gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු ගණන 19 දක්වා පල්ලම් බහියි !

එක්සත් ජනතා නිදහස් සන්ධානයට 2015 අගෝස්තු මහමැතිවරණයෙන් හිමි වූ මන්ත්‍රීධුර අනූපහෙන් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතිරිව ඇත්තේ මන්ත්‍රීවරුන් දහනව දෙනෙක් බව වාර්තා වේ.

ඒ 2015 මන්ත්‍රීධුර හිමි වූ හැටපස් දෙනකු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කිරීමත් සෙසු තවත් මන්ත්‍රීවරුන් හය දෙනකු එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කිරීමට එක්ව සිටීමත් නිසාය.


මේ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් දොළොස් දෙනාගෙන් පස් දෙනකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය පළ කරන අතර හතර දෙනෙක් ඒකාබද්ධ විපක්ෂයටත්, තවත් දෙදෙනකු එක්සත් ජාතික පක්ෂයටත් සහාය දක්වමින් සිටිති.
එහෙත් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් මසක සිට හිස්ව තිබේ.

මීට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ 2015දී තරග කළ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනකුද ඊපීඩීපී පක්ෂයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයකුද ස්වාධීනව කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka