gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උපුල් තරංගට නැති චාන්ස් කුසල් මෙන්ඩිස්ට ලැබෙන හේතුව ගැන නායක චන්දිමාල් කියන කතාව මෙන්න

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රීලංකා කණ්ඩායම අතර ඊයේ (23) පැවති පස්වන එක්දින තරඟයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 219ක ජයක් අත්කර ගැනීමට ශ්‍රීලංකා කණ්ඩායම සමත්විය.

තරඟයෙන් අනතුරුව අදහස් දැක්වූ නායක දිනේෂ් චන්දිමාල් පැවසුවේ සියලු ගෞරව කණ්ඩයමේ ක්‍රීඩකයන්ට සහ පුහුණුකරු ඇතුළු කාර්ය මණ්ඩළයට හිමිවිය යුතු බවයි.එමෙන්ම ලෝකයේ අංක එකේ
එක්දින කණ්ඩායම පරාජය කිරීම මහත් සතුටක් බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී කලකට පසුව සුපුරුදු රිද්මයට පැමිණි කුසල් මෙන්ඩිස් පිළිබඳවද චන්දිමාල් අදහස් පලකලේය.

එහිදී ඔහු සඳහන් කළේ කුසල් මෙන්ඩිස්ව කණ්ඩායමේ රඳවා ගැනීමට ඔහුගේ පන්දු රැකීම ඉවහල් වූ බවය.එමෙන්ම මෙන්ඩිස් දක්ෂ පිතිකරුවෙකු බවත් ඒ විශ්වාසය මත කණ්ඩයමේ ස්ථානය ඔහුට ලබාදුන් බවත් සඳහන් කළේය.

මෙහිදී මාධ්‍යෙව්දියෙකු චන්දිමාල්ගෙන් විමසුවේ දිගින් දිගටම අසාර්ථක වූ කුසල් මෙන්ඩිස්ට කණ්ඩායමේ හිමිවූ ස්ථානය උපුල් තරංගට හිමි නොවන්නේ මන්ද යන්නයි.

ඊට පිළිතුරු දුන් චන්දිමාල් සඳහන් කළේ උපුල් තරංග අත්දැකීම් බහුල වටින ක්‍රීඩකයෙකු නමුදු කණඩායමක් ලෙස කුසල් මෙන්ඩිස්ව මේ මොහොතේ විශ්වාස කළ බවයි.ඔහු තරුණ ක්‍රීඩකයෙකු බවත් අඩුපාඩු නිවරැදි කරගැනීමට කාලය ඇති බව සහ මෙන්ඩිස්ගේ පන්දු රැකීම ඉහළ තැනක තිබෙන බවත් ශ්‍රීලංකා නායකයා සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka