gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලාංකාව රැකගත් උඩපන්දුව නවසීලන්තයට ජය ගෙනෙයි

තියුණු තරගයකින් පසු ශී‍්‍ර ලංකාව සමග පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයද ජය ගැනීමට නවසීලන්තය ඊයේ (03) රාති‍්‍රයේ සමත් වුණා.

ඒ, තරග 3 කින් සමන්විත තරගාවලියද 2-0 ක් ලෙස ජය ගනිමින්.


තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකාව කඩුළු 9කට රැස්කර ගත්තේ ලකුණු 161 ක් පමණයි. තරගය නිමවීමට පන්දු දෙකක් ඉතිරිව තිබියදි කඩුළු 6 ක් පමණක් දැවී නවසීලන්තය එම ඉලක්කය පසුකර ගියා.

ඒ, මාටින් ගප්ටීල් සහ රොස් ටේලර් යන ප‍්‍රබල පිතිකරුවන්ගේ පවා සහයෝගයකින් තොරවයි.

ලකුණු 38 කට කඩුළු 3 ක් බිද වැටී තිබු අවස්ථාවේ පිටියේ එක්වූ කොලින් ඞී ග‍්‍රෑන්ඞ්හෝම් සහ ටොම් බෲස් සිව් වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 109ක වාර්තාගත සබදතාවක් ගොඩනැගුවා.

එය නවසීලන්ත කණ්ඩායමක් 20 යි 20 තරගයකදී ශී‍්‍ර ලංකාවට එරෙහිව ගොඩනැගූ වැඩිම ලකුණු සබදතාවයි. අවසන් පන්දුවාරයේදී තරගය ජය ගැනීමට ලකුණු 7 ක් ලබා ගතයුතුව තිබූ අතර පළමු පන්දු දෙකේදී නවසීලන්ත කඩුළු 2 ක් දැවී ගියා. 3 වන පන්දුවේදීද ලබාදුන් උඩ පන්දුවක් ෂෙහාන් ජයසූරිය රැකගත් නමුත් උඩ පන්දුව රැක ගැනීමට පැමිණි කුසල් මෙන්ඩිස් ඔහුගේ ඇඟේ ගැටීම හේතුවෙන් ෂෙහාන් ජයසූරිය හතරේ සීමාව මත ඇද වැටුණා. එය ලකුණු 6 ක් ලෙස සංඥා කිරීමෙන් පසුව නවසීලන්තය තරගය ජයගත්තා. ශී‍්‍ර ලංකා - නවසීලන්ත මීළග තරගය ලබන සිකුරාදා පැවැත්වෙනවා.               
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka