"මම ඉන්නේ මහත්තයා එක්ක... කතා කරන්නේ හොඳටම දන්න අයට විතරයි... ජූනිවල ලංකාවට එනවා.." - සමාජ මාධ්‍ය කැළඹූ පූජා, සියල්ල හෙළි කරයි

උමාශංකර් ගැන පහුගිය දින කීහිපයේ දැඩි කතා බහක් ඇති වුණා.
ඒ හැම දේකටම උත්තර දෙන්න පූජා, මේ සති අන්තයේ පුවත්පතක සංවාදයකට එක්ව තිබුණා.

මේ එම සටහනයි....

පූජා කෝ කියලා මේ දවස්වල ඔබේ රසික රසිකාවියෝ හොයනවා. ඇත්තටම පූජා කොහෙද ඉන්නේ ?

මම ඉන්දියාවේ බැංගලෝර්වල ඉන්නේ. තාත්තායි අම්මයි එක්ක මයිසූර්වල ඉඳලා බැංගලෝර්වලට ආවා.

ලංකාවෙන් ගියේ ඇයි.?

මම ඉන්දියාවට ගියාට පස්සේ කොවිඩ්වලට ලොක්ඩවුන් නිසා ඉන්දියාවේ හිරවුණා. ඉන්දියාවේ ‘ඩාන්ස් ජෝඩි ඩාන්ස්’ කියන තරගයේ විනිශ්චය මණ්ඩලයට තමයි මම ගියේ. ඒක තිබුණේ චෙන්නායිවල. ලොක්ඩවුන් නිසා ලංකාවට එන්න ගුවන් යානා තිබුණේ නැහැ. ඒ නිසා මම මයිසූර්වලට ආවා. මයිසූර්වල තමයි අම්මයි තාත්තයි ඉන්නේ. ප්‍රශාන්, මම ඉන්නේ බැංගලෝර්වල. මගේ මල්ලි ඉන්නෙත් බැංගලෝර්වල අපේ ගෙවල් කිට්ටුව.

පූජා ක්‍රිස්තියානි ආගමේ පැවිදි දිවියට ඇතුළත් වෙලා කියලා යන ප්‍රචාරය මොකක්ද ?

අනේ මන්දා. ඒ පැතිර යන කතා ඔක්කොම බොරු. සාමාන්‍යයෙන් අපි අපේ සමාජ මාධ්‍යවලට දාන්නේ අපි ආසා කරන දේවල්නේ. මට මේ දවස්වල වෙලාවක් නැහැ, ගෙදර වැඩ. ගෙදර කාපෙන්ටි්‍ර වැඩ ගොඩක් තිබුණා. අපි ඉන්නේ අපාර්ට්මන්ට් එකක. මේ ගෙවල්වල දහනව දෙනෙක් ඉන්නවා. ඉතිං මේ අපාර්ට්මන්ට් එකේ පොදු වැඩවලදී මම මූලිකත්වය අරන් වැඩ කරනවා. ප්‍රශාන්ගේ නැන්දා කෙනෙක් නැති වුණා. ඒ අවසන් කටයුතුවලට ගියා. මේ වැඩ නිසා මට වෙලාවක් තිබුණේ නැහැ මගේ ෆේස් බුක් එකයි ඉන්ස්ටර්ග්‍රෑම් එකයි අප්ඩේට් කරන්න. හැබැයි ලොක්ඩවුන් එකෙන් පස්සේ මම ගොඩක්ම අප්ඩේට් කරලා තිබුණේ ජේසුස් වහන්සේ ගැනයි බයිබලය ගැනයි. ඒ වගේ මම ආස කරන දේ තමයි මගේ ෆේස් බුක් එකේ දැම්මේ. ඒ නිසා මිනිස්සු හිතාගෙන ඉන්නවා මම ආධ්‍යාත්මික ගමන් මග තෝරාගෙන කියලා. ආධ්‍යාත්මික ගමනට අපි ඔක්කොම බහින්න ඕනෑ තමයි. ඒත් බොහෝ දෙනෙක් හිතන්නේ ආච්චිලා සීයලා තමයි අධ්‍යාත්මික ගමන් මගට බහින්න ඕනෑ කියලා. ඒත් අපි තරුණ වයසේදීම දෙවියන් සමග අධ්‍යාත්මික ගමන යා යුතුයි. ජීවිතය එපා වුණාම විතරක් දෙවියන් හොයාගෙන යන්න නරකයි.

 ඔබ සිනමාවට ආ මුල් දවස්වල ප්‍රකාශ කරලා තිබුණා විවාහයෙන් පසුව සිනමාවෙන් ඉවත් වන බවට තාත්තට පොරොන්දු වුණා කියලා?

හරියට හරි.. දැන් කාටවත් ඒක මතක නැහැ. ඔයාට විතරයි මතක තිබුණේ. මට වුවමනා වුණා මගේ ගෙදර අය, යාළුවෝ එක්ක කාලය ගත කරන්න. හැමදාම වැඩ, වැඩ කියලා දුවන්න මට දැන් වුවමනා නැහැ. මට වැඩ කරන්න පුළුවන්. ඒත් තාත්තා අම්මා එක්ක කාලය ගත කරන එක සතුටක්. වයස අවුරුදු හතරේ ඉඳලා එම්. බී. ඒ. උපාධිය කරනකල් මමයි මල්ලියි හැදුනේ හොස්ටල්වල. ඉන්පස්සෙ මම සිනමාවේ. අම්මා, තාත්තා එක්ක කාලය ගෙවන්න කවදාවත් බැරි වුණා. දැන් මට අවස්ථාව තියෙනවා ගෙදර අය එක්ක ගත කරන්න. එතකොට මම තෝරාගත යුත්තේ පවුලද නැත්නම් සිනමාවද? මම පවුල තෝරා ගත්තා. සිනමාවට වඩා මට මගේ පවුලේ අය වටිනවා.

මට ඒ කාලේ ෂූටිං නිසා කිසිම දේකට වෙලාව තිබුණේ නැහැ. පවුලේ විවාහ උත්සව, උපන් දින උත්සව හුඟාක් මග හැරුණා. ෂූටිං නිසා මගේ සාමාන්‍ය ජීවිතේ නැති වුණා. පවුලේ අය එක්ක වගේම දෙවියන් සමගත් ගතකරන්න කාලය නැතිවුණා. ඒත් දැන් මට මගේ පවුලේ අය හමුවෙනවා. මම පහුගිය දවස්වල පෝෂණ විද්‍යා ගැනත් ඔක්කොම ඉගෙන ගත්තා. ඒ අතර මම බයිබල් අධ්‍යයන කටයුතු කරනවා. වෙලාව නැති නිසා මම කලින් ඒවා කරලා තිබුණේ නැහැ.

 කවුරුවත් ඔබට ආරාධනා කරන්නේ නැද්ද නැවත චිත්‍රපටවල රඟපාන්න?

නැහැ. මගේ දුරකථන අංකය හැම කෙනෙක් ළඟම නැහැ. මම කිසිම කෙනෙකුට මගේ ටෙලිෆෝන් නොම්මරේ දුන්නේ නැහැ. අනෙක හොඳටම දන්න අයට විතරයි මම කතා කරන්නෙත්. සෝමරත්න දිසානායක අයියා, රේණුකා අක්කා එක්ක මම කතා කරනවා. සුනිල් ආරියරත්න සර් එක්ක සමහර වෙලාවට කතා කරනවා.

ඒ කියන්නේ ඔබ යළි කිසිදාක ඉන්දියාවේ හෝ ලංකාවේ සිනමාවට සම්බන්ධ වන්නෙ නැද්ද?

මොනවා හරි වැඩක් කරන්න ඕනෑ කියලා මම හොය හොයා යන්නෙ නැහැ. කවදාක හරි මම කැමැති චිත්‍රපටයක් ලැබුණොත් ඒක කරන්න ඉඩ තියෙනවා. ඒත් මම දැන් තීරණයක් අරගෙන නිසා ඒ ගැන හරියටම හිතන්න බැහැ. ගෙදරක කරන්න කොච්චර වැඩ තියෙනවද?. රඟපාන්න වෙලාවක් නැහැ. ලංකාවෙ පොඩි සිනමා කර්මාන්තයක්නේ තියෙන්නේ. හොඳ චිත්‍රපට ටිකක් මට ලැබුණා. ඒක මට ආශිර්වාදයක්. අන්තිමේ දක්ෂතම නිළියත් වුණා. ඔක්කොම ලස්සන චිත්‍රපට ටිකේ මමම රඟපාන්න ඕනේ නැහැනේ. දැන් ඇති. අලුතින් එන අයට ඉඩ දෙන්නත් එපායැ.

සිනමාවෙන් ඉවත් වුණ එක ගැන ප්‍රශාන් මොනවද කියන්නේ.?
එයා මට නිදහස දීලා තියෙන්නේ. ඔයාට අවශ්‍ය නම් රඟපාන්න නැත්නම් අයින් වෙන්න කියලා තමයි ප්‍රශාන් කියන්නේ. අපි දෙන්නම බයිබල් ස්ටඩි කරනවා. අපි දෙන්නම පල්ලියට යනවා.

ලංකාවට යන්නේම නැද්ද ?
මම පහුගිය ජූලි මාසේ ලංකාවට ගියා. බම්බලපිටියේ අපේ ගෙදර තියෙනවා. ඒ ගෙදර තිබුණ මගේ ඇඳුම් පැළදුම් ඔක්කොම නැති බැරි අයට දුන්නා. බොහෝ විට මේ අවුරුද්දේ ජූනි වල ලංකාවට එන්න ඉඩ තියෙනවා. ප්‍රශාන්ගෙත් අම්මා ඉන්නෙ ඔස්ටේ්‍රලියාවල. ප්‍රශාන් සම්බන්ධ වෙලා ඉන්නේ තේ කර්මාන්තයට. ප්‍රශාන්ගේ බිස්නස් වැඩකට ලබන මාසේ අපි දෙන්නම ඩුබායි යනවා.

පූජාගේ පවුල් ජීවිතය අසාර්ථකයි. ඇය බණ භාවනා කරන්න යොමුවෙලා කියලා ශ්‍රී ලංකාවේ මාධ්‍යවල පළවන ප්‍රවෘත්ති ගැන මොනවද කියන්න තියෙන්නේ?
ඒ ඔක්කොම බොරු. දැන් මාත් එක්ක කතා කරද්දි ඔයාටත් තේරෙනවනේ. රසික රසිකාවියෝ මට තමන්ගේ පවුලේ කෙනකුට වගේ හදවතින්ම ආශිර්වාද කළා. ඒකට මගේ රසිකයින්ට ස්තුතියි. දෙවියෝ මා සමග ඉන්නවා කියන එකට සාක්ෂි තමයි මගේ රසිකයෝ. සිනමාවෙන් විතරක් මාව දැකලා රසිකයන් මට මේ තරමට ආදරේ කරනවා කියන්නේ ඒක මට ආශිර්වාදයක්. මම හැමදාම දෙවියන්ට සහ මගේ රසිකයින්ට ආදරෙයි. ළඟදීම මගේ ෆේස්බුක් එක මම අප්ඩේට් කරන්න පටන් ගන්නවා. ඒත් මම කන බොන හැටි අඳින පළඳින හැටි වගේ පුද්ගලික දේවල් ඒකේ දාන්නේ නැහැ.
අජිත් අලහකෝන් – නිව්යෝර්ක්

“ගමේ ලස්සනම ලේලි අපේ අම්මගේ වේවී... රාජපක්ෂ පවුල මුළු ගමේම වැජඹේවී” – රාජපක්ෂ පවුලේ අලුත්ම සින්දුව සමාජ මාධ්‍ය කළඹයි

තරුණ පරම්පරාව අතර වැඩිපුර ආකර්ක්‍ෂණය දිනාගෙන සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි සඳනි ප්‍රනාන්දු කියලා කියන්නෙ.

සදනිට ආදරේ කරන ප්‍රේක්ෂකයන් ගොඩක් ඉන්නවා. ඇය නම් ලංකාවේ ලස්සනම නිළිය කියන්න පුළුවන්.

මොකද ඒ තරම්ම ඇය ලස්සනයි.

ඇගේ ලස්සන ගැන නම් කියන්න වචන නෑ. පංච කල්‍යාණිය උපරිමයෙන්ම තියන නිළියක් විදියට ඇයව හදුනගන්න පුලුවන්.

සදනිගේ අලුත්ම විස්තර දැනගන්නත් සදනිගේ ප්‍රේක්ෂකයන් බලාගෙන ඉන්නවා.

සදනි තරුණ පිරිමි ළමයින්ගේ සිහින කුමරිය වුණත් ලංකාවේ ඒ අදහස නම් ඔවුන්ට අත් හැරගන්න වෙලා.

ඒ පියත් රාජපක්ෂ නිසා.

ඒ දෙන්නගේ ආදර කතාවත් හරිම ජනප්‍රියයි.

දෙන්නම ලගදිම විවාහ ජීවිතයකට යන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි ආරංචිය තියන්නේ.

මේ දවස්වල ඇහෙනවා හරි අපූරු වචන ටිකක්,

”ගමේ ලස්සනම ලේලි අපේ අම්මගේ වේවී

නුඹ මං එක්කලා ඉද්දි තව හැඩට පෙනේවී

නෑදෑයොන්ට ගොඩක් ඊරිසියා හිතේවී

රාජපක්ෂ පවුල මුළු ගමේම වැජඹේවී…”

මේ තමයි පියත්ගෙ ඊළඟ සිංදුව… ”බඳිමු සුදා”

ටික්ටොක්වලත් හරි ජනප්‍රියයි මේක.

ඔන්න ඉතින් සිංදුවේ වචන ටික පළවෙනි වතාවට අහන සඳනිගෙ ප්‍රතිචාරත් අපිට මේ විදියට දකින්න ලැබුණා.

බිම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා කර මතින් ඔසවා තැබූ පුත්තලම් දිස්ත්‍රික් ජනතාව ඇතුළු දේශපාලන අධිකාරියට ස්තූති කරමින් සනත්ගේ බිරිඳ සංවේදී වෙයි

කොළඹ – කටුනායක අධිවේගී මාර්ග රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වු අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණා.

ඒ, රාජකදලුව රෝමානු කතෝලික සුසාන භූමියේ දී.

සනත් නිශාන්ත අමාත්‍යවරයාගේ අභාවය සැලවූ මොහොතේ සිට තමන් හා ශෝකය බෙදා හදා ගත් සියලු පාර්ශව වෙත අමාත්‍යවරයාගේ බිරිඳ සිය සංවේදී ස්තුතිය ප්‍රකාශ කර සිටියා.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභුවරුන් බොහෝ දෙනෙක් වෙත ඇය සිය ස්තුතිය පළ කරන්නට අමතක කළේ නැහැ.

ඇය විසින් සිදු කළ ස්තුති කතාව පහතින්,

“සිද්ධිය සිදුවූ අවස්ථාවේ මට දුරකතන ඇමතුමකින් මා අමතා ශෝකය ප්‍රකාශ කළ පොදු ජන පෙරමුණේ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන්, සාගර කාරියවසම් මැතිතුමන්, ගරු කැබිනට් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු කාන්තා විධායක සභාව ප්‍රමුඛ සියලු සාමාජීකයින්ටත් ස්තුතියි.. වැඩවලින් හෙම්බත් වෙච්ච කාර්යමණ්ඩලයට…. සියලු රාජ්‍ය ආයතන නිලධාරින්ටත් ගෞරවනිය ස්තුති කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා. අමාත්‍යතුමන්ගේ ශෝකාකූල අවස්ථාව විකාශය කරන, මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ටත් මගේ ගෞරවනිය ස්තුතිය පිරිනමනවා. එතුමාගේ අභාවය සැලවූ මොහොතේ සිටන් ශක්තියක් වූ සියලු ලක්වාසී සැමටත්, ලෝක වාසී සැමටත්, එතුමාගේ සියලු ඥාතී හිතවතුන් වෙනුවෙන් ගෞරවනිය ස්තුතිය පිරිනමනවා.”

සනත් නිශාන්තගේ රියැදුරාගේ ප්‍රකාශ ගැන සැකයක් එයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මරණයට පත්කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ රිය අනතුර සිදුවූ ආකාරය ගැන එම රථය පැදවූ රියැදුරු සැබෑවක් පවසන්නේදැයි රථවාහන අංශවල සේවයේ නිරත නිලධාරීන්ට ගැටලුවක් මතු වී තිබේ.

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කළ ජීප් රථයේ රියැදුරු පොලිසියට පවසා ඇත්තේ කන්ටේනර් රථයට සිය රථය ඉස්සර කිරීමට යාමේදී වෙනත් වාහනයක් ද ඉස්සර කිරීමට ගිය බැවින් අනතුරක් සිදුවේ යැයි සිතා තමා අනතුරක් වළක්වා ගැනීමට වාහනය වමට ගන්නා අවස්ථාවේදී කන්ටේනරයේ ගැටුණු බවය. මෙම අනතුර සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති විමර්ශනයේදී හෙළිවී ඇති ආකාරයට අනුව රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කළ රථය අනතුරට ලක්වන විට පැයට කිලෝමීටර් 140ට වැඩි වේගයකින් ගමන් කර තිබී ඇත. අනතුරත් සමඟ වාහනයේ වේග මීටරය නැවතී ඇත්තේ 140ට ආසන්න ප්‍රමාණයෙනි. මෙතරම් වේගයකින් ඉදිරියට ධාවනය වෙමින් තිබුණු වාහනයක් පස්සේ ඊට වඩා වේගයෙන් වාහනයක් ධාවනය කරමින් ඉස්සර කරයි ද? යන්න රථවාහන නිලධාරීන් අතර මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

ඒ සම්බන්ධයෙන් මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන පවත්වන නිලධාරීන් අතරද යම් සැකයකට තුඩු දී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය. මෙතරම් අධික වේගයකින් අධිවේගී මාර්ගයේ ගමන් කරන රථවාහන හැමවිටම ධාවනය වන්නේ දකුණුපස මංතීරුවේ බවද රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් පෙන්වා දෙයි. එසේ තිබියදී මෙතරම් වේගයකින් ධාවනය කරන වාහනයක් වම් තීරුවේ ගමන් කරමින් කන්ටේනර් රථයක් ඉස්සර කිරීමට යාම ගැන ද ඇත්තේ ගැටලුවක් බවද එම නිලධාරීන් සඳහන් කරති. එම නිලධාරීන් පෙන්වා දෙන්නේ බොහෝ විට මෙම අනතුර රියැදුරු පවසන ආකාරයට සිදු වී තිබේදැයි එකවරම පිළිගැනීමට අපහසු බවය. මෙම අනතුර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද යම් සුවිශේෂි විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇත. ඒ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා අනතුරට ලක්වන විට ජීප් රථය පැදවූ රියැදුරු ඊට දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැර තිබුණු පණිවුඩයක් මුල්කරගෙනය. ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රියැදුරාගේ ජංගම දුරකතනය ද පසුගිය 26 වෙනිදා සිය භාරයට ගත්තේය.
එම නිලධාරීන් විසින් අධිවේගී මාර්ගයේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කළහොත් මෙම අනතුර සම්බන්ධයෙන් රියැදුරුගේ ප්‍රකාශවල ඇත්ත නැත්ත පැහැදිලිවම අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි ද රථවාහන අංශයේ නිලධාරීන් පවසති.

බිලියන පහක් ගල්කල බස්නායක නිලමේ හා නිලිය මෙන්න

වැඩි පොලියක් ලබා දෙන බවට පවසමින් රජරට හුරුළු ව්‍යාපාරය ගොවි ජනතාව රවටා “ට්‍රෙරෙඩ්වින් “නමින් පිරමීඩ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම් කළේ යැයි කියන උපාධිධාරී බස්නායක නිලමේවරයා සහ සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ සැඟවාගෙන සිටියේ යැයි කියන ටෙලි නිලියක ලබන 05 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කහටගස්දිගිලිය වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ දිමුතු මහතා නියෝග කළේය.

අත්අඩංගුවට ගත් වීරසේකර මුදියන්සේලාගේ තරිඳු ඉරෝස් වීරසේකර නමැති චිත්‍රපට හා රූපවාහිනී ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වූ එගොඩ ගෙදර චමිලා පියදර්ශනී රාජරත්න නමැති සැකකාරිය ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

පෙරේදා දින අත්අඩංගුවට ගත් සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාලගත විමර්ශන ඒකකය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

එම ඒකකයේ උප පොලිස් පරීක්ෂක තිවංක දසානායක සහ පොලිස් කොස්තාපල් ජයරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකරු වසර දෙකක් තිස්සේ පොලිස් විමර්ශන වලට සහාය නොදී සැඟව සිටි පුද්ගලයෙකු බවය.සැකකරු උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි දේපළ රැසක් මිලදී ගෙන ඇති පුද්ගලයෙකු බවද,විමර්ශන රැසක් සිදු කරන බැවින් එමදේපළ පිළිබඳ කරුණු මෙම අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දසනායක මහතා සඳහන් කර සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් ගොවීන් 180කට අධික පිරිසක් මේ වන විට පැමිණිලි කර ඇති බවත්,පසුගිය ජූලි මාසයේදී කහට ගස් දිගිලියප්‍රදේශයේ විරෝධතා ව්‍යාපාරයක් ඔවුන් සංවිධානය කර තිබූ බවත් සඳහන් කළ පොලිස් නිලධාරියා මොහුට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇතිවිය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඉල්ලා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සුරාජ් වල්ගම හා ඉන්දික විජයවර්ධන යන මහත්වරුන් පෙනී සිටියේය.

මිනිසුන් බෝඩ් ලෑල්ලක් අල්ලා සිටි පමණින් එය මහජන කැළඹීමක් නොවන බැවින් සැකකරුට ඇප ලබා දෙන්නැයි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.නඩු කටයුතු වලට ඕනෑම අවස්ථාවක සහය දීමට අධිකරණයට ඉදිරිපත් වන බවත් ඇප ලබා දෙන ලෙසත් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

– lankadeepa

සනත් නිශාන්තගේ නිසල දේහය බලන්න මහින්දානන්ද සහ බිරිද එයි – කවුරුත් නොදුටු වීඩියෝව මෙන්න (VIDEO)

අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය දැක ගැනීමට මැති ඇමතිවරුන් ඇතුළු කලා තරු බොහෝමයක් අද (25) රාගම රෝහල වෙත පැමිණ තිබෙනවා.

කටුනායක අධිවේගී මාර්ගයේ අද අලුයම සිදු වූ මාරක රිය අනතුරක් හේතුවෙන් අමාත්‍යවරයා ජීවිතක්ෂයට පත් වුණා.

රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ රාත්‍රීයේ කුරුණෑගල සහ හලාවත ප්‍රදේශවල පැවති විවාහ උත්සව දෙකකට සහභාගී වී නැවත කොළඹ බලා යමින් සිටිය දී මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මිය යන විට 48 වන වියේ පසු වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සිව් දරු පියෙක්.

2015 වසරේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පුත්තලම දිස්ත්‍රික්කයෙන් තරග කර මනාප අසූ දහස් අසූ දෙකක් ලබා එහි පළමු ස්ථානයට පත් වෙමින් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

ඊට පෙර ඔහු වයඹ පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙසත්, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා.

සනත් නිශාන්තට මරු කැද වූ මාරක අනතුරේ වීඩියෝ දර්ශන මෙන්න - (සංවේදී අය නැරබීමෙන් වළකින්න)

සනත් නිශාන්තට මරු කැද වූ මාරක අනතුරේ වීඩියෝ දර්ශන මෙන්න 

(සංවේදී අය නැරබීමෙන් වළකින්න)

ජින්තුපිටියේ මහ රෑ වෙඩි තියපු එකෙක්ව මිනිස්සු වටවෙලා පිස්තෝලයත් එක්කම අල්ලා ගනී! බයික් එකේ ආ අනෙකා පැනලා! එක්කෙනෙක්ට වෙඩි වැදිලා! (VIDEO)

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී අද රාත්‍රි කාලයේ සිදු වූ වෙඩිතැබීමකින් එක් අයකු තුවල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර ඇතැයි පොලිසිය කියයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබු බව කියන සැකකරුවන් දෙදෙ⁣නාගෙත් එක් සැකකරුවකු පැමිණි යතුරු පැදිය සමග වෙරළබඩ පොලිස් ස්ථානයේ නිළධාරීන්  අත්අඩංගුවට ගෙන මේවනවිටත් ආදුරුප්පුවිදිය පොලිසිය වෙත භාරදී ඇත

සැකකරුවන් වෙඩි තැබීමට භාවිතා කළ පිස්තෝල අවියද අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර, අනෙක් සැකකරු සොයා විමර්ශන සිදුකරනු ලබයි.

ආදුරුප්පුවීදිය ජින්තුපිටිය වීදියේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

අමුතුම ආකාරයේ ප්ලෑන් එකකට මනු කියවන්නෙක් කොල්ලකෑ පොඩි කොල්ලෝ 05ක් අල්ලයි

විදුලිබල මණ්ඩලයේ මනු කියවන්නකු විල්ලෝරාවත්ත නිවසකට සැලසුම් සහගතව ගෙන්වාගෙන නිරුවත්කර පහරදී රුපියල් ලක්ෂයකට ආසන්න මුදල් කොල්ලකෑ පස්දෙනකුගෙන් යුත් තරුණ කල්ලියක් අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 17 හා 20 අතර පසුවන්නන් බව පොලිසිය පවසයි.

“ග්‍රින්ඩර් “යනුවෙන් සඳහන් ඇප් එකක අත්අඩංගුවට ගත් සැකකාර තරුණයකු ලියාපදිංචිවී, ශරීරය සම්බාහනය කරගැනීම සඳහා මනු කියවන්නාව විල්ලෝරවත්තේ නිවසට සූක්ෂම ලෙස ගෙන්වාගෙන මෙම කොල්ලකෑම සිදුකර තිබූ බව පොලිසිය කියයි.

බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි මනුකියවන්නා සැකකාර තරුණයා ජංගම දුරකථනයට ඒවා තිබූ ගමන් මාර්ගය (location) ඔස්සේ විල්ලෝරාවත්ත නිවස සොයා යෑමෙන් අනතුරුව, ඔහුට නිවසට පැමිණෙන ලෙස ඇරයුම් කළ තරුණයා ඔහුගේ ද ඇඳුම් ද උනාදමා නිරුවත්වීමෙන් අනතුරුව පැමිණි මනු කියවන්නාද නිරුවත් කර ඇතැයි පොලිසිය පවසයි.

මඳ වේලාවක් ගත වෙද්දී නිවස වටා සැඟව සිටි අනෙක් සෙසු තරුණයන් නිවස තුළට කඩාවැදී නිරුවත්ව සිටින මනු කියවන්නාට පහරදී මරණ තර්ජනය කර, තරුණයෙකුට ලිංගික අතවර කිරීම සඳහා පැමිණි බවට ඔහුව පොලිසියට අල්ලා දෙන බව පවසා බියගන්වා, ඔහු සන්තකයේ තිබූ ATM කාඩ්පත සහ රහස් අංකය ලබාගෙන එයින් රුපියල් 70000/= මුදලක්ද ක්‍රෙඩිට්කාඩ් පතින් රුපියල් 29000/ = ලබාගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.

අදාළ සිදුවීම ඉකුත් 11 වැනිදා සිදු වී තිබේ.

ඒ අනුව, විමර්ශන පැවැත්වූ පොලිසිය විල්ලෝරාවත්ත ,රාවතාවත්ත හා ලක්ෂපතිය ප්‍රදේශවල පදිංචි සැකකාර තරුණයන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන්ගෙන් කීපදෙනෙකු මීට පෙරද හමුදා මේජර්වරයකු, විද්‍යාල සිසුවකුද ඒ ආකාරයෙන්ම නිවසට ගෙන්වා නිරුවත්කර පහරදී මරණීය තර්ජනය කර මුදල් කොල්ලකා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

රිලා රංචුවක් දැරියක් හපා කාලා - රතිඤ්ඤා දාලම අතේ මෙලෝ පිච්චියක් නෑ.. (PHOTOS)

පෙරේදා (23) මාවනැල්ල ප්‍රදේශයේ නිවෙසේ මිදුලක සිටි නව හැවිරිදි දැරියකගේ ඇඟට රිළව් රංචුවක් පැන සපා කෑමේ සිද්ධියක් පිළිබඳව තොරතුරු වාර්තා විය.

ඒ මාවනැල්ල, වේරකේ ප්‍රදේශයේ ය.

එම සිද්ධිය සම්බන්ධයෙන් දියණියගේ මව පැවසුවේ මෙවැන්නකී,

"මම ඒ මොහොතේ වී තම්බලා මිදුලේ වේළමින් සිටියා. පාසල් යන මාගේ පුතා වී කන්න රිළව් පනින නිසා එළවමින් හිටියේ. ඒ වෙලාවේ දුව මිදුලේ හිටියේ. දුව ඉන්න තැනට රිළව් හතර දෙනෙක් ඇවිත් මෙයාගේ ඇඟට පැනපු ගමන් මෙයා දුවන්න ලැස්ති වෙනකොට මිදුලේ ඇද වැටුණා.

එතකොට කකුලේ කලවා ප්‍රදේශයේ රිළව් සපා කළා තිබුණා. උන් මිනිස්සු අපිටත් බය නැහැ. පුතා තමයි ගෙදර තිබුණු රෙක්කේ ගෙනත් රිළවුන්ට ගහලා එළවා ගත්තේ. සිද්ධියෙන් පස්සේ අපි ඉක්මනින් දුවව මාවනැල්ල රජයේ රෝහලට අරන් ගියා.

දොස්තර මහත්තයා අපිට කිව්වා රිළව්ට ලේ රස වැටුනොත් දිගින් දිගටම දරුවන් වගේම මිනිස්සු සපා කන්න බැරි නැහැ කියලා" යනුවෙන් ය.

මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල ජනතාව රිළව් නිසා දැඩි පීඩාවකට පත්ව සිටින බව ගගන අපට වාර්තා වුණා.

පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  අනාවරණය කළේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පමණක් රිළා ගහණය ලක්ෂය ඉක්මවා ගොස් ඇති‍ බවයි.

කැළෑවල සිටින රිලවුන් ගම් වදින හේතුවෙන් වගාවන් රැසක් විනාශ කරන බවත් නිවාස තුළට රින්ගා පිසූ ආහාර පවා රැගෙන යන බවත් එම ප්‍රදේශයේ ජනතාවට සඳහන් කළේ ය.

ගෙවත්තේ වගා කරමින් ආහාර අවශ්‍යතාව පිරිමසා ගත හැකි වුව ද රිලා කරදරය දිනෙන් දින උග්‍ර වීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව මහත් ගැටලු රැසකට මේ වන විට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත්, බලධාරීන් කොතෙක් දැනුවත් කළ ද මේ සඳහා නිසි පියවරක් ගෙන නොමැති බව ජනතාව චෝදනා කළේ ය.

කතරගම දී හද සසල කළ තරුණ පොලිස් කොස්තාපල්ගේ සංවේදී ඉරණම

ඊයේ (24) තිස්සමහාරාම අකුරුගොඩ සීමාවේ දී පුද්ගලික බස් රථයක ගැටී ආධුනික කොස්තාපල්වරයෙකු මියගොස් තිබෙනවා.

ඒ බව කතරගම පොලිසිය සඳහන් කළේ ය.

මෙලෙස මිය ගියේ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ රාජකාරි සඳහා යොදවා සිටි කතරගම පොලිසියට අනුයුක්ත ආධුනික කොස්තාපල්වරයෙකු ය.

ඔහු වැලිමඩ ඩවුන්සන්වත්ත ප්‍රදේශයේ පදිංචි වී. කරන් නැමැති කොස්තාපල්වරයෙක් ය.

මෙම නිලධාරියා තවත් පොලිස් නිලධාරියෙකු සමග සිවිල් ඇඳුමෙන් සැරසී පුද්ගලික යතුරු පැදියකින් තිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරී කාර්යාලය වෙත රාජකාරී අවශ්‍යතාවයකට ගොස් තිබෙනවා.

එහිදී මාතර සිට කතරගම බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක අකුරුගොඩ සීමාවේ දී ගැටී ඇත.

ඒ හේතුවෙන් බරපතල තුවාල ලබා දෙබරවැව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මිය ගොස් ඇත.

සූර්වෙලා පාරේ වැටිච්ච අම්මයි දුවයි පොලීසියට.. ඒත් අවසානයේ දුව තියලා අම්මා පැනලා ගිහින්!

මේ කියන්න යන්නේ බීමතින් දෙදෙනෙක් මහ මග ගිය කතාවක්..

ඒත් ඉතින් මේ දෙන්නා කවුද කියලා දැනගත්තොත් නම් කාගෙත් ඇස් උඩ යයි.. 

යාපනයේ චුන්නාකම් කන්දරෝඩේ ප්‍රදේශයේදී මවක් හා දියණියක් අධික ලෙස බීමත්ව පාරේ වැටී සිටියදී ගම්වාසීන් විසින් ඊයේ පොලිසියට භාර දී තිබෙනවා...

පොලිසියට රැගෙන ආ අවස්ථාවේ දී දියණිය පොලිසිය තුළ දමා මව පැන යාමට උත්සාහ කර ඇති අතර එහිදී පොලිසිය විසින් ඇයව අල්ලාගෙන ඇති බවයි වාර්තා වන්නේ...

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 52ක් වූ මවක් හා අවුරුදු 28ක් වූ දියණියක්...

මෙම දෙදෙනාම අධික ලෙස මත්පැන් පානය කිරීමට හුරු වී සිටින අය වන බවයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ..

අප වාර්තාකරු පැවසුවේ හිතවත් ව්‍යාපාරිකයෙකුගේ නිවසකදී මොවුන් දෙදෙනා මත්පැන් පාවිච්චි කර ඇති අතර අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා යතුරු පැදියෙන් ආපසු සිය නිවස බලා යාමට නොහැකි වී මහ පාරේ ඇද වැටී ඇති බවයි...

ප්‍රදේශයේ කිහිප දෙනෙකු පැමිණ පොලිසිය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව චුන්නාකම් පොලිසියේ නිලධාරීන් ඔවුන් දෙදෙනාට තරයේ අවවාද කොට නිදහස් කර තිබෙනවා... 

"සැකකරුට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයයි" - අවලෝකිතේශ්වරට මානසික වෛද්‍ය ප්‍රතිකාර

අවලෝකිතේශ්වර බෝධිසත්ව නමින් පෙනී සිටි පුද්ගලයාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව අධිකරණ මනෝ වෛද්‍යවරයා විසින් අධිකරණයට වාර්තා කර තිබෙනවා.

ඒ අනුව සැකකරු ලබන 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

පැමිණිල්ල අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබු අතර ඒ අනුව සැකකරුට බන්ධනාගාරය මාර්ගයෙන් මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු කරන ලෙසත් අධිකරණය නියම කළේය.

''මේ කරදරවලින් නිදහස් වෙලා දැන් එයා නිදහස්ම තැනක. අපි තාම කරදරෙන් ඉන්නවා...'': යළි අවදි වූ ජැක්සන් ඇන්තනීගේ මතකය

රැෆෙලාගේ මෙවර තරු කැලැන්ඩරය ගැන තතු ඊයේ අපි ඔබට කිව්වා.

ඒ මෙවර එහි ඇති විශේෂත්වයන් කිහිපයක්ම ගැනත් සඳහන් කරමින්.

එහි වූ විශේෂත්වයන් අතර කාගෙත් අවදානය වැඩියෙන් දිනාගෙන තිබුණෙ කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිමවන ලද, දැයෙන් සමුගත් සකල කළා සක්විති ජැක්සන් ඇන්තනී මහතාගේ රුව.




මේ එම සුවිශේෂී කටයුත්ත පිළිබඳව ජැක්සන් ඇන්තනී මහතාගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් සමඟ දැක්වූ අදහස් කිහිපයයි...

''ඇත්තටම පණ පිහිටවලා වගේ. මම හරි සංවේදී වුණා මේ පිංතූරය මුලින්ම දකිනකොට.

මේ නිර්මාණකරුවන්ට මම මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා.

ඇත්තටම ජැක්සන්ගෙ වටිනාකම දකින අය මේ කරන ව්‍යායාමය ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

තව බොහෝ කාලයකට ජැක්සන්ගේ දැනුම අවශ්‍ය වෙයි අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයට, කලා ක්ෂේත්‍රයට, ඒ වගේ හුඟක් ක්ෂේත්‍රවලට...

ඇත්තටම පුදුම දුකක් තියෙන්නෙ.

අවුරුදු 65කට හුඟාක් වැඩ කරපු කෙනෙක්.

හැබැයි ඔහුගේ පැසුණු දේවල් මම දන්නවා මම ගෙදර හිටපු කෙනෙක් හැටියට, තව කොච්චර දේවල් කරන්න හිටියද කියලා.

ඒ ටික කරන්න කලින් මෙහෙම යන්න වෙච්ච එක ගැන, හරි පසුතැවීමක් සහ දුකක් තියෙනවා.

කරන්න දෙයක් නෑ. මම බෞද්ධ කෙනෙක්. ඇති වන හැමදේම නැති වෙනවා කියන ධර්මතාවයට හිස නමන්න වෙනවා.

මොනව කරන්නද. අපි දෙන්නගෙන් කවුරු හරි ඉස්සර වෙන්න වෙනවා.

ඉස්සර අපි දෙන්නා රණ්ඩු කරනවා මම ඉස්සර වෙලා යන්නෙ කියලා. කොහොමත් ජැක්සන් දිනුවා.

මේ කරදරවලින් නිදහස් වෙලා දැන් එයා නිදහස්ම තැනක ඉන්නවා මට විශ්වාසයි. අපි තාම කරදරෙන් ඉන්නවා.

මේ කරදර ඉවර වෙච්ච දවසක මාත් එතෙන්ට යන්න බලාපොරොත්තු වෙනවා....''

අන්තිමේ බලු වුණා, ෆෝන් එක ගනින්, බොරු කෙළින් නැතුව... අජිත් මුතුකුමාරණ' සහ 'තාඹුගල ඩොක්ටර්' විරසක වෙති!

'දොස්තර විරංජිත් තාඹුගල' විසින් ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් 21ක්, අතිවිශාල මුදලකට 'මිලයට ගැනීම' පසුගිය සමයේ සංගීත ක්ෂේත්‍රයේ මතභේදයට ලක්වුණා ඔබටත් අමතක නැතුව ඇති.

එවන් තත්ත්වයක් තුළ සංගීත කණ්ඩායම් කිහිපයක්, 'ගෙවීම් කටයුතු' නිසි ආකාරයෙන් සිදු නොවන බැව් කියමින් 'අවුරා ලංකා' ගිවිසුමෙන් ඉවත්වීමට ද කටයුතු කර තිබුණා. (මේ ගැන සමාජ මාධ්‍ය තුළත් ලොකු කතාබහක් ඇතිවුණා....)

'අවුරා ලංකා' හා ගිවිසුම් ගත වූ 'සකුරා රේන්ජ්' සංගීත කණ්ඩායමේ නායක 'අජිත් මුතුකුමාරණ' අවස්ථා කිහිපයකදී ම 'අවුරා ලංකා' වෙනුවෙන් 'දරදිය අදින්නට' කටයුතු කර තිබුණා.

'අවුරා ලංකා' වෙත එදිරි ප්‍රකාශවලට පවා ඔහු සිය 'මුහුණු පොත' හරහා දරුණු ප්‍රතිචාර දක්වා ඇති අයුරු අපට නිරීක්ෂණය වුණා.

'දෙපාර්ශවයේ ම කැමැත්ත මත මේ ගිවිසුම ගැහුවේ... මම කියන් නෑ ගැහුව ෂෝ ඔක්කොම සක්සස් කියලා. මේක තාම අපි අත්හදා බැලීම් කරමින් යන ගමනක්... කෑම එක බලාගෙනම මේ වැඩේ කළා නෙවෙයි. මේ වැඩේට අකුල් හෙළනව නම් මොකද්ද පදනම? මම මගේ බෑන්ඩ් එකේ කවුරුවත් අනාථ කරන්නෙ නෑ.....'




කෙසේ වෙතත්, මේ වන විට 'අජිත් මුතුකුමාරණ' හා 'අවුරා ලංකා' විරසක වී ඇති බවත්, 'සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම' දෙකඩ වීමට ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

මේ බැව් තහවුරු කරමින් මීට පැය කිහිපයකට පෙර 'අජිත්' සිය මුහුණු පොතේ පළකිරීමක් කර තිබුණා.

'සකුරා රේන්ජ් නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නවතා ඇත!!'




එම සටහනේ ම තැනක 'ඡායාරූපය' මත ඔහු 'වදන් කිහිපයක්'ද අමුණා තිබුණා.

'ඉන්නකන් හොඳ අහන, ගියාම බැනුම් අහන, බෑන්ඩ් ගැහිල්ල... !'

'තාඹුගල' නම් වූ 'විස්මකර්ම වෛද්‍යතුමන්' ගැන මින් ඉහත ද 'මොනරා' හරහා අප ඔබ දැනුම්වත් කළා.

'වෛද්‍යවරයෙකු' ලෙස පෙනී සිටින ඔහු, මෙරට සංගීතයේ 'පෙරළියක්' කරන්නට 'අර අඳිමින්' බොහෝ ශීල්පින් සිය 'අණසකට' යටත් කොටගෙන තිබුණා. (එසේ නමුත් ඒ බොහෝ සංගීත ශිල්පින් දැනටම 'අවුරා ලංකා' හැර ගිහින්...)



'තාඹුගල' නම් වූ මොහු පසුගිය දිනෙක 'අනුරාධපුර බන්ධනාගාරයට' පුද්ගලික 'හෙලිකොප්ටර්' යානයකින් පැමිණි බවට ද තොරතුරු වාර්තා වුණා.

සමාජ ක්‍රියකාරි 'දුලාන් සේනාධීර' මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ මෙසේ පැමිණි 'තාඹුගල', මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ 'සැකකරුවන්' කිහිප දෙනෙකු හමුවී 'සතුටු සාමිචීයේ' යෙදී ඇති බවයි‍.

'ප්‍රසංග නතර කළාම මට වස් වදිනවා, ඉක්මණට පටන් ගන්න!' යනුවෙන් 'තාඹුගල' සිය සේවකයින්ට 'බලපෑම්' කරනු බැව් කියමින් ද විවිධ වෙබ් අඩවි හරහා 'පුවත්' හුවමාරු වුණා.

සේනාධීර මින් ඉහතද චෝදනා නඟමින් සඳහන් කළේ 'තාඹුගල' මෙම ප්‍රසංග වලට මුවා වෙමින් 'නිදන් වස්තු සොරකමේ' යෙදෙමින් සිටින බවයි.

සිය හොඳම මිතුරිය සමඟ කාර් එකේ අනඟ රැඟුම් පෑ හස්බන්ඩ්ව, බිත්තර දෙකෙන් අතටම මාට්ටු කරගත් හැටි...

තමා සමඟ එකට රාජකාරිය කල සිය මිතුරිය ,තමාගේ ස්වාමි පුරුෂයා සමඟ අනියම් පෙම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බව දැනගෙන උපක්‍රමශීලීව එය හසු කරගත් කාන්තාවක් පිළිබඳව අසන්නට ලැබෙනවා.

ඇයගේ ස්වාමි පුරුෂයා විසින් නව මෝටර් රථයක් මිලට ගෙන ඇති අතර සිය බිරිඳව කාර්යාලයට ඇරලවීම සහ ඔහුගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට නගරයට යාම එහි අරමුණ වී තිබෙනවා.

මිතුරියද සිය නිවස ආසන්නයේම සිටින නිසා ඇය උදේට වැඩට යන අතරතුර ඇයවද වාහනයේ නංවාගෙන යාමට පුරුදු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඇයද විවාහක කාන්තාවක් වන අතර ඇගේ ස්වාමි පුරුෂයා විදෙස් ගතව රැකියාවක නිරත වනවා.

මාස ගානක් මිතුරියවද නංවාගෙන යාම පුරුද්දක් ලෙස සිදුකොට ඇති අතර දිනක් ඇයට හදිසියේම කාර්යාලයේදී අසනීප වී තිබෙනවා.

ඇය ස්වාමි පුරුෂයාව ගෙන්වා ගෙන ඇත්තේ ඉක්මනින්ම නිවසට යාමටයි..අපහසු ගතිය නිසා ගමන ආරම්භ කිරීමට පෙර ඇය මඳක් ඇලවීමට පසුපස අසුනට ගොස් තිබෙනවා.

එහිදී ඇය දැක ඇත්තේ පසුපස අසුන ආසන්නයේ කෑම පාර්සලයක් ඇති බවයි.හොඳින් බැලූ විට ඇයට දැක ගැනීමට ලැබී ඇත්තේ එය සිය මිතුරිය එදින ගෙනා කෑම පාර්සලයට සමාන එකක් බවයි.

ඒ බව තහවුරු කර ගැනීමට ඇය එය දිග හැර බලා ඇති අතර, එදින මිතුරියගේ කෑම පාර්සලයේ එක් බිත්තරයක් තිබී ඇති අතර මෙහි බිත්තර දෙකක්ම ඇති බවද ඇයට දැකගන්නට ලැබී තිබෙනවා.

මෑතක සිට සැමියා ගෙදරින් දිවා ආහාරය අවශ්‍ය නොවන බවටද පැවසූ බව ඇයට සිහි වූ අතර ඒ සමඟම ඇගේ හිතට සැකයක් ඇති වී ඇත්තේ මිතුරිය සහ ස්වාමි පුරුෂයා අතර අනියම් සම්බන්ධයක් ඇති බවටයි.

මේ ගැන කාටවත්ම නොකියූ ඇය පසු දින වාහනයේ යන ගමන් සියල්ල හොඳින් නිරීක්ෂණය කොට තිබෙනවා.

එහිදී ඇය දැක ඇත්තේ වාහනයේ කන්ණාඩියෙන් සැමියා සහ මිතුරිය ඉඟි බිඟි පාන බවයි.එමෙන්ම මිතුරිය බැසීමට පෙර බෑගයෙන් කෑම පාර්සලයක් එළියට ගෙන එය ද පසුපස අසුනේ තබන බව එහිදී ඇය දැක තිබෙනවා.

සියල්ල මුල සිට අගටම තේරුම් ගත් ඇය ,තමා විසින් කල උපකාරයට මිතුරියගෙන් ලැබුනු ප්‍රති උපකාරයට ස්තූතිය පලකොට ලියුමක් යවා ඇති අතර සැමියාටද නීතියක් දමා ඇත්තේ වාහනයෙන් ගියොත් කසාදයද තමන් විසින් කටු ගා දමන බවටයි.

එයා හැමදේම මට හොරෙන් වීඩියෝ කරලා එයා ෆෝන් එකේ බල බල ඉදලා... නිලුපුල් කරපු හැමදේම එළිවෙයි!

මගේ නම සලනි කුමාරදාස. මට අවුරුදු 50ක් වගේ වෙනවා. මම තනියම ජීවත් වුණේ. හැමෝම මට ආදරේට කිව්වේ හිච්චි කුමාරි කියලා.  මම ගොඩක් පොළියට සල්ලි දුන්නා. ඒක නිසා හැමෝම වගේ මාව හොදට දන්නවා..
මම කවදාවත් කාටවත් ආදරේ කරලා නැහැ. පාසල් ප්‍රේමයක්වත් මට තිබිලා නැහැ. ඒක නිසා මම ගොඩක් ආදරේ කරන්න කැමති කෙනෙක්. හැබැයි මට ආදරේ කරන්න කවදාවත් කෙනෙක් හිටියේ නැහැ.. ඒ අතර තමයි මට නිලුපුල්ව හම්බෙන්නේ. එයා මගෙන් සල්ලි පොලියට ගන්න ආවේ මම දන්න කඩේක අයියා කෙනෙක් හරහා..කොහොම වුණත් මට පොඩි හැගීමක් තිබුණා එයාට. මට වඩා ගොඩක් බාල වුණත් ඒ මනුස්සයා ළග අමුතුම ගති ගුණ ටිකක් මට දකින්න තිබුණා..

කාලයක් යද්දී එයා මගේ හොදම කස්ටමර් තමයි නිලුපුල් කියන්නේ. පස්සේ මාත් එක්ක ගොඩක් හිතවත් වුණා. ඒ අපි අතර ඇති වුණ විශ්වාසය මත..

සල්ලි ගත්තත් වෙලාවට පෝළිය ගෙවලා , වෙලාවට ගනුදෙනු බේරනවා. ඒ නිසා ගොඩක් අපි අතර විශ්වාසය ඇති වුණා.. එකෙන් අපි දෙන්නගේ පෞද්ගලික ජිවිතේ ගොඩක් දේවල් පවා කතා බහ කරනවා. කලෙත් එක්ක අපි දෙන්න අතරේ මිතුදමට වඩා දෙයක් ඇති වෙන්න ගත්තා. ගොඩක් දවස් වලට එයා අපේ ගෙදර ඇවිල්ලා පහුවදා යන්නේ. ජිවිතේ කවදාවත් විදලා නැති අතිදැකීම් මම එයා එක්ක තමයි ඉස්සල්ලම වින්දේ. ඒ දේවල් නිලුපුල්ට හොදට පුළුවන්. නිලුපුල් කසාද බැදලා ඉන්නේ ඒත් එයා මාත් එක්කත් ඉන්නවා. මට එයා බැදලා හිටපු එක කවදාවත් ප්‍රශ්ණයක් වුණේ නැහැ. මම ගොඩක් හිතුවේ මගේ සතුට ගැන විතරයි.

හැබැයි කවදාවත් දැනගෙන හිටියේ නැහැ එයාගේ පවුල අපි දෙන්නා ගැන. වයිෆ්ට සැකයක් තියනවා කියලා කිව්වට මෙච්චර වැඩේ පත්තුවෙයි කියලා දන ගත්තේ එදා.

එදා දවසට සෙනසුරාදා දවසක්.. අපි එදා ඩිනර් වලට ගිහින් එද්දී මෙයාගේ වයිෆ් අපේ ගෙදර. හැමදේම අතට අහු වුණේ විලි ලැජ්ජාවත් එක්ක.. හැමදේම වෙනස් වුණේ මටත් හොරා අපි කරපු හැමදේම මගේ හබී වීඩියෝ කරලා එයා ෆෝන් එකේ බල බල ඉදලා. හැමදේම වයිෆ් දැකලා. ඒ කිසි දෙයක් මම දැනගෙන හිටියේ නැහැ. මෙයා මට කවදාවත් කිව්වෙත් නැහැ.

අපි තුන්දෙනා ඇති කර ගත්ත කතා බහ දුරදිග ගිය නිසා නිලුපුල් මගේ අතින් අවසන් ගමන් ගියේ බෝතලෙන් ගහපු පාරක් හේතුවෙන්.

අතට අරන් බලන්නවත් වටින්නේ නෑ! තුවක්කුවකට වඩා භයානකයි! චූටි මල්ලි ආණ්ඩුවේ ඔන්ලයින් පනත ගැන කියපු කතාව (VIDEO)

ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන සමාජ මාධ්‍ය පාලන පනත ගිනි අවියකටත් වඩා භයානක එකක් බව රංගන ශිල්පී සුනෙත් චිත්‍රානන්ද මහතා පවසනවා.

පසුගිය 20 වැනිදා මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ ඉදිරි මැතිවරණ ආණ්ඩුවට අවාසිසහගත බව දැන, ආණ්ඩුවට එරෙහිව නැගෙන ජනතා විරෝධය පාලනය කිරීමේ අදහසින් මෙම පනත ගෙන ඒමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි.

අවලෝකිතේෂ්වර බෝධිසත්වයාගේ නඩුවේදී මරු මරු කතා එළියට ඇවිත්! සාමාන්‍ය පෙළත් අසමත්! දවස් 14ට ලක්ෂ 15ක් වියදම් කරලා!

අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන් නම් බෝධිසත්ත්වයකු වශයෙන් පෙනී සිටිමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා බුදු දහම විකෘති කරන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඇතුළත් දේශනා පවත්වා බෞද්ධ ජනයා තුළ සිත් රිදවීම් ඇති කළ බව කියන මහින්ද කොඩිතුවක්කු නමැත්තා ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පසුගියදා නියෝග කළේය. පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ සැකකරු වෙනුවෙන් ඔහුගේ නීතිඥයා කරුණු දක්වන අවස්ථාවේදී සැකකරු විත්ති කූඩුවේ සිට ප්‍රතිචාර දක්වමින් ඔහුගේ අංග චලනයෙන් කළ සංඥා අධිකරණය නිරීක්ෂණය කළ බවත් සැකකරු යම් මානසික ව්‍යාකූලතාවකින් පෙළෙන බවට ඉන් නිරීක්ෂණය වූ බවත් කී මහේස්ත්‍රාත්වරයා සැකකරු සිදු කළ ප්‍රකාශ හේතුවෙන් මහජන කැලඹීමක් සිදු වේ යැයි කියමින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

පන්නිපිටිය වීර මාවතේ පිහිටි කුලී නිවෙසක සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කළේය.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි දිලීප පීරිස් මහතා අධිකරණයට කියා සිටියේ මොහු මානසික ආබාධයකින් පෙළෙන බවත් දඬුවම් ලබා නොදී අනුකම්පා කළ යුතු බවත්ය. සැකකරුට ප්‍රතිකාර දිය යුතු බව කී දිලීප පීරිස් මහතා සැකකරුට දඬුවම් අපේක්ෂා නොකරන බවත් ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සැකකරුට ඇප ලබා දුනහොත් ප්‍රබල මහජන කැලඹීමක් සිදු විය හැකි බැවින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.

“රටේ වාසනාවට මෙම දින 12හිදී සිදු වීමට ගිය හානිය වළක්වා ගන්න හැකි වුණා. මේ වන විට දින 14ට රුපියල් ලක්ෂ 15ක මුදලක් ඔහු වැය කරලා. 2016දී විශේෂ ඥානයක් ලැබූ බව කියමින් ලංකාව පරිහානියට ලක් වීම නිසා මෙරටට පැමිණි බවට දේශනා සිදු කර තිබුණත් ඊජිප්තුවෙන් පිටුවහල් කර තිබෙන්නේ වීසා නැති නිසයි. සැකකරු කුලියට ගත් නිවෙස අයත් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකුගේ බිරියකටයි. සැකකරුට බෞද්ධ ජනයාගෙන් ජීවිත තර්ජන තිබෙන බැවින් සැලසුම්සහගතව මෙවැනි පරිසරයක සැඟවී සිට තිබෙන්නේ. යූටියුබ් නාලිකා 5ක් භාවිත කර තිබෙනවා. මොහුගේ ප්‍රධාන අනුගාමිකයන් කිහිපදෙනකු සිටිනවා. අග සව්වරුන් දෙදෙනකු සිටින බවට කියා තිබෙනවා. එක් අයකු පුණ්‍යසිරි කියන පොලිස් සැරයන්වරයෙක්. තවත් දෙදෙනකු වෛද්‍යවරුන්. ඔස්ට්‍රේලියාවේ පදිංචි අයකුත් සිටිනවා. අනුගාමිකයන් 300ක් සිටින බවට කියා තිබෙනවා“ යැයිද දිලීප පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් මෙසේ කරුණු දැක්වීය.

සැකකරු අත්අඩංගුවට ගත්තේ පන්නිපිටිය වීර මාවතේ පිහිටි කුලී නිවෙසක සිටයි. 1979.6.23 බරවාකුඹුරදී ඉපදුණු සැකකරු අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් වී තිබෙනවා. 2011දී විවාහ වී 2012දී අමෙරිකානු කඳවුරක නිලධාරින්ගේ නිල නිවෙසේ සුනඛයන් බැලීමට ගොස් තිබෙනවා. ඊජිප්තුවේ වසර 4ක් වීසා නැතිව සිට අමෙරිකානු ඩොලර් 450ක දඩයක් ගෙවමින් ඒ රටෙන් මෙරටට පිටුවහල් කර තිබෙනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණි ඔහු විශේෂ අවසරයක් ලබාගෙන අමුත්තන් පැමිණීමේ පර්යන්තයෙන් පිටතට පැමිණ මල් මාල සහ සළු පලන්දවා රංගනයක් ක්‍රියාත්මක කරමින් රහතුන් 41ක් සිටින බවට දේශනයක් කර තිබෙනවා. ඉන් අනතුරුව තමයි කැලණිය විහාරස්ථානයට ගිහින් තිබෙන්නේ. එහිදී කිසිදු අවසරයක් ලබා නොගෙන තමයි මේ ප්‍රකාශ සිදු කර තිබෙන්නේ. එහිදී ඔහු බෞද්ධ මෙහෙණින් වහන්සේ නමක් ලවා වන්දනා කරගෙන තිබෙනවා. තවත් කාන්තාවන් ඔහුට වන්දනා කර තිබෙනවා. ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ඇතුළු නාහිමිවරුන් පස් නමක් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බුදු දහම ආරක්ෂා කිරීමට ගත යුතු පියවර ගන්නා ලෙස ඉන් ඉල්ලා තිබෙනවා. බෞද්ධ ඉගැන්වීම් විවේචනයට ලක් කරන මේ පුද්ගලයා සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැනීම රාජ්‍ය වගකීමක් ලෙස එහි පෙන්වාදී තිබෙනවා. මුදල් පාලනය කර තිබෙන්නේ නිලන්තිකා කරුණාරත්න කියන අයෙක්. ඇගෙන් ප්‍රකාශ ගත්තා. ලක්ෂ 15ක් පමණ වැය වූ බවට කියා තිබෙනවා. ඔහු කැලණියට ගමන් ගත් ලිමොසීන් කාරය කැලණිය පුද්ගලයකුගෙන් රුපියල් 25,000කට කුලියට ගත් කාර් රථයක්. මවුපියන්ගෙන් ප්‍රකාශ ලබා ගත්තා. පියා සහ සහෝදරියක් කියා තිබෙන්නේ ඔහු 2013 විදේශගත වූ බවයි. ඔහු සමඟ එදා සිට සම්බන්ධතාවක් නැති බව කියා තිබෙනවා. ඔහුට නිවුන් දරුවන් දෙදෙනකු සිටින බවටත් දන්වා තිබෙනවා. බිරිය සහ දරුවන් ඊජිප්තුවේ සිටින බවට කියා තිබෙනවා. මෙවැනිම කළුතරින් මතු වූ තවත් බුදු කෙනකුන් ගැන සඳහන් වෙනවා. මොවුන් මුදල් පසුපසයි හඹා යන්නේ. වහා පියවර ගත යුතුයි. සැකකරුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල් පේමසිරි රත්නායක, බෞද්ධ කේන්ද්‍රය, සිංහල රාවය සංවිධානය අගුළුගල්ලේ සිරි ජනානන්ද හිමියන් සහ බළන්ගොඩ කස්සප හිමියන්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කළා.

මේ පුද්ගලයා විසින් යූටියුබ් නාලිකා 5ක් පවත්වාගෙන යනවා. ඒ ඔස්සේ සහ තම ෆේස්බුක් ගිණුම් ඔසසේ මේ දේශනා ප්‍රචාරය කර තිබෙනවා. දිගින් දිගටම නිවාසවලට යමින් මේ දේශනා සිදු කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. යූටියුබ් නාලිකා ඔස්සේ 180 දේශනා සහ 180 කෙටි දේශනා නමින් මේ දේශනා සිදු කර තිබෙනවා. බුදුන් වහන්සේට තිබූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හෑල්ලුවට ගනිමින් කතා කර තිබෙනවා.

ඔහුට සර්වඥ බලයක් තිබෙන බවත් කියා තිබෙනවා. එහෙත් අද ඔහු අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් සරණ ලබාගෙන තිබෙනවා. අධිකරණයේ පිහිට පතා තිබෙනවා. මේ පුද්ගලයාට විශාල මුදල් ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ඒ සම්බනධයෙන් විමර්ශන සිදු කරනවා. මිනිස්සුන් සූරා කමින් මොහු කටයුතු කර තිබෙන්නේ. යම් ආගමක් මතවාදයක් ඕනෑම කෙනකුට පවත්වාගෙන යා හැකියි. ඔහු මුදල් අල්ලන්නේ නැහැ කියමින් නිවෙසේ අමෙරිකානු ඩොලර් 110ක්, පවුම් 15ක් තිබී සොයාගෙන තිබෙනවා. බැංකු ගිණුම් 2ක් තිබෙනවා. අධිකරණ නියෝග ලබාගත් පසුවත් මොහුගේ චර්යාවේ වෙනසක් දකින්නට නැහැ. ඔහුට එරෙහිව පියවරක් ගත්තොත් රටට හෙණ ගහනව කියා තිබෙනවා. අත තිබ්බොත් රට විනාශ වන බව කියා තිබෙනවා. ඔහුගේ මානසික සෞඛ්‍ය පරීක්ෂා කළ යුතුයි. මනෝ වෛද්‍යවරයකුට යොමු කර මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන්න. දීර්ඝ විමර්ශනයක් සිදු කරා. ප්‍රකාශ 10ක් ලබාගෙන තිබෙනවා. ඔහු සමඟ කටයුතු කරන පුද්ගලයන්ගෙන් ඔහුගේ විවිධ ක්‍රියාකාරකම් සම්බ්නධයෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටිනවා. ඇප දීම සුදුසු නැහැ. එසේ වුවහොත් ප්‍රබල මහජන කැලඹීමක් සිදු වේවි. අධිකරණ නියෝගය හේතුවෙන් ඇතිව තිබූ කැලඹීම බොහෝ දුරට පහව ගියා. ඇප දීමට විරුද්ධයි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා,

“ආගමික නායකයන්ට හානි වන අයුරින් මගේ සේවාදායකයා කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ. අද දේශපාලන සිවිල් ජාත්‍යන්තර සම්මුති පනත යටතේ නඩු දාන්නේ නැත්තේ ඇයි. නීතිපතිවරයා උපදෙස් දී තිබෙනවා එලෙස කටයුතු නොකරන ලෙසට. කිසිම ආගමික කැලඹීමක් නැහැ. බුදු වන සිතුවිලි මනසට ඕනෑම කෙනකුට එන්න පුළුවන්. මුදල් විශුද්ධිකරණය යටතේ චෝදනා ගොනු වී නැහැ. ඇප දිය හැකි වැරදි කර තිබෙන්නේ. සුදුසු ඕනෑම කොන්දේසියක් මත සැකකරු මුදා හරින්න.

මහේස්ත්‍රාත්වරයා,

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා අවලෝකිතේශ්වර් බෝධිසත්ත්වයන් නමින් පෙනී සිටිමින් බුදු දහම විකෘති කරමින් විවිධ දේශනා පවත්වමින් බෞද්ධ ජනයා තුළ සිත් රිදවීම් ඇති කරමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට පැමිණිලි රාශියක් ලැබී තිබෙනවා. මහනාහිමිවරුන් ඇතුළු නාහිමිවරුන් පස් දෙනකු කරුණු දක්වා තිබෙනවා. සමාජ මාධ්‍යයේ වරින්වර උඩුගත කළ ප්‍රකාශ හේතුවෙන් සමාජයේ මතභේදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවට කරුණු දක්වා තිබෙනවා. මහනාහිමිවරුන් ඇතුළු නාහිමිවරුන් පස් නමක් ලිපියක් නිකුත් කර තිබෙනවා. සමාජයේ මේ පිළිබඳ පුළුල් කතාවක් ඇති වී තිබෙනවා. ජනමාධ්‍ය ඔස්සේ පුළුල් සාකච්ඡාවක් ඇති වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සුළුකොට තැකිය නොහැකියි. මුදල් විශුද්ධිකරණය පරිගණක අපරාධ පනත ඇතුළු පනත් යටතේ තවදුරටත් විමර්ශන කරන බව කියා තිබෙනවා. එම ඇප දිය හැකි වැරදි ගණයේ ලා සලකන්න බැහැ. ඇප පනතේ 14-1 නොසලකා නියෝග නිකුත් කරන්න බැහැ.මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම කරුණු දක්වන අවස්ථාවේ සැකකරු විත්ති කූඩුවේ සිට ඔහුගේ අංග චලනයෙන් කළ සංඥා අධිකරණය නිරීක්ෂණය කරා. ඒ තුළින් ඔහුට යම් මානසික ව්‍යාකූලතාවක් ඇති බවට නිරීක්ෂණය කරා. එලෙස සැකකරු ඇප මත මුදා හැරියහොත් යම් මහජන කැලඹීමක් ඇතිවිය හැකියි. සැකකරු ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරමි. සැකකරු අංගොඩ මානසික විද්‍යායතනයට යොමු කොට ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙසත් ගොනු කරමි. ඊට අදාළ වාර්තාවක් ගොනු කරන ලෙස එහි අධ්‍යක්ෂවරයාට නියෝග කරමි.

සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කර ඉදිරි දින අධිකරණයට වාර්තා කරන්න යැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ජනවාරි මස 10 වැනිදා ලැබුණු පැමිණිලිවලට අනුව තාලිගල බරවාකුඹුර පදිංචි කොඩිතුවක්කු කංකානම්ලාගේ මහින්ද කොඩිතුවක්ක යන අය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනත, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්තිය හා සාක්ෂි ආඥා පනතේ (ඉ) (1) වගන්ති ප්‍රකාරව චෝදනා ගොනු කරනු ලබන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි සහකාර පොලිස් අධිකාරි චන්දිමා යන නිලධාරින් ඇතුළු පිරිසක් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියහ.

අලුත ගෙනා මනමාලිගෙ පවුම් 39ක රත්තරං බඩු අල්මාරියේ ලාච්චුවෙන් ඉර්දි වෙලා!

මීට දින හයකට පෙර පැවැති විවාහ මංගල උත්සවයේදී සැමියා තෑගි ලබාදුන් රුපියල් ලක්ෂ 23කට වඩා වටිනා රන් භාණ්ඩ ඇතුළු රුපියල් ලක්ෂ 60කට වඩා වහා භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇති බවට මනාලිය පැමිණිල්ලක් කර ඇතැයි කොටහේන පොලිසිය පවසයි.

සොරායත් පවුම් 39කට අධික බරින් යුත් රන් භාණ්ඩ අතර අත් පළඳනා 3ක්, මාල 2ක්, කරාබු ජෝඩු 1ක්, රන් කාලි කොඩි 1ක්, මුදුවක්, කාසියක් හා වළලු 6ක්වන බව පොලිසිය සඳහන් කරයි.

කොළඹ 12 ශ්‍රීමත් බණ්ඩාරනායක මාවතේ පදිංචි 22 හැවිරිදි කාන්තාවක් පැමිණිල්ලක් කරමින්, ඉකුත් 15 වැනි තම විවාහ මංගල උත්සවය කොල්ලුපිටිය ප්‍රදේශයේදී හෝටලයක පැවැත්වූ අවස්ථාවේදී සැමියා තමාට ලක්ෂ 23කට අධික වටිනා රන් ආභරණ තෑගි ලබා දුන් බවත්, එම රන් ආභරණ මෙන්ම රුපියල් ලක්ෂ 36කට අධික වටිනා ඇයගේ රන් ආභරණ සියල්ල ද 16 වැනිදා නිවසට පැමිණ නිවෙසේ කාමරයේ අල්මාරියේ රබ භාණ්ඩ පෙට්ටිවල අසුරා තැබූ බව පොලිසිය කියයි.

පසුව එම රන් භාණ්ඩ දමන ලද ලාච්චුවේ යතුර ගෙන ඇයගේ අත් බෑගයේ දමා එය අල්මාරිය උඩ තැබූ බව පැමිණිලිකාරිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

එයින් දින දෙකකට පමණ පසු 18 වැනිදා අවශ්‍යතාවක් සඳහා නිවෙසින් බැහැරව යන අවස්ථාවේදී පියා සහ මෙහෙකාරිය පමණක් නිවසේ සිටි බවත්, පැය කිහිපයකට පමණ පසු නිවසට පැමිණ අල්මාරියේ ලාච්චුවේ යතුර අත් බැගය තුළ සොයාබැලීමේදී එය නොතිබූ බවත්, ඇය සිදුකළ පැමිණිල්ලේ සඳහන්ය.

පසුදින පියා අල්මාරියේ ලාච්චුවේ ලොක් එක කඩා එය ඇර බැලීයදී රන් භාණ්ඩ අසුරා තිබූ පෙට්ටි පමණක් තිබූ බවත්, එහි රන් භාණ්ඩ නොතිබූ බවත්, ඇය කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වනබව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.(ලංකාදීප)

මල්වතු හිරිපිටිය පන්සලේ හිමිනම ඝාතනය කිරීමට පැමිණි සැක කරුවන් ව්‍යාජ අංකය තහඩුවක් සහිත රථයට ගිනි තබා පලා ගිහින්!

ඊයේ දින මල්වතුහිරිපිටිය කහටාන ගණාරාම විහාරස්ථානය තුළ දි වෙඩි තබා ඝාතනය කළ   පූජ්‍ය කලපලුවාවේ ධම්මරතන හිමියන් ඝාතනය කිරීමේ අපරාධයට ඝාතයින්  පැමිණි බවට සැකකරන කාර් රථය කඩුවෙල පොලිස් වසමේදි ගිනි තබා ඇති බවට මෙතෙක් සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත.

කඩුවෙල පොලිස් වසමේ කැලෑවක් අසල පාලු ස්ථානයක දී  මෙසේ  රථයට ගිනි තබා ඝාතකයින්   පලාගොස් තිබේ.


විමර්ශන ඇරඹු පොලිසියට ඝාතකයින් පැමිණි  මොටර් රථයේ අංකය වන CAO-5345 අංකයම දරන සුදු පැහැති මෝටර් රථයක් පානදුර එළුවිල ප්‍රදේශයේ ගරාජයකින් ද හමුවී තිබේ.

මේ අනුව දැනට සිදුකළ විමර්ශනවල දී තහවුරු වන්නේ ව්‍යාජ අංක තහඩුවක් සහිතව අපරාධය සඳහා පැමිණි ඝාතකයන් අවසානයේ දී තමන් පැමිණි රථය ද විනාශ කර පලා ගොස් ඇති බවය.

සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

දැක්කොත් ඇස් අහකට ගන්න හිතෙන්නේම නැති ඇගේ රූපය නම් ඇත්තටම ඉනාවක්.. ජනවාරි 22, ඇයට තවත් සුබ දවසක්ලු.. (PHOTOS)

සරාගයෙන් ඕනෑම අයෙක් මත් කරන්න පුළුවන් රුවක්  ඇයට හිමියි..

ඇගේ සුරූපී බවත් කලාවට ඇගේ ඇති ඇල්මත් නිසා නතශා පෙරේරා කියන මේ සුරූපිනිය අපි කා අතරත් අතිශ්‍යය ජනප්‍රිය කෙනෙක් නේ.. 

ඉතින්  අද ඇගේ උපන්දිනය නේ..

නතාශා මේ දවස අමතක නොවෙන දවසක් කරගන්න ගොඩක් අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..

හැමදාමත් වගේ ඇගේ ලස්සන වගේම සරාගී බවත් මේ ඡායාරූපවල අඩුවක් නැතුව තියනවා නේද කියලා බලන්නකෝ.. 

ඇත්තටම මේ ඉටිරුවක්ද..? නැත්නම් දෙව්දුවක්ද..? කා අතරත් පිස්සුවක් වෙච්ච ශලනිගේ ලස්සන මෙන්න (PHOTOS)

ශලනි තාරකා..

ඇත්තෙන්ම ඇය නම් දිදුලන තාරකාවක්..

කාලයෙන් කාලයට විලාසිතා මවන ශලනි කොහේ කොතන ගියත් සුරූපී බව නිසාම කාගේත් ඇස් සොරා ගන්නා තරුවක්..

මෙන්න බලන්නකෝ තවත් එවැනිම විශේෂ අවස්ථාවකට ඇය ගිහින් තිබුණ අපූරුව...