gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බ්‍රිතාන්‍යයෙන් ගෙනත් මෙහි ගොඩගසා තිබු තිබූ කුණු තොගය කන්ටේනර් 333කට පටවයි

එක්සත් රාජධානියේ සිට මෙරටට ගෙන්වා කටුනායක අපනයන සැකසුම් කලාපයේ  එළිමහනේ ගොඩ ගසා තිබු කුණු තොගය මේ වන විට කන්ටේනර් පෙට්ටි 333කට ඇතුළත් කර  ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය මහතා ඊයේ (10) පැවසීය. මෙම කුණු තොග පරිසරයට විවෘතව තැබීමෙන් සිදුවිය හැකි පරිසර හානි සලකා මෙසේ කන්ටේනර් පෙට්ටිවලට ඇතුළත් කර තැබිමට පියවර ගත් බව ද සභාපතිවරයා සඳහන් කළේය.
මෙම කසළ තොගය මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් පරිසර සංවිධානයක් අධිකරණයේ නඩුවක් පවරා ඇති බැවින් එහි තීන්දුව ලැබෙන තුරු කසළ මෙරටින් බැහැර කිරීමේ හැකියාවක් නැතැයි ද දේවප්‍රිය මහතා කීවේය. අධිකරණය මගින් ලබාදෙන තීන්දුවෙන් පසු එය නැවත ප්‍රතිඅපනයනය කිරීමේ බලය ආයෝජන මණ්ඩලයට හිමිවන බව ද හෙතෙම  ප්‍රකාශ කළේය.  ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උපලේකම්වරයකුද වන ඉසුර දේවප්‍රිය මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (10)පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යෙව්දියෙකු නැගු  පැනයකට පිළිතුරු දෙමිනි.

කරදියාන කසළ කන්ද පුපුරා යාමේ අවදානමක් මතුව ඇත්දැයි මෙහිදී මාධ්‍යවේදියකු නැගු පැනයකට පිළිතුරු දුන් සභාපතිවරයා පැවසුවේ එවැන්නක් වුවහොත් වත්මන් රජයේ ඇතැම් ඇමැතිවරුන් එයට වගකිව යුතු බවයි.  තමන් බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේ තමනුත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාත් එක්ව මේ වෙනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කළ නමුත් ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් නිසා එම කටයුතු ඉදිරියට ගෙනයාමට නොහැකි වූ බව ද කීවේය.

-ඩයනා උදයංගනී-
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka