gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අඩි රූල ගෙන්න කඩේට ගිය ආච්චිටයි 1වසරේ දුවටයි ලොකු අවාසනාවකට මුහුණ දෙන්න වෙලා

වන අලි ප්‍රහාරයක්  නිසා මිත්තණියක් සහ දියණියක් අම්පාර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදවුර  පොලිස් බල ප්‍රදේශයේ සුහදගම ගම්මානයේදි මියගොස් තිබේ.

ඉකුත් 10 වෙනි දින සවස 6.30 ට පමන දියණියට අඩි රූලක් ගෙන ඒම සදහා මිත්තණිය සහ දියණිය නිවස අසල ඇති කඩයකට ගොස් ඇති අතර අඩි රූල රැගෙන එමින් සිටියදි මෙම වන අලි ප්‍රහාරයට ලක්වු බව ගම්වැසියන් කියති.


මාර්ගය දිගේ අලියා එනවිට මිත්තණිය සහ දියණිය මාර්ගයේ අයිනට ගොස් සැගවි ඇතත් අලියා එම ස්ථානයට පැමින ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබේ.

පසුවම අවට වැසියන් එක්ව මිත්තණිය මධ්‍යම කදවුර රෝහලට සහ දියණිය අම්පාර මහාරෝහලට ඇතුලත් කර ඇතත් ඒ වෙනවිට ඔවුන් දෙදෙනා මිය ගොස් සිටි බව පොලිසීය  පවසයි.

මෙම ගම්මානයට වන අලින් ගේ තර්ජන පවතින අතර අවස්තා කිහිපයකදිම පුදග්ලයින් කිහිප දෙනෙක් වන අලි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ගම්වැසියන් කියති.

මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ සුහදගම ගම්මනායේ විගපුෂ්පා කාන්ති මහත්මිය (54) සහ අවීෂා දෙව්මිණි නැමැති හය හැවිරිදි දැරියෙකිගඑම දැරිය සුහදගම විදුහලේ 1 වසරේ ඉගෙනුම ලබයි.

මෙම ගම්මාන අවට සැරි සරන මිනිමරැ අලියා දැනට දින පහකට පමන උහන තිස්සපුර ගම්මානයේදි පුද්ගලයෙකුට පහරදි ඔහුද මියගොස් තිබේ.

සුහදගමල විරගොඩල රජගමලඋදයපුර ල කුමාරිගම යන ගම්මානවලට අලින් ගේ කරදර දැඩිව පවතින අතර එයට පැහැදිලි විසදුමක් ලබාදිමට වනජීවි දෙපාර්මේන්තුව අසමත් වි ඇති බව ගල්ඔය වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සීගඑච්ගකුමාර මහතා පැවසිය.

අම්පාර දිස්ත්‍රික්කයේ වන අලි කරදර නිතර පවතින අතර කුඹුරැ අස්වනු නෙලිමෙන් පසු වන අලි ඉපැනැලි ආහාරයට ගැනිම සදහා කුඹුරු වලට පැමිණෙන අතර සමහර අලි ගම්වලට කඩා වැදි අලාභ හානි සිදුකරන බව අම්පාර වනජීවී සහකාර අධ්‍යක්ෂක එච්. ජී. වික්‍රමතිලක මහතා පැවසිය. අම්පාර දිස්ත්‍රික්කයේ අලින් ගේ වෙන හානි අවම කිරිම සදහා වනජීවි දෙපාර්මේන්තුව උපරිමයෙන් කටයුතු කරන අතර නමුත් එයට මහජනතාවගෙන් ලැබෙන සහය ඉතා අල්ප බව ද කිය. කෙසේ වෙතත් මෙම  ප්‍රදේශයේ සැරිසරන මිනීමරු අලියා සති දෙකක් ඇතුලත ඇල්ලිමට පියවර ගන්නා බවද සදහන් කලේය.

අම්පාර ධනුෂ්කා දිල්හාණි
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka