මේ කියන්න යන්නේ බීමතින් දෙදෙනෙක් මහ මග ගිය කතාවක්..
ඒත් ඉතින් මේ දෙන්නා කවුද කියලා දැනගත්තොත් නම් කාගෙත් ඇස් උඩ යයි..
යාපනයේ චුන්නාකම් කන්දරෝඩේ ප්‍රදේශයේදී මවක් හා දියණියක් අධික ලෙස බීමත්ව පාරේ වැටී සිටියදී ගම්වාසීන් විසින් ඊයේ පොලිසියට භාර දී තිබෙනවා...
පොලිසියට රැගෙන ආ අවස්ථාවේ දී දියණිය පොලිසිය තුළ දමා මව පැන යාමට උත්සාහ කර ඇති අතර එහිදී පොලිසිය විසින් ඇයව අල්ලාගෙන ඇති බවයි වාර්තා වන්නේ...
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 52ක් වූ මවක් හා අවුරුදු 28ක් වූ දියණියක්...
මෙම දෙදෙනාම අධික ලෙස මත්පැන් පානය කිරීමට හුරු වී සිටින අය වන බවයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ..
අප වාර්තාකරු පැවසුවේ හිතවත් ව්‍යාපාරිකයෙකුගේ නිවසකදී මොවුන් දෙදෙනා මත්පැන් පාවිච්චි කර ඇති අතර අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා යතුරු පැදියෙන් ආපසු සිය නිවස බලා යාමට නොහැකි වී මහ පාරේ ඇද වැටී ඇති බවයි...
ප්‍රදේශයේ කිහිප දෙනෙකු පැමිණ පොලිසිය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව චුන්නාකම් පොලිසියේ නිලධාරීන් ඔවුන් දෙදෙනාට තරයේ අවවාද කොට නිදහස් කර තිබෙනවා...