gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පන්සල් වත්තෙන් හමුවුණු පාවෙන ගලට මිනිස්සු වඳින්න පටන් අරගෙන

බදුල්ල තල්දෙන ශ්‍රී  බෝධිරාජාරාම  විහාරස්ථානයේ සාමනේර හිමිවරුන් පිරිසකට පන්සල් වත්තේ තිබී  හමුවූ ජලයේ පාවෙන ගල දැක බලා ගැනීමට මේ වන විට විශාල පිරිසක් විහාරස්ථානය වෙත පැමිනෙන අතර ඇතැමුන් ඊට වැද නමස්කාර කර පඩුරු දැමීමටද පටන්ගෙන ඇතැයි තල්දෙන ශ්‍රී බෝධිරාජාරාම විහාරාධීකාරී  තල්දෙන ධම්මවංස හිමියෝ පවසති.


මෙම අපූරු ගල ආරක්ෂා කර ගැනීම සදහා එය වතුර පිරවූ භාජණයකට දමා ඒ වටා කම්බි වැටක් ඉදිකිරීමට කටයුතු කල බවද විහාරාධීපති හිමියෝ පැවැසූහ.

පන්සල් වත්තේ සිට  බදුලු ඔය තෙක් වැටී ඇති අඩි පාරක් ශුද්ධ පවිත්‍ර කරමින් සිටියදී  බෝධිරාජාරාම   විහාරස්ථානයේ   සාමණේර හිමි නමකට මුලින්ම මෙම ගල දැකගන්නට ලැබී ඇති අතර එය ජලයට දමද්දී පාවීමට පටන්ගැනීම නිසා උන්වහන්සේ එය මුලින්ම විහාරස්ථෘනය වෙත රැගෙන විත් ඇතග.

පසුව එය විහාරස්ථානයේ ඇති පොකුනට දමා ඇති අතර එය ජලයේ  පාවෙන්නට  වූ බවද විහාරාධිපති හිමියෝ පැවසූහ.

සුදු සහ අළු පැහැයෙන් යුත්  මෙම ගල කොස් ගෙඩියක් තරම් විශාල එකක් බවද එහි පිට ස්ථරය කබොක් ගලක ස්වරූපය ගන්නා බවද උන්වහන්සේ පැවසූහ. ගල කිරා බැලීමේදී එහි බර කිලෝ ග්‍රෑම් 6.900 ක් පමණ විය.

තල්දෙන විහාරස්ථෘනය පිහිටි ප්‍රදේශයේ අතිතයේ දී රජ මාලිගාවක් හා  රජ කුමරියන් දිය නෑ වතුර වලක් තිබූ බවද ප්‍රදේශයේ පැරැන්නෝ පවසති.

මීගහකිවුල රුවන්  කුමාර
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka