gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුරුණෑගල නව තෙමහල් ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කෙරේ!

කුරුණෑගල නව තෙමහල් ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් 02.02.2022 වෙනි අද දින සිදු කෙරිණි.

පළාත් සභා හා පළාත් පාලන කටයුතු අමාත්‍යාංශයේ පුරනැගුම ව්‍යාපෘතිය හා සභා අරමුදල් යොදවා මෙම නව තෙමහල් ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිකර ඇත. මේ සදහා රුපියල් මිලියන 215ක් වැය කර ඇත. 2019 වසරේ අග භාගයේ දී නව ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා මුල්ගල තබා වසර 02ක් ඇතුළත මෙහි ඉදිකිරීම් අවසන් කර ඇත.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ මෙම නව තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.

නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ බිම් මහල තුළ සරප්, මහජන සෞඛ්‍ය කාර්යාලය, ගබඩාව ලේඛනාගාරය, අවන්හල සහ කාය වර්ධන  මධ්‍යස්ථානය ඉදිකර ඇත. තාක්ෂණ අංශය, ආයතන අංශය, ප්‍රජා සංවර්ධන හා පරිසර අංශය, ආදායම් ප්‍රවර්ධන අංශය, මුද්‍රණ අංශය, සභාපතිතුමාගේ කාර්යාලය යනාදිය පළමු මහල තුළ ඉදිකර ඇත.දෙවන මහල තුළ ශ්‍රවණාගාරය, රැස්වීම් ශාලාව ඉදිකර ඇත.

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම, වීදි පහන් නඩත්තු කිරීම, වරිපනම් බදු අය කර ගැනීම, ප්‍රදේශයේ කසල බැහැර කිරීමේ කටයුතු සිදුකිරීම, ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අවශ්‍ය සැලසුම් අනුමත කිරීම, බල ප්‍රදේශයේ දුගී ජනතාව නඟා සිටුවීමට අධාර ලබා දීම, අඩු ආදායම් ලාභීන්ට නිවාස ලබා දීම, පුස්තකාල පහසුකම් ලබා දීම, පරිසර බලපත්‍ර ලබා දීම, ව්‍යාපාර ලියංපදිංචි කිරීම, ආදාහනාගාර පහසුකම් ලබා දීම, ත්‍රිරෝද රථ සංගම් ලියාපදිංචි කිරීම, ග්‍රාමීය පාසල් සංවර්ධනය යනාදිය ප්‍රාදේශීය සභා මගින් සිදු කරයි.

මෙම අවස්ථාවට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, වයඹ පළාත් ආණ්ඩුකාර, හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපති අචල නිමන්ත ඇතුළු දේශපාලන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.  
 

මාධ්‍ය ඒකකය                              
මහාමාර්ග අමාත්‍යාංශය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka