gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාසල් දැරිය බසයෙන් බස්සවාගෙන ගොස් උක් කැලේදී අතවර කරලා

සෙවණගල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහළොවක පාසල් දැරියක් අපයෝජනය කළ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව සෙවණගල පොලිසිය පවසයි.

සැකකරු විසින් මෙම දැරිය රවටා ඇය පාසල් යන බසයෙන් බස්සවාගෙන යතුරුපැදියකින් උක් වගාබිමක් වෙත රැගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.


දැරියගේ බාප්පා කෙනකු විසින් සෙවණගල පොලිසිය වෙත කළ පැමිණිල්ලක් අනුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය විසින් දැරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී දැරිය පොලිසියට පවසා ඇත්තේ දැනට වසරකට පෙර සිට මෙම පුද්ගලයා සමග ප්‍රේම සම්බන්ධතාවක් පවතින බවත්, එම කාලය තුළ අවස්ථා ගණනාවකදී ලිංගික සම්බන්ධතා පැවැත්වූ බවත්ය.

මෙම සැකකරු දැරිය පදිංචි නිවස ආසන්නයේ පදිංචි තිස්පස් හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර ඇති අතර සැකකරු ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සෙවණගල පොලිසිය විසින් සිදු කරයි.

ජයන්ත වීරසේකර-වැල්ලවාය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka