gossip lanka

අලුත ගෙනා මනමාලිගෙ පවුම් 39ක රත්තරං බඩු අල්මාරියේ ලාච්චුවෙන් ඉර්දි වෙලා!

මීට දින හයකට පෙර පැවැති විවාහ මංගල උත්සවයේදී සැමියා තෑගි ලබාදුන් රුපියල් ලක්ෂ 23කට වඩා වටිනා රන් භාණ්ඩ ඇතුළු රුපියල් ලක්ෂ 60කට වඩා වහා භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇති බවට මනාලිය පැමිණිල්ලක් කර ඇතැයි කොටහේන පොලිසිය පවසයි.

සොරායත් පවුම් 39කට අධික බරින් යුත් රන් භාණ්ඩ අතර අත් පළඳනා 3ක්, මාල 2ක්, කරාබු ජෝඩු 1ක්, රන් කාලි කොඩි 1ක්, මුදුවක්, කාසියක් හා වළලු 6ක්වන බව පොලිසිය සඳහන් කරයි.

කොළඹ 12 ශ්‍රීමත් බණ්ඩාරනායක මාවතේ පදිංචි 22 හැවිරිදි කාන්තාවක් පැමිණිල්ලක් කරමින්, ඉකුත් 15 වැනි තම විවාහ මංගල උත්සවය කොල්ලුපිටිය ප්‍රදේශයේදී හෝටලයක පැවැත්වූ අවස්ථාවේදී සැමියා තමාට ලක්ෂ 23කට අධික වටිනා රන් ආභරණ තෑගි ලබා දුන් බවත්, එම රන් ආභරණ මෙන්ම රුපියල් ලක්ෂ 36කට අධික වටිනා ඇයගේ රන් ආභරණ සියල්ල ද 16 වැනිදා නිවසට පැමිණ නිවෙසේ කාමරයේ අල්මාරියේ රබ භාණ්ඩ පෙට්ටිවල අසුරා තැබූ බව පොලිසිය කියයි.

පසුව එම රන් භාණ්ඩ දමන ලද ලාච්චුවේ යතුර ගෙන ඇයගේ අත් බෑගයේ දමා එය අල්මාරිය උඩ තැබූ බව පැමිණිලිකාරිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

එයින් දින දෙකකට පමණ පසු 18 වැනිදා අවශ්‍යතාවක් සඳහා නිවෙසින් බැහැරව යන අවස්ථාවේදී පියා සහ මෙහෙකාරිය පමණක් නිවසේ සිටි බවත්, පැය කිහිපයකට පමණ පසු නිවසට පැමිණ අල්මාරියේ ලාච්චුවේ යතුර අත් බැගය තුළ සොයාබැලීමේදී එය නොතිබූ බවත්, ඇය සිදුකළ පැමිණිල්ලේ සඳහන්ය.

පසුදින පියා අල්මාරියේ ලාච්චුවේ ලොක් එක කඩා එය ඇර බැලීයදී රන් භාණ්ඩ අසුරා තිබූ පෙට්ටි පමණක් තිබූ බවත්, එහි රන් භාණ්ඩ නොතිබූ බවත්, ඇය කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වනබව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.(ලංකාදීප)
gossip lanka