gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හොර අරක්කුවලින් ආණ්ඩුවේ කල්ල මරේ !

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වසරේ පසුගිය මාස 09 ක කාලය තුල දිවයින පුරා වැටලීම් 36,369 ක් සිදු කර ඇති අතර, එහිදී සැකකරුවන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර රජයට දඩ මුදල් ලෙස රුපියල් 141,440,400 ක මුදලක් එක්කර ගැනීමට අවස්ථාව ලබාදී තිබේ.

මේ සම්බන්ධයෙන් හෙළ කළ සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා
වැඩිදුරටත් කියා සිටියේ මෙම ප්‍රමාණය 2017 වර්ෂයේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සිදු කරන ලද වැටලීම් වලට වඩා 1,630 ක වැඩි වීමක් බවයි.

නීති විරෝධී ලෙස කසිප්පු නිෂ්පාදනය කරන ස්ථාන 1,482 ක්,නීති විරෝධී ලෙස කසිප්පු අලවි කළ ස්ථාන 21691 ක්ස හ නීති විරෝධී ලෙස කසිප්පු ප්‍රවාහනය කළ අවස්ථා 4,568 ක් සුරාබදු නිලධාරීන් විසින් පසුගිය මාස 09 ට අත්අඩංගුවට ගෙන ඇත.

හෙරෝයින් මත් කුඩු අලවි කිරීම සහ ළඟ තබා ගැනීමේ චෝදනාවට අදාල ග්‍රහන 1674 ක්ද,ගංජා ළග තබා ගැනීමේ අලවි කිරීමේ වැටලීම් 2657 ක්ද මෙම කාල සීමාව තුළ සිදු කර ඇත.ඊට අමතරව දුම්වැටි සම්බන්ධ වැටලීම් 3354 ක්ද, බීඩි සම්බන්ධ වැටලීම් 700 ක්ද සිදු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත්වී ඇත.

මීට අමතරව මත්පැන් අලවි කිරීම සදහා බලපත්‍ර ලබා දී ඇති ස්ථාන සම්බන්ධයෙන්ද සුරාබදු නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කර ඇත.

එහිදී බලපත්‍ර ලත් ස්ථාන 2,686 කට එරෙහිව සුරාබදු පනත අනුව දඩුවම් නියම කිරීමටද කටයුතු කර තිබේ.

2017 වර්ෂයේ ජනවාරි මස සිට සැප්තැම්බර් දක්වා වූ කාලය තුළදී බලපත්‍ර ලත් ස්ථාන 3,260 කට එරෙහිව සුරාබදු නීතිය අනුව කටයුතු කර ඇති බවත්, මහජනතාවගෙන් ලැබෙන සහාය හේතුවෙන් එවැනි ස්ථාන වල සිදුවන නීති විරෝධී ක්‍රියාවන් මෙම වර්ෂයේ පසුගිය කාලය තුළ අඩුවක් දක්නට ඇති බවද නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කර සිටියේය.

ජුඩ් සමන්ත - හලාවත වාර්තාකරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka