gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු ක්‍රිකට් නායක අර්ජුනගේ සිද්ධියත් සමග ICC සහ එංගලන්තයත් කලබල වෙලා - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දුරකතන ඇමතුම්

රටේ වත්මන් දේශපාලන තත්ත්වය ශී‍්‍ර ලංකා - එංගලන්ත කි‍්‍රකට් තරගාවලියට බාධාවක් නොවන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා.

එහි ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පැවසුවේ මෙම තරගාවලිය සම්බන්ධයෙන් පළ වන ඇතැම් වාර්තා ද අසත්‍ය බවයි.

මේ පිළිබඳ එංගලන්ත කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා ද දුරකතනයෙන්
අමතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් විමසීමක් කර තිබෙනවා. තමන් එහිදී මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමක් කළ බවයි ඈෂ්ලි ද සිල්වා ප‍්‍රකාශ කළේ.

හිටපු කි‍්‍රකට් නායක, හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග සම්බන්ධයෙන් මතුවු සිද්ධියත් සමග ශී‍්‍ර ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්යෙන් එංගලන්ත කි‍්‍රකට් බලධාරීන්ගේ දැඩි අවධානය වුණා.

මේ අතර මහනුවර පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේ පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගය කොළඹ පැවැත්වීමට තීරණය කළ බවට පැතිර යන වාර්තා අසත්‍ය බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ. ශී‍්‍ර ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ගාල්ලේදී ලබන මස 06වැනිදා ආරම්භ වීමට නියමිතයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka