gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රටේ ප්‍රබල දේශපාලනඥයන්ගේ නම් කියලා ගලේවෙලදී 8ක් අත්අඩංගුවට

රටේ ප්‍රබල දේශපාලනඥයන්ගේ නම් සඳහන් කරමින් ඔවුන්ගේ නිධන් හාරන ස්ථානයක් බව පවසා ජනතාව රාජ්‍ය නිලධාරීන් නොමඟ යවා ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ මහා පරිමාණයෙන්   නිදහන් සෙවීම සඳහා කැණීම් කරමින් සිටී පුද්ගලයින් 8 දෙනෙකු 11 දීන මධ්‍යම රාත්‍රියේ දඹුල්ල  පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ අක්කර හතළිහකට ආසන්න තේක්ක වගා කොට ඇති ඉඩමක වීශාල යන්ත්‍ර සූත්‍ර යොදාගෙන මෙම පිරිස මාස දෙකකට වැඩි කාලයක සිට නිධානයක මැණික් ඇති බවට විශ්වාස කොට මහපොළොව හාරා කැනීම්  කටයුතුවල නිරතවන බව ප්‍රදේශවාසීහු දඹුල්ල ගලේවෙල සහ අවට ප්‍රදේශවල වගකිවයුතු රාජ්‍ය ආයතන නිලධාරීන් වෙත දැනුම් දී තිබිණි.

එහෙත් කිසිදු වගකිව යුතු නිලධාරියෙකු මෙම ස්ථානය සොයා බැලීමට වත් නොගොස් අතහැර දැමු දමා තිබෙන බවත් මෙම පිරිස කිසිදු බියක් සැකක් නොමැතිව පුරණ ද්‍රව්‍ය යොදාගෙන විශාල ගල් බෝර යොදා මහපොළොව අභ්‍යන්තරයේ ඇති ගල් පුපුරවා හැරීම  දීවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද සිදුකරමින් සිටින බව ප්‍රදේශවාසීහු පවසති.

ඒ අනුව  ප්‍රදේශවාසින්  විසින් දඹුල්ල  පොලිස් විශේෂ කාර්යය බලකා කදවුරට දැනුම්දී ඇත ගඒ අනුව  අණ දෙන නිලධාරී පොලිස් පරීක්ෂක සඳකැලුම් මහතා ජයතිලක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ඉතා සූක්ෂම ලෙස මෙම ස්ථානය වැටලීමට පියවර ගනු ලැබූහ.

ඒ අනුව රාත්‍රියේ  මෙම  ස්ථානයේ කැණීම් කරමින් සිටි පුද්ගලයන් අට දෙනෙකු කැණීම් උපකරණ තොගයක් ද සමග අත්අඩංගුවට ගැනීමට හැකිවිණි.

මෙසේ අත්අඩංගුවට ගත් පිරිස මාදිපොලල ගලේවෙලල ඉහළ බම්බාව ලකුරුණෑගලල අඹේපුස්ස ලහිඟුරක්ගොඩල මීරිගමල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

මෙම ස්ථානයේ තිබී විදුලි ඩෙටනේටර්  හයක් ජෙලට්නයිට් කූරු හතරක් විශාල වයර් තොගයක් පුපුරන ද්‍රව්‍ය සහ වයර්  ගල් කැඩීම සඳහා යොදා ගන්නා උපකරණ ද පොලිස් භාරයට ගැනිණි.

දඹුල්ල  පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගත් පිරිස සහ භාණ්ඩ ගලේවෙල පොලිසියට බාරදීමට පියවර ගෙන තිබිණිග ත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් කටයුතු සිදුකෙරෙන බවත් මෙම කැණීම් සඳහා යොදාගත් භාණ්ඩ සහ  යන්ත්‍ර සූත්‍ර සෙවීමේ මෙහෙයුම් ආරම්භ කරන බවත් පොලිසිය කියයි ගමැණික් සොයා පිරිස කැණිම් කර ස්ථානයේ අඩි 35 ක් පමණ ගැඹුරට අඩි 50ක පමණ විෂ්කම්භයකින් යුතුව මහපොළොව යට කළු ගල හාරා විනාශ කොට ඇති බව පොලීසිය කියයි.

පොලිස් විශේෂ කාර්යය බලකායේ  අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් කුරුණෑගල ප්‍රාදේශීය අණදෙන නිලධාරී   සහකාර පොලිස් අධිකාරී උපුල් ජයවර්ධන මහත්වරුන්ගේ  උපදෙස් මත   දඹුල්ල විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ආර්. එම්. පී ගජය කැළුම් උප පොලිස් පරීක්ෂක සි. ඩබ්ලිව්.අයි .ගලේවෙල යන මහත්වරු ඇතුළු පොලිස් සැරයන්වරුන් වන 5392 චන්දන 13555 කුමාර  37409 නිසාන්ත පොලිස් කොස්තාපල්වරුන් වන 23 536 සමන් 90 700 විජේරත්න90 722 රත්නායක 25 105 වික්‍රමසිංහ 71 354 මින්දික 21 710 විජේතුංග 68 143 ප්‍රියන්ත  66  783 රූපසිංහ 17 145 චතුරංග ජන නිලධාරීහු වැටලීමට එක්ව සිටියහ.

දඹුල්ල කේ.කේ.ආරියදාස
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka