gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තරගය නිම වීමට පන්දු 03ක් ඉතිරිව තිබියදී නවසීලන්තය ජය ගනී

පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ වැඩිම කඩුළු සංඛ්‍යාවක් බිඳ හෙලූ ක‍්‍රීඩකයා බවට පත් වෙමින් නව ලෝක වාර්තාවක් බිහිකිරීමට ශ‍්‍රී ලංකා නායක ලසිත් මාලිංග සමත් වුණා.

ඒ, ඊයේ (01) රාත‍්‍රියේ නවසීලන්තය සමග පැවති පළමු විස්සයි විස්ස තරගයේදීයී.


එහිදී මාලිංග බිඳ හෙලූවේ සහීඞ් අෆ්රිඩි තරග 99කදී කඩුළු 98ක් බිද හෙලමින් පිහිටුවා තිබූ වාර්තාවයි. ඒ අනුව ලසිත් මාලිංග මේ වන විට තරග 74කදී කඩුළු 99ක් බිද හෙලමින් නව ලෝක වාර්තාව බිහි කර තිබෙනවා.

මාලිංග නම ඉදිරියේ මෙලෙස නව ලෝක වාර්තාවක් සටහන් වුවද නවසීලන්තය සමග පැවති විස්සයි විස්ස තරගයේදී ශ‍්‍රී ලංකාවට අත්වූයේ කඩුළු 5 පරාජයක්. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 4කට ලකුණු 174ක් රැස්කලා.

එහිදී කුසල් මෙන්ඩිස් විස්සයි විස්ස පිටියේ සිය හොඳම ඉනිම ක‍්‍රිඩා කරමින් රැස්කල ලකුණු සංඛ්‍යාව 79ක්.  

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කල නවසීලන්තය තරගය නිම වීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී තරගය ජය ගත්තේ කඩුළු 5කින්. ලකුණු 39කට කඩුළු 3ක් බිද වැටී තිබූ අවස්ථාවේ පිටියේ එක් වූ රොස් ටේලර් හා කොලින් ඞී ග‍්‍රෑන්ඞ්හෝම් සිව්වන කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 79ක් රැස්කළා. රොස් ටේලර් පන්දු 29කදී ලකුණු 48ක් හා කොලින් ඞී ග‍්‍රෑන්ඞ්හෝම් පන්දු 28කදී ලකුණු 44ක් රැස් කිරීමට සමත් වුණා. දෙරට අතර මීළඟ විස්සයි විස්ස තරගය හෙට (03) පැවැත්වෙනවා.        
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka