gossip lanka

ඉදිරි පැය 24 තුළ තද වැසි: රත්නපුර-බලංගොඩට නායයාමේ අවදානමක් !

ඉදිරි පැය 24 තුල බස්නාහිර, සබරගමුව, වයඹ සහ ගාල්ල, මාතර  මිලිමීටර් 100 ත් 150 ත් අතර තද වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


අනෙකුත් ප්‍රදේශවලද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, දිවයින වටා මුහුදු ප්‍රදේශ රලු විය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත අනතුරු අගවා තිබේ.

මේ අතර, පවතින අධික වැසි තත්ත්වය මත රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා නායයෑම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇත.

නායයාම් පූර්ව අනතුරු ඇගවීම් කාලසීමාව තුළ නායයාම් පූර්ව අනතුරු ලක්ෂණ දක්නට ලැබේ නම් ඒ පිළිබඳ සැළකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මන්නාරම සිට පොතුවිල් දක්වා මුහුදු කලාපයේ ධීවර කටයුතු වල යෙදීමෙන් වලකින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටී.තමන් ජීවත් වන ප්‍රදේශය නායයාම් අවදානම් කලාපයක් වශයෙන් හදුනාගෙන ඇති නම් පහත ලක්ෂණ පිළිබදව සැකිලිමත් වන ලෙසදආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ඒ අනුව පොලවේ ඇති වන ඉරිතැලීම්, ගැඹුරට හැරුණ පැලුම් හා පොළවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල් හෝ දුරකථන කුලුණු ආදි සිරස් විහිදුමක් සහිත ගොඩනැගිලි ආදිය පිළිබඳ එමෙන්ම ගොඩනැඟිලි බිත්තිගෙබිම මත ඇතිවන ඉරි තැලීම් පිපුරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය වීම සහ එක් වර ජල උල්පත් මතුවීම හෝ පෙර පැවති උල්පත් එකවර සිදී යාම හෝ නැතිවීම ජල උල්පත් වලින් බොර වතුර මතුවීම වැනි ලක්ෂණ දිස් වන්නේ නම් එය නායයාම් ආපදා පුර්ව ලක්ෂණ විය හැකි ය.

මෙවැනි ලක්ෂණ දිස්වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කර මෙන් ද හැකි ඉක්මනින් අවදානමින් මිදීම සදහා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් දැනුම් දේ. හදිසි ආපදා තත්ත්වයන් දුරකථන අංක 117 ‍මගින් දැනුවත් කරන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
gossip lanka