gossip lanka

නොගෙවූ ණය පෙන්වාදීම ගැන සරසවි ආචාර්යවරු කිපෙති

උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලැබ විදේශ ගතවු විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ණය නොගෙවන හොරුන් ලෙස හුවා දක්වමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගත් පියවර සදාචාර විරෝධී ක්‍රියාවක්යැයි  විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වැඩබලන ලේකම් ආචාර්ය අතුල සමරකෝන් මහතා කොළඹ දී ඊයේ (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ නම් ගම් හා ඇපකරුවන්ගේ නම් ගම් ආදිය පුවත්පත් හරහා ප්‍රසිද්ධ කිරිම පිළිබඳව සමස්ත විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අතර බලවත් කලකිරිමක් හටගෙන
ඇතැයි ද කොළඹ මරදාන සමාජීය හා සාමුහික කේෂ්ත්‍රයේ පැවති එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔහු කීය.

පුවත්පත් දැන්වීමේ ප්‍රසිද්ධ කළ ඇතැම් තොරතුරු නිවැරදි නොවන අතර ඒවා කිසිදු සොයා බැලීමකින් තොරව පළ කර තිබෙන අතර එමගින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නොහැකියාව ඉස්මතු වන බවද හෙතෙම සඳහන් කළේය.

ආචාර්ය මහාචාර්යවරුන් ණයකරුවන් හෝ මුදල් නොගෙවා පැහැර හරින්නන් බවට සමාජය හමුවේ අපහාසයකට ලක් කිරිම සමස්ත අධ්‍යාපන කේෂ්ත්‍රයටම ආණ්ඩුව සිදුකළ නිග්‍රහයක් බව ද එහිදී ආචාර්ය සමරකෝන් මහතා සඳහන් කළේය


gossip lanka