gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලාංකික සිසුවා ත්‍රස්ත චෝදනා වලින් නිදහස්

සිඩ්නි නගරයේ තෝරාගත් "වැදගත්" පුද්ගලයන් සහ ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා සැලසුම් කරන ලදැයි සැක කරමින් ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු වන මොහොමඩ් කමර් නිසාම්ඩීන් හට එල්ල වූ චෝදනා ඉවත් කර තිබේ.

විසිපස් හැවිරිදි මොහොමඩ් අගෝස්තු 30 වැනිදා ඕස්ට්‍රේලියාවේදී එරට පොලිස් අත්අඩංගුවට පත්විය.

ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ තොරතුරු
ඇතුළත් වී ඇති බවට සැක කළ සටහන් පොතේ ඇති අත්අකුරු මොහොමඩ් කමර් නිසාම්ඩීන්ගේ අත්අකුරු සමග කිසිදු ගැළපීමක් නොමැති බවට විශේෂඥ පර්යේෂණ මගින් තහවුරු වීමෙන් පසුව පසුගිය මාසයේදී ඔහුට ඇප ලැබුණි.

අද (19) දිනයේ ලැබුණු අධිකරණ තීන්දුවෙන් අනතුරුව ඔහුගේ නීතිඥවරයා පවසා තිබුණේ බලධාරීන් විසින් සිය සේවාදායකයා හට කර ඇත්තේ සමාව ලබාදිය නොහැකි වරදක් බවත්, ඉදිරියේදී නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ සම්බන්ධයෙන් යුක්තිය ලබාගැනීමට කටයුතු කරන බවත්ය.

කෙසේවෙතත්, අද දිනයේ අධිකරණයේදී මොහුගෙන් සමාව ගැනීමට ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත පොලිසිය ප්‍රතික්ෂේප කර තිබුණේ නිසාම්ඩීන් ට බලපෑමක් එල්ල කර ඇත්තේ ඉහත සඳහන් සටහන් පොත පසුපස සිටින්නන් බව පවසමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka