gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දෑස් නොපෙනෙන මවට සලකන්න දියණියන් 5 කට හා පුතුට උසාවි නියෝගයක්

දෑස් නොපෙනෙන හැත්තෑ හැවිරිදි වයෝවෘද්ධ මවට මාසිකව රුපියල් දහසක තාවකාලිකව දීමනාවක් ගෙවන ලෙස පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අමිල ආරියසේන මහතා එම මවගේ දරුවන් හය දෙනාට පෙරේදා (4දා) නියෝග කළේය.


එලෙස නියෝග ලැබුණේ පානදුර බෙත්තේගම නුගේගොඩ හා මොනරාගල ප්‍රදේශයේ පදිංචි දියණියන් පස් දෙනකුට හා පුතකුටය.

එම මවගේ එකම පුතුගේ බිරිය මව සමඟ පානදුර පොලිසියට පැමිණ කරන ලද පැමිණිල්ලක් අනුව පානදුර
පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය ‘බී’ වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු දැක්වීමෙන්  අනතුරුව
මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

දෑස් නොපෙනෙන තමන්ට දියණියන් පස් දෙනකු හා පුතකු සිටින බවත් මේ වන විට පුතුගේ රැකවරණය යටතේ සිටින බව ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන් වග පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

එකම පුතු ආර්ථික අතින් ඉතාමත් පහත් මට්ටමක සිටින බැවින් අනෙකුත් දරුවන්ට තමන්ගේ දුක සැප බලන
ලෙස ඇය ඉල්ලීමක් කළ බව පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.

එම මව මාසයකට හෝ මාස දෙකකට වතාවක් එක් එක් දරුවන් ළඟ තබාගෙන ඇයට ඇප උපස්ථාන කරන
ලෙස පැවැසුවද ඔවුන් ඊට අකැමැති බවද මොනරාගල පදිංචි දියණියක් පමණක් ඇයගේ ඇස් රෝගය සුව වූ
පසු රැගෙන යෑමට කැමැත්ත පළකළ බව පොලිසිය අධිකරණයට වැඩිදුරටත් කරුණු දැක්වීය.

පානදුර පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේවර්ධන මහතාගේ උපදෙස් මත
කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කමලා බණ්ඩාර, පොලිස් කොස්තාපල්
සුනිල් (57768), කාන්තා පොලිස් කොස්තාපල් ගයත්‍රි (9374) මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වති.

කොළඹ - එම්.සී. පෙරේරා
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka