gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රජයේ නියෝග තුට්ටුවකට නොතකයි.. පිටි මිල කිසිසේත්ම අඩු නොකරන බව ප‍්‍රිමා කියයි

වැඩි කල තිරිගු පිටි මිල කිසිසේත් අඩු නොකරන බව ප්‍රිමා සමාගම විසින් දිවියිනේ සියළුම තිරිගු පිටි අලෙවි කරන එජන්තවරුන් වෙත අද (11) දැනුම් දි ඇත.


ලෝක වෙලදපොලේ තිරිගු ඇට මිල ඉහල යාමත් , ආනයනය කරන තිරිගු ඇට සදහා රජය මගින් පනවා ඇති අධික බදු මුදල හමුවේ තිරිගු පිටි මිල යලිත් රු 4 සිට රු 5.50 දක්වා විවිධ මිල ගණන් යටතේ වැඩි කිරිමට ප්‍රිමා සමාගම කටයුතු කල බවට එම සමාගම විසින් තිරිගු පිටි අලෙවි කරන එජන්තවරුන් වෙත දැනුම් දි ඇත.

නව මිලට ප්‍රිමා සමාගම විසින්  එම සමාගමේ තිරිගු පිටි අලෙවි කරන සියළුම එජන්තවරුන්ට පිටි තොග නිකුත් කර ඇති බවත්, එ අනුව තිරිගු පිටි කිලෝවක් පැවති මිලට වඩා රු 4 සිට 5.50 දක්වා විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බව ප්‍රිමා තිරිගු පිටි අලෙවි කරන එජන්තවරුන් කියා සිටියේය.

නව මිල අනුව ප්‍රිමා තිරිගු පිටි කිලෝවක් රු 90 සිට රු 100 දක්වා විවිධ මිල ගණන් යටතේ වෙළදපොලේ අලෙවි කරනු ලබයි.

ප්‍රිමා තිරිගු පිටි මිල වැඩි විමත් සමග බේකරි හිමියන් ග්‍රැම් 450 ක පාන් ගොඩියක් සදහා වැඩි කල රු 2 මුදල සහ ඉහල දැමු බේකරි නිෂ්පාදන වල මිල පිටි මිල අඩු කරන තෙක්  අඩු නොකරන බව බේකරි හිමියන් කියා සිටියි.

තිරිගු පිටි මිල ඉහල යාමත් සමග ආපන ශාලා හිමියන්ද තිරිගු පිටි ආශ්‍රිත නිෂ්පාදන  වල මිල ගණන්ද ඉහල දමා  ඇත.

– රංජිත් රාජපක්ෂ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka