gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අරලියගහ මැදුරේ කෑම නවතී - ලයිට් වතුර අද කපනවාලු

දේශපාලන බල පෙරළියෙන් පසු මේ වනවිට එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කන්ඩායම තමන්ට
සාධාරණත්වය ඉටුකරන තුරු අගමැති කාර්යාලය ලෙස පාවිච්චි කළ කොල්ලුපිටියේ අරලියගහමන්දිරයේ නවාතැන්ගෙන සිටිති. මින් ඉවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ විමල් ඇතුලු මන්ත්‍රීවරුන්ද දොලවත්ත නීතීඥයාද නිල නිවේදන මගින් දන්වා තිබෙන නමුත් ඔවුන් ඉන් ඉවත්ව
නොයා පවසා තිබෙන්නේ පාර්ලිමේන්තුව රැස්කර
සාධාරණ ලෙස අගමැතිවරයෙකු පත්කරන ලෙසයි. එහිදී අගමැති ලෙස මහින්ද පත්වුවොත් තමන් පිරිස ඉවත්ව යන බවද දන්වා ඇත,

මේ අතරවාරයේ අගමැතිවරයා ලෙස රනිල්ට ලබාදී තිබූ ආරක්ෂාව අඩුකර පොලිස් නිලධාරීන් 10 ක පමණ යොදවන්නට පොලිස්පති පූජිත ජයසුන්දර ආණ්ඩුවේ උපදෙස් පරිදි ක්‍රියා කර තිබේ.
අගමැති සොයුරු ශාන් වික්‍රමසිංහ අද 29 උදෑසන සිය ගුවන්විදුලි නාලිකාවෙන් ප්‍රකාශ කර සිටියේ මේ ආකාරයට රැඳී සිටින එජාප පිරිස එළවා දමන්නට අදිසි හස්තයක් මගින් මේවනවිටත් බලපෑම් එල්ල කරමින් සිටින බවයි.

ඒ අනුව ඊයේ වනවිට අරලියගහ මන්දිර කේටරින් සේවයට ඉන් ඉවත්වන ලෙස දන්වා ඇති අතර පදිංචිව සිටින පිරිසට කැම සැපයීම ඒ අනුව නතරවී ඇත.
අභ්‍යන්තර ආරංචි අනුව අද දිනයේ අරලියගහමැදුරේ විදුලි බලය හා ජලය නවතන සූදානමක් ඇති බවද ශාන් වික්‍රමසිංහ හෙළි කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka