gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාවණා රජුගේ ආභරණ සොයා රිටිගල කැලෑවේ කැණීම් කළ පුද්ගලයන් හයදෙනකු අත්අඩංගුවට

රිටිගල පුරාවිද්‍යාත්මක ආරක්ෂිත මහ ගන කැලෑව මැද රාවණා රජුගේ ආභරණ සොයා කැණීම් කරමින් සිටි පුද්ගලයන් 6 දෙනකු සැකපිට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පසුගිය (2දා)
රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

දින කිහිපයක් තිස්සේ රිටිගල රක්ෂිතයේ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් පුරාවිද්‍යා භූමියේ ගල් තලාවක් ආසන්නයේ කැණීමක් රාත්‍රි කාලයේදී සිදුකරන බවට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබිණි.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ ස්ථානාධිපති අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක ආර්.එම්.පී.
 ජයකැළුම් මහතා ඉතා සුක්ෂ්ම ලෙස පොලිස් කණ්ඩායමක් 2දා පස්වරු 5ට පමණ රක්ෂිතය තුළට යවා
තිබේ. දැඩි පරිශ්‍රමයක් දරමින් වන අලින්ගෙන් ජීවිත බේරාගෙන කිලෝමීටර් දෙකක පමණ දුරක් ඉතා
සෙමින් කටු පඳුරු අස්සේ බඩගාමින් ස්ථානයට ළඟා වී ඇත්තේ රාත්‍රි 9.00ට පමණ බව පොලිසිය කියයි.

ඒ වන විටත් පුද්ගලයන් කීප දෙනකු ආරක්ෂිත රැහැන් ඇද පුද පූජා පවත්වා පන්දම් එළි දල්වාගෙන කැණීම්
කටයුතු ආරම්භ කොට තිබූ බව පොලිසිය සඳහන් කළේය.

එකවරම වැටලීම් භාර දෙවැනි කඳවුර අණ දෙන නිලධාරි පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඩී. සුදත් මහතා ඇතුළු
කණ්ඩායමක් කඩා පැන කැණීම් කරමින් සිටි පුද්ගලයන් හය දෙනා අල්ලා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් හබරණ - ගල්කිරියාගම, කැකිරාව, මාරවිල, පොළොන්නරුව, ප්‍රදේශවල
පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයන් සතුව තිබූ කැණීම් උපකරණ පූජා භාණ්ඩ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස් හබරණ පොලිසියට භාරදී ඇත.

දඹුල්ල - කේ.කේ. ආරියදාස
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka