඒවාට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

මේ අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා කාදර් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද දින පැය 02ක පමණ කාලයක් රහස් ප්‍රකාශයක් ලබා දෙනු ලැබුවා.

සහරාන් හෂිම් ගේ බිරිද මෙම ප්‍රකාශය ලබා දුන්නේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේදි.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන සිටින සහරාන් හෂීම් ගේ බිරිඳ මීට පෙර අවස්ථා දෙකකදී මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස් ප්‍රකාශ ලබා දෙනු ලැබුවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka