gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනයේ කැනීමකින් වසර 600 කට වැඩි පැරණි චීන මැටි බඳුන් කොටස් හමු වෙයි..

යාපනය අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේදී චීන පුරා විද්‍යා නිලධාරීන් පිරිසකට චීනයේ නිශ්පාදිත වසර 600 කට වඩා පැරණි මැටි බඳුන්වල කැබලි කොටස් රැසක් හමු වී ඇති බවට කැනීම් කටයුතු වල නිරත වූවන් පවසා සිටිති.

චීන ජාතික පුරා විද්‍යා නිලධාරීන් පිරිසක් විසින් අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ විශේෂ කැනීමක් සිදු කර ඇත්තේ මීට වසර ගණණාවකට පෙර යාපනය
කොටුව ආශ්‍රිතව පැවති වානිජ කටයුතු සඳහා චීනයේද සම්බන්ධයක් ඇති බවට තොරතුරු අනාවරනය වීමත් සමගය.

මේ අනුව කැනීම්සිදු කරන ලද චීන ජාතික පුරා විද්‍යා නිලධාරීන් හට චීනයේ නිශ්පාදිත ඉතා පැරණි මැටි බඳුන්වල කැබලි 654ක් හමු වී ඇති අතර එම කැබලි වසර 600 කට වඩා පැරණි බවටද එම චීන ජාතික පුරා විද්‍යා නිලධාරීන් විසින් සැක පල කර සිටිති.

කෙසේ වෙතත් හමු වූ මැටි බඳුන් කැබලි වල කාල නිරනය කිරීම සඳහා චීන ජාතික පුරා විද්‍යා නිලධාරීන් විසින් එම කැබලි චීනයේ ෂැන්හයි විශ්ව විද්‍යාලය වෙතට යැවීමට කටයුතු යොදා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka