ඒඩ්ස්වලට බයේ සේවිකාවෝ ස්පාවලින් යනවලු – රට පුරා ස්පා ගොඩක් වැහෙන්න ළඟයිලු

මීගමුව ප්‍රදේශයේ එච්.අයි.වී  ආසාධිතයන් දෙදෙනකු හඳුනාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස රහසිගතව ගණිකා සේවය ලබාදෙන දිවයිනේ බොහෝ ප්‍රදේශවල ස්පා මධ්‍යස්ථාන වසා දැමීමට ආසන්න බව වාර්තා වේ.

ස්පා මුවාවෙන් ක්‍රියාත්මක වන ගණිකා මඩම්වල සේවයේ නියුතු කාන්තාවන් එච්.අයි.වී වලට බියෙන් එම ආයතනවලින් ඉවත්වීමට පටන් ගෙන ඇති බව වාර්තා අනාවරණය කරයි.

විශේෂයෙන් නුගේගොඩ සහ තලවතුගොඩ ආශ්‍රිතව ක්‍රියාත්මක වන ස්පා මධ්‍යස්ථානවලට මෙම තත්වය දරුණු ලෙස බලපා ඇත්තේ, ඉන් සැලකිය යුතු ස්ථාන සංඛ්‍යාවක රහසිගතව ගණිකා වෘත්තිය ක්‍රියාත්මක වන බැවිනි.

මීගමුවේ පොලිසිය විසින් පසුගියදා සිදුකළ මහාපරිමාණ වැටළීමකදී ස්පා සහ සුවතා මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 53ක් සොයාගෙන ඇති අතර, ඒවායේ සිටි කාන්තාවන් 140ක් පමණ අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණේ පොලිස් බුද්ධි අංශ විසින් රැස්කරන ලද බුද්ධි තොරතුරු මගිනි.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු තමාට එච්.අයි.වී අසාදනය වී ඇති බව හෙළිකර ඇති අතර, තමා මිගමුව ප්‍රදේශයේ ස්පා මධ්‍යස්ථානවලය යන බවද සඳහන් කර තිබේ.

මෙම වැටළීම් සිදුකිරීමට එම අනවරණයද හේතුවී ඇතැයි පැවසේ.

ශ්‍රී ලාංකික තරුණයෙක් කෝටි 10ක රත්තරන් කේක් එකක් හදලා!

කෝටි 10 ක වටිනාකමක් තියෙන රත්තරං කේක් එකක් උපන් දිනයකට ලැබුණොත් ඔයාට කොහොම සතුටක් තියේවිද?

මේ පහුගිය දවස්වල හැමෝම කතා කරපු රත්තරං කේක් එකක් ගැනයි.

හැබැයි අපිට මේ කේක් එක විශේෂ වෙන්නේ ලෝකෙම කතාබහට ලක්වුණු මේ කේක් එක හැදුවේ ලංකාවේ තරුණයෙක් නිසයි.

ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනි ඌර්වශි රවුටෙලාගේ පෙබරවාරි 25 වැනිදාට යෙදී තිබුණු උපන්දිනය නිමිත්තෙන් මේ රත්තරං කේක එක නිර්මාණය කළේ ඩුබායිහී සිටින ප්‍රසන්න කුමාර රාජගුරු විසින්.

කැරට් 24 එඩිබල් රියල් ගෝල්ඩ්වලින් නිමවා තිබුණු මේ රත්‍රං කේක් නිර්මාණය ඉන්දීය රුපියල් කෝටි 3ක වටිනාකමකින් යුක්තයි.

ඒ කියන්නේ ලංකාවේ මුදලින් කෝටි 10ක පමණ වටිනාකමින් යුතු බව සඳහන් වෙනවා. ‍

ඒ වගේම මෙය ඉන්දීය ඉතිහාසයේ වැඩිම වටිනාකමින් යුතුව නිර්මාණය කෙරුණු කේක් එක හැටියටත් මෙය වාර්තා අතරට එක වෙලා තියෙනවා.

ඌර්වශි රවුටෙලාට මේ කේක් එක තෑගි කරලා තිබුණෙ ජනප්‍රිය රැප් ගායකයෙකු වන යෝ යෝ හනී සිං විසින් .

ප්‍රසන්න කුමාර මීට පෙරත් ඌර්වශි වෙනුවෙන් කේක් එකක් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

මීට අමතරව, ඩුබායිවල ඉන්න ප්‍රසිද්ධ යූටියුබර් කෙනෙකුගේද උපන්දින කේක් ඇනවුමක් ප්‍රසන්න විසින් නිර්මාණය කර තිබෙනවා. ඒ සඳහා ඔහු නිර්මාණය කළේ Mercedes–AMG G 63 වර්ගයේ මෝටර් රථයක කේක් ආකෘතියක්.

ලෝක ප්‍රසිද්ධ චරිතවලට රසට වගේම හැඩට කේක් හදන ප්‍රසන්න, උත්සාහය මත සාර්ථක ගමනක් ගිය ආදර්ශමත් තරුණයෙක්.

දැන් ඩුබායි හිටියත්, මාතලේ ඉපදුණු ඔහු මේ තැනට එන්න ලොකු කැපකිරීමක් කරලා තියෙනවා .

උත්සාහය උනන්දුව කැපවීම කණ්ඩායම් හැගීම තියෙනවා නම් මොනවද මිනිස්සුන්ට කරන්න බැරි?

ප්‍රසන්න අපේ රටේ තරුණ තරුණියන්ට හොද ආදර්ශයක් වනවා නොඅනුමානයි.

ලෝකයෙන්ම අප්‍රසාදයට ලක්වෙන සොල්දාදුවන්ගේ යට ඇඳුම් සෙල්ලම...

මෙම සිද්ධිය වාර්තා වන්නේ ගාසා තීරයේ පවතින යුධ ගැටුම් අතරතුර ඊශ්‍රායල සොල්දාදුවන් කාන්තා යට ඇඳුම් සමඟ විනෝද වෙමින් ගනු ලැබූ ඡායාරූප සහ වීඩියෝ පෙළක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීම ආරම්භ වීමත් සමගිනුයි.

ඊශ්‍රායලය කෙරෙහි ලෝක ප්‍රජාවේ අප්‍රසාදය වැඩි කිරීමට මෙම දර්ශන හේතුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

එම සෙබලුන් මෙලෙස විනෝද වන්නේ පලස්තීන නිවාසවලින් ලබාගත් කාන්තා යට ඇඳුම් සමග බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ .

ෙමෙන්ම, මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ ප්‍රකාශිකා රවීනා ෂම්දාසානි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ එම හරහා පලස්තීන කාන්තාවන්ට සහ සියලුම කාන්තාවන්ට අවමන් කිරීමක් සිදුකරන බවයි.

මුම්බායි නායක හර්දික් පාන්ඩ්‍යා පුහුණුකරු මාලිංගට කළ දේ ගැන ක්‍රීඩාලෝලීන්ගෙන් දැඩි දෝෂාරෝපණයක්!

ඉන්දියානු ප්‍රිමිය ලීගය මේ දිනවල ඉතාමත් සාර්ථක අන්දමින් පැවැත් වෙනවා.

මෙවර ඉන්දීය ප්‍රිමිය ලීගයේ වැඩිම අවධානයක් දිනාගත් තරගයක් බවට පත් වුණේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරගයයි.

එය ඉතිහාසය වෙනස් කරන ලද තරගයක් බවට පත්වුණා.

මුම්බායි ඉන්දියන් පුහුණුකරුවන් වන කිරන් පොලාර්ඩ් සහ ලසිත් මාලිංග කතා බහ කරමින් සිටින ස්ථානයට හර්දික් පාණ්ඩ්‍යා පැමිණෙන අවස්ථාවක ලසිත් මාලිංග ඔහුගේ පුටුව ලබා දී එතැනින් පිටත්ව යන ආකාරය එම වීඩියෝ පටයේ දැක්වෙනවා.

ඉන්දීය ක්‍රීඩාලෝලීන් එම වීඩියෝව උපුටා දක්වා ඇත්තේ හර්දික් යනු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින්ට ගරු කරන්න දන්නේ නැති නායකයකු බවටයි.

මෙවර ඉන්දීය ප්‍රිමිය ලීගයේ වැඩිම අවධානය දිනාගත් කණ්ඩායම වන්නේද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

ඒ හර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වය නිසයි.

කෙසේ නමුත් මුම්බායි කණ්ඩායමේ හිටපු නායකයා වන රෝහිත් සහ හර්දික් අතර සීතල යුද්ධයක් පවතින බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මුම්බායි කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර තරගයේදී රෝහිත් සහ හර්දික් රසිකයින් අතර ගැටුමක්ද ඇති වූ බවටයි වාර්තා වන්නේ.

සහනයක් සොයා කපුවකු හමුවට ආ තරුණිය... බිරිය පැටලී කපුවාට දෙලෝ රත්වෙලා... සිදු වූ දේ මෙන්න

අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තා වෙනවා.

සිද්ධිය මෙසේ ය.

ඇය ඉතා රූමත් ධනවත් පවුලක කාන්තාවක වන අතර ඇය විවාහ වූ සැමියා එතරම් වත්පොහොසත් කම් තිබූ පුද්ගලයකු නොවේ. ඔහු උපතින් ම ගෙනා කපටිකම ඇරෙන්නට ඔහු සතුව වෙනත් කිසිදු වටිනා දෙයක් නොතැබිණි.

කෙසේ වෙතත් ඔහු විවාහ වූ කාන්තාවට ඔහුගෙන් දරුවෝ දෙදෙනෙක් සිටිති. ඔහු ගැන කිසිදු සොයා බැලීමක් නොකර ඔහු හා ඇය විවාහ වී ඇත්තේ ඉතා ළාබාල අවදියක ය. ඔහුගේ කපටිකම් දැනගන්නා විට ඇය ඔහු අතින් අමාරුවේ වැටී අවසන්ය.

ඔහුගේ අතින් තවත් තරුණියන් කිහිපදෙනකුම අමාරුවේ වැටී ඇති අතර ඇයව ඔහු විවාහ කරගෙන ඇත්තේ ඇයගේ ධනවත්කම නිසාමය. විවාහ වුවත් ඔහු පරණ සල්ලාලකම් අත් නොහැරි අතර පෙර සේම තරුණියන් සමඟ සම්බන්ධතා ගොඩනගාගෙන ගොස් ඇත.

මෙලෙස එක් තරුණියක මොහුගේ අතින් අමාරුවේ වැටී ඇති අතර, ඇය ඉතා දුප්පත් තරුණියක වූවත් ඇයගේ සහෝදරයා ගමේ චණ්ඩියකු නිසා ඇයට ඔහු භාර ගැනීමට සිදුවී ඇත. රස්සාවක් නොකරන හෙයින් ඇය නඩත්තු කර ගැනීමට නොහැකි බැවින් ඔහු ඈත පළාතකට ගොස් බොරු ආරූඪයක් රැගෙන දේවාලයක් පවත්වාගෙන ගොස් ඇත.

මේ අතර ඔහුගේ කලින් බිරිය මොහු සොයා බැරිම තැන මෙම දේවාලය පිළිබඳව ආරංචි වී මිතුරියක සමඟ එම දේවාලයට ගොස් ඇත්තේ මොහු පිළිබඳව තොරතුරු විමසීමටය.

දේවාලයට ගොස් සිටිය දී ඔහු ආරූඪ වී පැමිණ සිටින්නේ තම කලින් බිරිඳ බව නොදැන සාත්තර කීමට පටන් ගෙන ඇත. එක්වරම ඔහු පැමිණ සිටි කාන්තාව දෙස බලා ඇත්තේ ඇයත් සැමියා හැර ගොස් ඇති බැවින් ඔහුට නම්මා ගැනීමට පුළුවන් දැයි විමසීමටය.

එහෙත් සිදු වූයේ අනෙකකි. පැමිණ සිටින්නේ තම කලින් බිරිය බව දුටු ඔහු හීන් දාඩිය දමා දෙවියන් සිහිකර සිය බොරු ආරූඪය දෙපාවලට ගෙන හැකි තරම් වේගයෙන් දිව ගොස් ඇත්තේ දෙවියන්ද පෙරළා ගෙනය.

කලින් බිරිය ද අන්දුන් කුන්දුන් වී මේ කපුවකු ලෙස සිටින්නේ තම කලින් සැමියා බව දැනගෙන ඔහුගේ ගැබ් ගත් බිරිඳගෙන් විස්තර විමසා ආපසු ගොස් ඇත්තේ දේවාලයට නොව නීතිඥ මහතකු හමු වී දික්කසාද නඩු දැමීමටය.

"එයා හැම වෙලාවකම Facebook එකේමයි..." - Facebook ගිය වයසක කත අමතක නොවෙන වංචාවකට හසුවෙලා!

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඩොලර් 10000ක වංචාවකට හසුවු වයස්ගත කාන්තාවක් පිළිබඳ පුවතක් ඔස්ට්‍රේලියාවේ පර්ත් අගනුවරින් වාර්තා වෙනවා.

තමන් මෙලෙස වංචාවකට හසුවීමත් සමඟ ඇය ෆේස්බුක් භාවිත කරන්නන්ට ද අනතුරු ඇඟවීමක් කර තිබුණි.

ෆේස්බුක් ඔස්සේ ඩොලර් ලක්ෂ දෙකක මූල්‍ය ත්‍යාගයක් ලබා ගැනීම සඳහා ඩොලර් 1000ක් ආයෝජනය කරන ලෙස ලැබුණු පණිවුඩයට ප්‍රතිචාර දැක්වීමට යෑමේදී ඇය මෙලෙස මූල්‍ය වංචාවකට හසුවී ඇති බව වාර්තා වේ.

මෙම මූල්‍ය ත්‍යාගය පිළිබඳ පණිවුඩය ඇයගේ ෆේස්බුක් ගිණුමෙහි සිටින සමීපතමයකු විසින් එවූවක් වන අතර එහි විශ්වාසනීයත්වය විමසීමට පෙර ඇය මුදල් යොදවා තිබූ බව සඳහන්ය.

පසුව අනාවරණ වී ඇත්තේ එම මිතුරාගේ ෆේස්බුක් ගිණුම මීට ඉහත දී හැකර්වරුන්ගේ ග්‍රහණයට නතුව ඇති බවයි.

පසුව ඇය සිය මිතුරිය සමග දුරකතනයෙන් සම්බන්ධවූ විට ෆේස්බුක් ඔස්සේ මූල්‍ය වංචාවකට ලක්ව ඇති බව වටහා ගෙන තිබුණි.

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ වාර්තාවලට අනුව වයස අවුරුදු 60 ඉක්මවු පිරිස මෙලෙස අන්තර්ජාල මුල්‍ය වංචාවලට ඉතා පහසුවෙන් හසුවන බව තහවුරු වී තිබේ.

2023 වසරේ දී පමණක් මෙලෙස වැඩිහිටි පිරිස් අන්තර්ජාල වංචාවලට හසුවීමේ ප්‍රවණතාව සියයට 62කින් ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.

පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ කොමසාරිස් ට්‍රිෂ් බ්ලේක් පැවසුවේ අන්තර්ජාලය ඔස්සේ මුදල් ආයෝජනය කරන ලෙස පැමිණෙන ඕනෑම පණිවුඩයක ප්‍රතිචාර දැක්විමට පෙර සොයා බැලීමට කටයුතු කළ යුතු බවයි.

"එක රැයකට ගාණ 30,000කටත් වැඩියි!" කෝටිපති නෝනලා, ලක්ෂ ගණන් වීසි කරලා පහස ගන්න එන, ලංකාවම දන්න "සම්මානනීය නළුවෙක්" ගැන අදහන්න බැරි කතාව මෙන්න

අපිට දකින පේන රූප පෙට්ටි ඇතුළේ මවා පාන චරිතවලට එහා ගිය 'චරිත' මේ සමාජය ඇතුළේ ඉන්නවා.

එහෙව් චරිතවලට 'චරිත සහතික' ලියන්නම නෙවෙයි මේ උත්සාහය. මේ තියන්නෙත් විශ්වාස කරන්න බැරි විදිහේ 'තිත්ත' ඇත්තක්. (ඒක කියවලාම බලන්න...)

'මේ ෆීල්ඩ් එකේ (විශේෂයෙන් ම මොඩ්ල් ෆීල්ඩ් එකේ) කෙල්ලො ඩීල් යනවා කියන්නෙ සාමාන්‍ය දෙයක්. ඒක විශ්වාස කරන්න අමාරු නෑ. එහෙම අයව අපිටත් නිතරම මුණ ගැහෙනවා. ගොඩක් අයි වීඅයිපී ලෙවල් එකේ. ඒ කියන්නෙ ලොකු ලොකු ගණන්වලට. කොටින් ම කිවුවොත් රුපියල් 30,000කට එහා ඒ අය ගන්නවා. අනික එයාලා වෙනම ලෝකයක්. හැමෝම එක්ක ඩීල් යන් නෑ. තෝරාගත්ත බොහෝම විශ්වාසවන්ත සුලු අය එක්ක විතරයි. මොකද එයාලා ඒ අයගේ වෘත්තිය ගරුත්වය ගැනත් හිතනවා...'

'මට මේ කතාව කිවුවේ මේ ෆීල්ඩ් එකේම ඉන්න අය. සාමාන්‍යයෙන් ගෑනූ අයනේ ඩීල් යන්නෙ. හැබැයි මෙයා පිරිමි කෙනෙක්. කොටින්ම සම්මානලාභී නලුවෙක්. ලස්සන කොලුවා.... කෙල්ලො පිස්සු වැටිලා ඉන්නෙ... අනික තනිකඩයා වගේ තමයි ලෝකයා ඉස්සරහා රඟපාන්නෙ. ඇත්තම කතාව මෑන් තනිකඩ නෑ. කලින් බැඳලා ගෑනිව දාලා ඇවිත් ඉන්නෙ. ෆීල්ඩ් හිට් වෙන්න ආසාවෙන් තනිකඩයි වගේ රඟපානවා...'

'මූ ලස්සන නිසාම ගොඩක් කෙල්ලො මූට ආසයි. හැබැයි මූව හොයන් ගොඩක් එන්නෙ ඇන්ටි කේස්. ඒකත් මහත ලස්සන ආන්ටිලාට මූ විශේෂයෙන්ම කැමතියි. ඩීල් යන්න මෙයා විශේෂ අය කිරීමක් කරනවා. සාමාන්‍යයෙන් ගාණ යන්නෙ 20,000කට උඩ... සමහර ආන්ටිලා එක්ක පොර ට්‍රිප් එහෙමත් යනවා කියලා ආරංචියි. මේ ආන්ටිලාගෙනුත් සමහර අය ෆීල්ඩ් එකේම ඉන්න නිළියෝ.... එක නිළියක් කාලයක් යනකන් මූව නඩත්තු කර කර මූ එක්ක ලිවින් ටුගෙදර් හිටියා කියලත් කියනවා. ඒ ගැන නම් ඇත්ත අපි දන් නෑ....'

'මෙහෙමයි ඉතින්... මිනිහා ඒ වැඩෙන් සෑහෙන හම්බ කරනවා. රඟපාලා හොයනවට වඩා වැඩි ගාණක් කෝටිපති ගෑනියෙක් අල්ලගෙන එක දවසින් හොයන්න පුළුවන්. මං අහලා තියෙන විදිහට ගොඩක් ගෑනූ මෙයා එක්ක යන්නෙ උන්ගේ කසාද මිනිහවත් දැනුවත්වලූ....'
මතුවට සබැඳි...

කතරගම නගරය මැද මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු ගහගනී... දෙදෙනාම රෝහලේ!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය හොබවන ලද කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා හා එහි හිටපු පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු කතරගම නගර මධ්‍යයේ ගුටිබැට හුවමාරුවක් සිදු කරගෙන ඇත.

ගුටිබැට හුවමාරැවෙන් පසු තුවාල ලැබූ දෙදෙනාම කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

විසි හත් වනදා රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති අතර මන්ත්‍රීවරුන් දෙදෙනාම මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබේ.

කතරගම අවුරුදු උත්සවය සඳහා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා සහභාගි කර ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයක් මත මෙම ගුටි හුවමාරුව සිදුව ඇත.

මේ අහිංසක කෙල්ල දැකල මට හුඟාක් දුක හිතුණා.... ඇය හඬන්නට පටන් ගත්තා - මීගමුවේ ස්පා දැරිය හඬද්දී සේවය ගන්න ආ තැනැත්තා හිත උණුවී හැරී යයි

මීගමුවේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට සේවය ලබා ගැනීමට පැමිණි මීගමුවේ පුද්ගලයකු එහි සිටි 15 හැවිරිදි දැරිය හැඬූ කඳුලෙන් ඔහුට කී ප්‍රශ්නය නිසා හිත උණුවී ආපසු පිටතට ගොස් ඇති බව හෙළි වූයේ යැයි මීගමුව පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා ‘දිවයින’ට පැවසීය. ‘ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න’ යැයි එම තැනැත්තා ඇයට කියමින් සිය දුරකථන අංකය ද ඇතුළත් කාඩ්පතක් ඇයට දී ඇතැයි පොලිසිය පවසයි.

මේ අනුව එම තැනැත්තා පොලිසිය මගින් ගෙන්වා ගෙන ඔහුගෙන් කට උත්තරයක්ද ගෙන තිබේ.

මේ අහිංසක කෙල්ල දැකල මට හුඟාක් දුක හිතුණා. ඇය හඬන්නට පටන් ගත්තා යැයි ඔහු පවසා ඇත.

මෙම 15 හැවිරිදි දැරිය ගෙදරින් තරහ වී එද්දී ඇගේ ඥාතීයෙකු මෙම සම්බාහන මධ්‍යස්ථානයට ඇය භාරදී ඇත්තේ රුපියල් 15,000 ක මුදලකට බවද පොලිස් අධිකාරි චරිත් පෙරේරා මහතා සඳහන් කළේය.

පොලිසිය මෙම වැටලීම කිරීමට දින තුනකට කලින් ඇය මෙම සම්බාහන මධ්‍යස්ථානයට පැමිණ තිබීම නිසා ඇය වැඩි කාලයක් එහි සේවය කර නැතැයි ද පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන

"ස්පා" ලඳුන් රටම කළඹවයි... ගිය අය පරෙස්සමෙන්! අලුත්ම කතාව මෙන්න

කුරුණෑගල නගරය ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන සම්බාහන මධ්‍යස්ථානවල සේවය කරන කාන්තාවන්ද එච් අයි වී වෛරසය වැළදී ඇති බවට සැක කෙරෙන බැවින් ඔවුන් සියලු‍ දෙනා පරීක්ෂාවට ලක් කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

මේ වන විටත් කුරුණෑගල නගරය ආශ්‍රිතව සම්බාහන මධ්‍යස්ථාන 60 පමණ පවත්වාගෙන යනු ලබන අතර එම සියලු‍ සම්බාහන මධ්‍යස්ථානවල කාන්තාවන් පරික්ෂාවට ලක් කිරීමට පසුබිම් වී ඇත්තේ මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානවල සේවය කළ තරුණියන් දෙදෙනෙකුට එච් අයි වී ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.

ඒ අනුව පොලිසිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ සහය ඇතිව සම්බාහන මධ්‍යස්ථානවල සේවය කරන කාන්තාවන් පරීක්ෂා කිරීමටයි තීරණය කර ඇත්තේ.

කාමරය අවුස්සලා – පැළඳ සිටි රන්බඩුත් පැහැරගෙන කඩුවෙල දෙදරු මවගේ ඝාතනය අභිරහසක්!

කඩුවෙල, කොතලාවල, පට්ටියවත්ත පාරේ සිය නිවස තුළ ලේ ගැලූ තුවාල සහිතව මියගොස් සිටි කාන්තාවකගේ මළසිරුරක් කඩුවෙල පොලිසියේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

මෙසේ මියගොස් ඇත්තේ අජන්තා (51) නමින් හැඳින්වෙන දෙදරු මවක වන අතර බදාදා දහවල් 11.00 ට පමණ ඇය නිවස තුළ වැටී සිටිනු දුටු අය වහාම 1990 ගිලන් රථ සේවයට දන්වා ඇති අතර ඔවුන් පැමිණ පවසා ඇත්තේ ඇය මියගොස් ඇති බවය.

ඇගේ ස්වාමිපුරුෂයා, දියණිය සහ පුත්‍රයා උදෑසන රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර මෙම කාන්තාව තනිව නිවස තුළ සිට ඇත. ඇයද කඩුවෙල නගරයේ වෙළෙඳ සැලක සේවය කරන අතර ඇය සේවයට සාමාන්‍යයෙන් යන්නේ පෙරවරු 11.00 ට පමණ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ඇයගේ හිසෙහි පිටුපස විශාල තුවාලයක් තිබී ඇති අතර මුහුණේ සීරුම් තුවාලද තිබී ඇත. ඇය පැළඳ සිටි රන් ආභරණයක්ද අතුරුදන්ව තිබීමත් නිවසේ කාමරය තුළ යමක් සොයන ආකාරයෙන් අවුස්සා තිබෙන අයුරුත් පරීක්ෂණ කණ්ඩායමේ දැඩි නිරීක්ෂණයට හසුවිය.

මේ අනුව පොලිසිය සැක කරන්නේ කිසියම් සොරකමක් කිරීම සඳහා ගෙට ඇතුල් වූ අයෙකුගේ පහරදීමකින් හෝ ඇද වැටීමකින් මෙම මරණය සිදුව ඇති බවය. පොලිස් නිල සුනඛ අංශයද, ඇඟිලි සටහන් පරීක්ෂණ අංශයද පරීක්ෂණ සඳහා එක්වූ අතර කඩුවෙල පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. කාන් වීරසිංහ මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ මෙහෙයවති.

කඩුවෙල – සුගත් ප්‍රේමතිලක

පෘථිවියේ භ්‍රමණ වේගය අඩුවෙයි.. ඔරලෝසුවේ වේලාව වෙනස් කරයි

පවතින උෂ්ණත්වය ඉහළ යාමත් සමග ඝන අයිස් තට්ටු දියවීම හේතුවෙන් පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් මත පෘථිවි භ්‍රමණ වේගය අඩුවීම හේතුවෙන් පෘථිවියේ වේලාව වෙනස් කරන බව වාර්තා වේ.

තවත් වසර කිහිපයකින් පෘථිවියේ කාලය දිනකට තත්ත්පරය බැගින් අඩු වන බවත් එය තත්ත්පරයක සුළු කාලයක් පමණක් වුවත් පරිගණක භාවිතයේදී වැඩි බලපෑමක් එල්ල වනු ඇති බවද විද්‍යාඥයින් දැනටමත් පුරෝකථනය කරයි.

ඉදිරියේදී පෘථිවිය වෙනත් ආකාරයකින් භ්‍රමණය වීමට වඩා අඩු වේගයකින් භ්‍රමණය වන අතර මෙය 2029 වන විට අපගේ ඔරලෝසුවෙන් තත්පරයක් අඩු කිරීම ගැන සලකා බැලීමට ලෝක වේලා සටහන්කරුවන්ට හේතු විය හැකි බව සදහන් කරයි.

මීගමුවට HIV බෙදූ SPA 53ක් වසාදමයි! 15 හැවිරිදි දැරියකටත් HIV වැලඳිලා! (VIDEO)

සමාජ රෝග සහ විවිධ අපචාර ක්‍රියාවන්ට මඟපාදමින් මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන සම්බාහන මධ්‍යස්ථාන (SPA) 53ක් වසාදැමීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

මීගමුව නගරයේ සම්බාහන මධ්‍යස්ථාන පොලිසිය විසින් පරීක්ෂා කිරීමේදී ඒඩ්ස් වෛරසය ආසාදිතයන් දෙදෙනකු සොයාගෙන ඇති බවත්, ඉන් එක් අයකු 15 හැවිරිදි දැරියක් බවත් වාර්තා වේ.

"ඔයා කොහොමද සුදු පාට වුණේ? සිසුවාගේ සුදට 48 හැවිරිදි ගුරුවරිය වශී වෙලා... අන්තිමට වුණ දේ මෙන්න

“ඔයා කොහොමද සුදුපාට වුණේ? කියා අම්මලගෙන් අහගෙන මට ලිපියක් ගෙනත් දෙන්නැයි ගුරුතුමියක් සිසුවකුට පැවසීම නිසා මවුපියන් දෙදෙනා කලබලයට පත්ව පාසලට යෑමේ පුවතක් කොළඹ දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසලකින් වාර්තා වෙනවා.

සිද්ධිය මෙසේය. 18 වැනි වියේ පසුවන ඔහු එම පාසලේ අ.පො.ස. උසස් පෙළ හදාරයි. මව සහ පියා පියකරු පෙනුමෙන් හා සුදුවර්ණයෙන් හෙබි අඹුසැමි යුවළකි.

එනිසා පුතා ද වඩාත් සුදු වර්ණයෙන් හා පියකරු පෙනුමෙන් යුක්තය.

සුදු පැහැති රුව නිසා කාගේත් නෙත් සිත් ඔහු වෙත ඇදී ගියේය.

ගුරුතුමිය විවාහකය, දරු සුරතල් බලමින් 48 වැනි වියේ පසු වන්නීය. ඇය කලාවට සම්බන්ධ වෘත්තියක නියැළෙන්නියකි.

එනිසා ඇය තමාට ආවේණික කලා ඇසින් දරුවා දෙස බැලුවාද? නැතහොත් තමාටත් සුදුවීමට ගුරුවරියට සිතුනා ද? යන්න ප්‍රශ්නයකි.

ගුරුවරිය දරුවාගෙන් සුදුපාට වුණේ කෙසේ දැයි විමසීම නිසා කෝපයට පත් මවුපියන් ගුරුවරියට පාඩමක් ඉගැන්වීමට පාසලට පැමිණියත් ගේට්ටුව අසල දී තවත් පිරිසක් කරුණු පහදා දී ඔවුන් ආපසු යැව් බව පැවැසේ.

"ටිකක් ඉදිරියට යනකොට Room කියලා ගහලා තිබුන හෝටලයකට හරවන්න කිව්වා.." ත්‍රීවිල් රියදුරෙකුගේ සත්‍ය කතාවක් ඇසුරෙන්!

සමහර අත්දැකීම තියනවා , ජිවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති. මේකත් ඒ වගේ අපුරු සත්‍ය කතාවක්. 
ත්‍රීවිල් රියදුරෙකුගේ සත්‍ය සිදුවීමක උපුටා ගැනීමකින්..

 

 

" එදා කොළඹින් පිටට හයර් එකක් ලැබුණා..

මෘදුකාංගය හරහා ලැබුණ ඒ හයර් එක තරුණියකගෙන්..
ගම්පහ ප්‍රදේශයේ ඇයගේ මිතුරියකගේ නිවසට ගොස් නැවත එන්නට..
මම ඇයත් සමඟ ඒ ගමන යන්න පිටත් උනා..
මේ තරුණිය ටිකක් අමුතු කෙනෙක්...
හරී ලොකු සීන් එකෙන් කතා කලේ . .
හරියට එංගලන්තේ මහ රැජිනගේ දුව වගේ..
පට්ට ලොකු සීන් එකේ වාහනය ගෙන්න ගන්න කතා කලේ..
දෙපාරක් කල්පනා කරලා ගමන ආවේත් හොඳ හයර් එකක් නිසා..

කිසී කතාවක් නෑ එයා ෆෝන් එකේ යනවා මම මගේ පාඩුවේ යනවා..
රථයට ගොඩවෙන කෙනාගේ ලොකුකම් අපිට වැඩක් නැහැනේ.
ගම්පහට කිට්ටු සුපිරි වෙළඳසැලක ඇය නතර කරන්න කිව්වා..

" මිස් ගොඩක් පරක්කු වෙන්නේ නෑ නේද ? "
ස්ටොප් එකක් එතන නැති නිසා මම ඇහුවා..

" අවශ්‍ය බඩු වගයක් ගන්න යන්නේ, නිකන් කාලේ කන්න මේක ඇතුලට යන්නේ නෑනේ "
එහෙම කියාගෙන ඇය බැහැලා සුපිරි වෙළඳ සැළට ගියා..

ට හුඩු මේකී යකෝ...
වාහනෙයි මායි සල්ලි වලට අරන් වගේනේ..
මගේ කට නලියනවා මොනවා හරි කියන්න..
බස්සලා යන්නත් හිතුනා...
විනාඩි 15 ක් විතර ගියා, දැන් නම් මට පුදුම තරහක් එන්නේ..
ඒත් එක්කම ට්‍රොලියක බඩු ටික දාගෙන ඇය ආවා..
" මට පොඩ්ඩක් මේ බඩු ටික ඇතුලට දාලා දෙන්න "
එහෙම කියලා ආයේ ඇතුලට ගියා...
යකෝ මම මේකිගේ වහලෙක් වගේ පේනවද දන්නේ නෑ..
දැන් නම් ඉවසීමේ රතු කට්ට පැනලා..
ඉක්මනින් යන්න අවශ්‍ය නිසා මම ට්‍රොලියේ තිබුන බඩු ටික ත්‍රීවීලර් එකට දැම්මා..
වියලි ආහාර ද්‍රව්‍ය සහ බිස්කට් වැනි දේවල් තිබුනේ..
ඒත් සමඟම ඇය පැමිණ වාහනයට ගොඩ උනා..

" ආ මේක ඔයාට, ඩ්‍රයිව් කරන ගමන් බොන්න බැහැනේ බීලා යං "
එහෙම කියලා ඇය අත තිබුන ජූස් කප් දෙකෙන් එකක් මට දුන්නා..ඇය අනික බොන්න ගත්තා..
" බොහොම ස්තූතියි මිස් "

විලි ලැජ්ජාවේ සංතෝසේ බැරුව මම කිව්වා..

ඇය ලොකු සීන් උනාට මට ගෙනත් තිබුණ පළතුරු යුශ බීම එක සාමාන්‍යයෙන් රුපියල් හත් අටසීයක එකක් , ඒක ඇතුලේ මිදිත් තිබුනා..
මම එක උගුරට බීගෙන බීගෙන යන්න හැදුවට මේ වස්තරේ බටෙන් එන්නේ නෑ..අර මිදි කෑලී හිර වෙනවා...
කොහොම හරි ඒකත් බීලා අදාල ස්ථානයට ගියා..

" මිස් මෙතන ගොඩක් වෙලා ඉන්නවද " නිතරම එහෙම මම අහන්නේ, එක හයර් එකකින් දවස ඉවර උනාට ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නැති නිසා..
" නවතින්න ආවේ නෑ මෙහේ ඒකයි අප් ඇන් ඩවුන් දැම්මේ ටිකක් වෙලා ඉන්න , ලෙඩෙක් බලන්න ආවේ තව ලෙඩෙක් එක්කනේ.."

එහෙම කියාගෙන ඇය ගෙට ගියා..

දැන් නම් ලෝකේ හොඳම බීම එක මට දුන්නත් ඉවසන්න අමාරුයි..

මේකීගේ පෙනුම සුරංගනාවියෙක් වගේ උනාට කට නම් තනිකරම මුඩුක්කු සීන් එකක් තමයි...
උපරිම ඉවසනවා කියලා හිතා ගත්තා..

වෙයිටින් වැටෙන්නේත් නෑ මේ මෘදුකාංග වල හරියට..
ඒකයි අවුල.....
හරියටම පැයක් ගියා...
මම කෝල් එකක් ගත්තා ඒක කට් කලා..
මම කියන්න හැදුවේ මට හයර් එක දෙන්න ඔයා වෙන එකක් දාගෙන එන්න කියලා...
ඒත් එක්කම ඇය බායී කියාගෙන ආවා..

" ඔයාලට වෙයිටින් වැටෙනවනේ පුදුම හදිස්සියක්නේ තියෙන්නේ.."
" මිස් හයර් එක බුක් කරනකොට ආව ගාන තියෙනවානේ ඒක ඔයාට මතකයිනේ..බලන්නකෝ එන්ඩ් කරනකොට ගාන වැඩි වෙලාද කියලා..

මෘදුකාංග ආයතන වල වෙයිටින් කියන්නේ මිරිඟුවක්.. අපි කීයක් හරි වැඩියෙන් ඉල්ලුවත් කස්ටමර් කියන්නේ පෙන්නන ගාන විතරයි ගෙවන්නේ කියලානේ..හැම පැත්තෙන්ම අපි තැලෙනවා මිස් ජීවත් වෙද්දි.."
මම එහෙම කියලා එන්න පිටත් උනා..

ඇය නිහඬව අහගෙන හිටියා මිසක් උත්තර දුන්නේ නෑ..
ඒ ගෙවල් පහු කරලා කිලෝ මීටර් දෙකක් විතර පටු මාර්ගයක අපි නැවත එන ගමන් ඉන්නේ..
එක් වරම අපිට ඉස්සරහින් ගිය යතුරුපැදියකට බල්ලෙක් ???? ගැටුනා..
යතුරුපැදි කරු සහ පිටුපස සිටි කාන්තාව උඩින් විසි උනා..
පාරේ අයිනේ ලොකු ඇල පාරක් ගලාගෙන යනවා ..
මම වහා රථය අයින් කරලා බැහැලා ඔවුන් ළඟට දිව්වා..
ත්‍රීරෝද රථයේ සිටි මගී තරුණියත් මාත් සමඟම දිව ආවා..
යතුරුපැදිය පැදවූ පුද්ගලයාගේ මුහුණ පාරේ වැදිලා නහය කැඩිලා..
කාන්තාව අනේ මගේ දරුවා අනේ මගේ දරුවා කියලා අඬනවා.
මාත් සමඟ සිටි තරුණිය ඇයව නැගිට්ටුවා..
ඒත් සමඟම මට මතක් උනා යතුරුපැදිය බල්ලාගේ ???? ගැටෙන විටම යමක් ඇලට විසි උන බව..
දෙපාරක් නොසිතාම මම ඇළට පැන්නා..
කුඩා ඇළක් උනාට මගේ කර වටක් වතුර තිබුණා..
මම වතුරේ ගිලෙමින් ඒමේ අත දරුවා සොයනවා..
ඒත් එක්කම මගේ ඇස ගැටුනා ගල් තලාවේ කෙලවර වතුර ගෑවෙන නොගෑවෙන මට්ටමේ අලුත උපන් බිළිදුන් දමාගෙන යන ආවරණයක් තියෙනවා..
මම ටක් ගාලා පීනාගෙන එතනට ගියා..
අනේ ඉපදිලා මාස කීපයක කිරිකැටි දරුවෙකු ඒ තුල සුවසේ නිදාගෙන ඉන්නවා...
කිසීම තුවාලයක් නෑ අර ආවරණයත් එක්කම ලොකු ගල්තලාවට වැටිලා..
හුස්ම ගන්නවා ...
ලොකු ගල් ගෙඩි අස්සෙන් වැටිලා තියෙන්නේ මගේ හිතට බයයි..
මම ටක් ගාලා ඒ ආවරණය පිටින්ම දරුවා වඩා ගත්තා...
පාරේ උඩ ඉදන් අර තරුණිය සහ අනතුරට පත් කාන්තාව කෑගහනවා..
බලපුවහම එහා පැත්තේ කිඹුලෙක් තරම් ලොකු කබරගොයෙක්..
ඒකා මොකක් හරි ගොදුරක් ගිලලා හෙල්ලෙන්නේ වත් නෑ..
මම වතුරේ අමාරුවෙන් දරුවා හිසට ඉහලින් ඉහලින් ඔසවාගෙන ගොඩට රැගෙන ගියා..
අර කාන්තාව දරුවා බදාගෙන අඬනවා..
පිරිමි කෙනාගේ මුහුණ වැහෙන්න ලේ ගලනවා..
ඒත් සමඟම එතනට සුදු වෑන් රථයක් ආවා ඒකේ හිටියේ හාමුදුරුනමක් ..
ඒ හාමුදුරුවෝ තුවාල සහිතව සිටි පිරිමි කෙනා කාන්තාව සහ අත දරුවා වෑන් රථයට දමාගෙන ගම්පහ රෝහල වෙත රැගෙන ගියා..
මම තෙත පිටින්ම රථයට ගොඩ උනා අර තරුණිය එතැන් සිට අනතුර ගැන කතා කරමින් මද දුරක් ආවා..

" අපි හොස්පිට්ල් එකට යමුද අර බබා ගැන මගේ හිත බයයි "
අර තරුණිය ඇසුවා...

" මමටත් ඒක ඕනේ උනා ඒත් මිස් අකමැති වෙයි කියලා ඇහුවේ නෑ..."
" පිස්සුද අපි සේරම මිනිස්සු..අපි යමු හොස්පිට්ල් එකට.."
මම එහෙමම ගම්පහ රෝහල වෙත ගියා..
අර හාමුදුරුවෝ සහ වෑන් රථය පේන්න තිබුනේ නෑ.
මම තෙත බරිතව සිටි නිසා ඇය රෝහල තුලට ගියා..
ටිකකින් ඇය නැවත ආවා..
" බය වෙන්න දෙයක් නෑ දරුවාට මොකුත් නෑ..,
දරුවාගේ අම්මටත් ලොකු අවුලක් නෑ..
තාත්තාව නම් ඇතුලට අරගෙන තිබුණා.. "
ඇය කිව්වා..
අපි එහෙනම් යමු මිස්..
තාමත් මගේ ඇඟේ වතුර දිය සෙවල කෑලී ඇඟ පුරාම..

දැන් මොනවා කරන්නද මෙයාවත් බස්සාගෙනම ගෙදර යනවා..
" පොඩ්ඩක් අර කඩේ ළඟ නතර කරන්න...."
ගම්පහ සුපිරි නිමි ඇඳුම් සංකීර්ණයක් පෙන්වා ඇය කිව්වා.
අනේ දෙයියනේ මෙච්චර තෙත බරිත වෙලා ඉන්න මාව තවත් මඩවන්නද හදන්නේ මේකී..
යකෝ ශොපින් කරන්න ඕනේ තරම් කඩ කොළඹ තියෙනවා නේ..
" අනේ මිස් තෙමිලා ඉන්නේ හොඳටම ඉක්මනට එනවා නේද "
මම රථගාලේ රථය නතර කරන ගමන් ඇසුවා..
" මම කිව්වේ නෑනේ වතුරට පනින්න කියලා "
එහෙම කියාගෙන ඇය ඇතුලට ගියා..
ඇත්තටම මේ තරුණිය මහා අමානුෂීය තරුණියක්..
මට පුදුම තරහක් තියෙන්නේ..
විනාඩි 10 ක් වගේ යනකොට ඇය ඇඳුම් උරයක් සමඟ රථයට ආව..
"තව එක තැනක නතර කරන්න තියෙනවා ඊට පස්සේ කෙලුන්ම ලොකේශන් එකට යමු "
ඇය කිව්වා..
දිගු සුසුමක් හෙලලා මම නිහඬවම ඉදිරියට ගමන් කළේ මගෙත් කට හොද නැති නිසා.
තව මොනවා හරි කියවෙයි කියලා..
ටිකක් ඉදිරියට යනකොට Room කියලා ගහලා තිබුන හෝටලයකට හරවන්න කිව්වා..
මම හරවලා නතර කලා..
ඇය ඇතුලට ගියා..
ටිකකින් තරුණයෙකු සමඟ ඇය ආවා..

" මෙයා ඔයාට වොශ් රූම් එකක් පෙන්නයි,ඒකට ගිනින් නාගෙන මේ ඇදුම් ඇදගන්න.මම පේ කරලා තියෙන්නේ.."
ඇය එහෙම කිව්වේ අර වෙළදසැලෙන් ගත් ඇදුම් උරය මට දෙන ගමන්..
මම ස්තූතියී මිස් කියලා ඒක අරගෙන එනකොට ඇය සිනා මුසු මුහුණින් මට කිව්වේ " ඉක්මන් කරන්න මට පරක්කු වෙනවා" කියලා..
මම වොශ් රූම් එකට ගිහින් අර උරය බැලුවා..

ඒක ඇතුලේ ඩෙනිම් කලිසමක් සහ ලස්සන ෂර්ට් ???? එකක් වගේම සුදු පැහැති යට කලිසමක් සහ කුඩා ෂැම්පු බෝතලයක් බොඩි ෂැම්පු එකක් වගේම සුවඳවිලවුන් බෝතලයකුත් තුවායකුත් තිබුනා..
එහි වටිනාකම රුපියල් 10,000ට විතර ආසන්නයි..

මතක ඇති කාලෙකින් ඇඳුමක් වත් ගත්තේ නැති මට හීනයක් වගේ මේක..
මම නාන ගමන් මම ගැනම පසුතැවිලි උනා....
නාගෙන ඇඳුම් ඇඳගෙන මම එනකන් ඇය ත්‍රීරෝද රථයට වෙලා හිටියා..
විශේෂම දේ ඇයට මගේ සයිස් එක ගැන හොඳ අවබෝධයක් තිබුනා..ඇදුම් හරි ගානටම අරන් , හරි පුදුමයී.
අපි නැවත කොළඹ බලා එනකන් ඇය මාත් සමඟ වචනයක් වත් කතා කලේ නෑ..
ඇය ඉංග්‍රීසි මාධ්‍යයෙන් දුරකථන ඇමතුමක හිටියේ..
ගේ ළගින් බැහැලා රුපියල් 10,000 ක මුදලක් මගේ අතින් තියලා , මේක තියාගන්න කිව්වා..
" අනේ මිස් හයර් එක එච්චර ගානක් වෙන්නේ නෑනේ.අනික මිස් මට අරන් දුන්න මේ දේවල් වලටත් ලොකු ගාණක් වෙනවනේ..එහෙම එපා මිස්.. "
" ඔයා ඔයා ගැන වත් හිතන්නේ නැතිව අර ඇළකට පැනලා කුඩා දරුවෙක් බේරාගත්තා..අනික අපි කුලී රථයක් බුක් කරන්නේ අපිට අවශ්‍ය විදිහට ගමනක් යන්න..ඒකට සාදාරණයක් කරන්න අපි දන්නවා..සමහරු එහෙම නැතිව ඇති ඒත් හැමෝම එහෙම නෑ..ඕක මම දෙන්නේ මගේ සතුටින්.
ඔයා වගේ රියදුරන් හරී අඩුයි.."

" මට සමාවෙන්න මිස් , මම මිස් එක්ක තරහින් හිටියේ ඇත්තටම..බොහෝම ස්තූතියී හැම දේකටම"
" මම ඒක දන්නවා,ඒකයි මම ටිකක් ඇවිස්සුවේ..මමත් ආසයි ඒකට .. එහෙනම් මම යනවා බායී.."
එහෙම කියාගෙන ඇය ඇතුලට ගියා...
අපිට ජීවිතයේ හමුවෙන සමහර සුන්දර චරිත තියෙනවා , අපේ වැරදි නිගමන නිසා ඒ සුන්දරත්වය නොපෙනෙන..
එදා ඉදන් අද දක්වාම මම ඇය නැවත මට හමු උනේත් නෑ....
තාමත් ඒ හරියෙන් හයර් එකක් යනකොට ඒ විසල් නිවස දිහා බැලෙන්නේම ඇයගෙන් හයර් එකක් ලැබෙයි කියලා හිතිලා..


තවත් එක් ත්‍රීරෝද රථ රියදුරෙකුගේ සත්‍ය අත්දැකීමක් ඇසුරෙන් ,
සටහන ✍️ ටැක්සිකාරයාගේ දින පොත "

ඩිප්ලෝමා ව්‍යාපෘතියට බතික් හදාරන්න ගිය සරසවි සිසුවියට, අමුතු මෝස්තරයක් උගන්වන්න ගිහිල්ලා... බතික්හල් හිමිකරුට වැඩ වරදී!

මෝස්තර නිරූපණය සම්බන්ධයෙන් උපාධියක් හදාරන 23 හැවිරිදි සරසවි සිසුවියක උපාධියට අවශ්‍ය පුහුණුවක් ලබාගැනීම සඳහා බතික් කර්මාන්ත ශාලාවකට හිමිකරුවූ 80 හැවිරිදි අයකු ගේ ඉල්ලීම මත ඇය ඔහුට බත් කටක් කවා ඇති අවස්ථාවේ අතවරයට ලක් කරන ලදැයි කියන සිද්ධියකින් පසුව බත් පත දමා දිව ගොස් පෙම්‍වතා සමග පැමිණ පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පිළියන්දල පොලිසිය සදහන් කරනවා.

මෝස්තර නිරූපණ ශිල්පි ඩිප්ලෝමා උපාධිය (fashion dssiging degree) හදාරන 23 හැවිරිදි පැමිණිලිකාර සිසුවියට සිය ඩිප්ලෝමාවට අවශ්‍ය ව්‍යාපෘතියක් සඳහා බතික් කර්මාන්තය සම්බන්ධයෙන් හැදෑරීම සඳහා සිය පෙම්වතා හරහා පිළියන්දල දොලේ කනත්ත ප්‍රදේශයේ බතික් වැඩපොළකට ගොස් ඇත.

මෝස්තර නිරූපණ ශිල්පය පිළිබඳ තොරතුරු හැදෑරීම සඳහා සිසුවිය දින කීපයක් එම ස්ථානයට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

සිසුවිය එහි යාමේදී දහවල් ආහාරය සඳහා කෑම පාර්සලයක්ද රැගෙන ගොස් තිබූ අතර ආයතනයේ පිටුපස කොටසේ සිට ආහාර ගනිමින් සිටියදී එම ස්ථානයට පැමිණි බතික් කර්මාන්තශාලාවේ හිමිකරු වූ 80 හැවිරිදි පුද්ගලයා සිසුවිය අමතා " දුවේ මටත් බත් කටක් කවන්නකෝ" යැයි පවසා ඇය අසලට පැමිණ සිටි බව පොලිසිය කියයි.

දුර බැහැර ප්‍රදේශයක පදිංචි වූ සිසුවියට එකවරම සිය ආතා සිහි වී ඇය කිසිදු පැකිලීමකින් තොරව ඔහුට සිය බත් පතෙන් බත් කටක් කවා ඇතැයි පොලිසිය කියයි.

මඳ වේලාවකදී "අනේ දුවේ රසම රසයි දුවේ, තවත් කටක් කවන්නකෝ"යැයි පවසමින් සිසුවිය අසලටම පැමිණි ඔහු සිසුවියගේ ලැම පෙදෙස පිරි මදින්නට තැත් කිරීමත් සමඟම සිසුවිය බත් පත ද එම ස්ථානයේ දමා සිය අත් බෑගයද රැගෙන වහා එම ස්ථානයෙන් පිටවී නවාතැන්පොළට පැමිණ සිය පෙම්වතාට ඒ බව දන්වා අනතුරුව පොලිසියට පැමිණිලි කර ඇතැයි කියයි.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ සහකාර පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරික්ෂිකා මදාරා සමරදිවාකර මෙනෙවිය වැඩිදුර පරීක්ෂණ පවත්වන්නීය.

සංගක්කාර ජයටම හෝලි සමරයි: සංගක්කාර පුහුණුකරු කියා අමතක කර රාජස්තාන් ක්‍රීඩකයෝ හෝලි සැමරුවේ මෙහෙමයි (VIDEO)

තරගකාරී අයි.පී.එල්. තරගාවලිය මොහොතකට අමතක කළ කුමාර් සංගක්කාර ඇතුළු රාජස්ථා රෝයල්ස් ක්‍රීඩකයෝ ඉතා උද්යෝගයෙන් ඉන්දීය සාම්ප්‍රදායික උත්සවයක් වන හෝලි සමරන අයුරු දැක්වෙන වීඩියෝවක් රාජස්ථාන් රෝයල්ස් විසින් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා පෙරේදා (26දා) මුදාහැරියා.

මෙය ඉන්දීය ක්‍රීඩකයන්ට අලුත් අත්දැකීමක් නොවුණත්, විදෙස් ක්‍රීඩකයන්ට නම් වෙනස්ම අත්දැකීමක් වී ඇති බව වීඩියෝ දර්ශණ නැරඹීමෙන් දැකගත හැකියි.

මහත් උද්යෝගයෙන් මෙම අවස්ථාවට සහභාගි වූ එක් විදෙස් ක්‍රීඩකයෙක් පවසා සිටියේ,

"පුදුම රෝස පාටක්, රෝස පාටක්. ඒත් ඒවා ඇත්තටම සනීපයි.

ඔව්, ඒක හරිම විනෝදයි.

මං ආයෙත් ළමයෙක් වගේ දැනුණා.

මගේ මිතුරන් සමඟ මම ජල සටනක් කරනවා වගේ දැනුණා,

ඒක ඉතාමත් විනෝදයි" යනුවෙන්.

රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරයි.

මෙම විනෝදජනක අවස්ථාවේදී නම් රාජස්ථාන් ක්‍රීඩකයෝ ඔහුට කිසිඳු ගරු සැලකිල්ලක් නොදක්වාම වර්ණක වලින් ප්‍රහාර එල්ල කරන අයුරු දැකගත හැකිවිය.

කෙසේ නමුත් ඊට නොදෙවෙනි වූ සංකක්කාරද, තමන් පුහුණුකරු බව අමතක කරමින් මෙහිදී විනෝදවන අයුරු කාගෙත් අවදානයට ලක්වුණා.

හෝලි යනු ඉන්දීය ජනයා මහත් උත්සවත්ශ්‍රීයෙන් සමරන ලබන වැදගත් හින්දු සාම්ප්‍රදායික උත්සවයක්.

එය මෙවර සැමරීමට නියමිතව තිබුණේ ඊයේ (මාර්තු 25) දිනයේදීයි.

රාධා සහ ක්‍රිෂ්ණා යන දෙවිවරුන්ගේ සදාකාලික ප්‍රේමය සමරනු වස්, මින් ආදරය සහ වසන්තය සංකේතවත් කරයි.

එමෙන්ම නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීම සංකේතවත් කරයි.

හෝලි උත්සවය ඉන්දියාවේ මහත් හරසරින් සමරන නගර අතර රාජස්ථාන් ප්‍රාන්තය කේන්ද්‍ර කරගත් එහි අගනගරය වන ජයපූර් ප්‍රධාන තැනක් ගනියි.

"බලන්නකො... කැන්ඩියන් එක ඇදලා මම ඉන්න සංවරකම... ඒ අස්සෙ යට සායක් අරං ගිහින් නැහැ..." - පියුමිට වෙච්ච ඇබැද්දියක්!

පියුමි හංසමාලි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන තරුවක්.

ඒ වගේම පියුමි කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වුණු පියුමි අද සිය ෆේස්බුක් ගිණුමට එකතු කරපු සටහනක් මේ වෙන කොට බුකියේ හුවමාරු වෙනවා.

බලන්නකෝ...ඒ සටහන මොකක්ද කියලා...

''අප රට තුළ ඔයාගෙ දක්ෂතාවයට ඇගයීමක් නොලැබුණත්, ලැබිය යුතු ජයග්‍රහණය ජාත්‍යන්තරව ඔයාට ලැබුණා '': සනුක - වින්ඩි දෙපළට ලැබුණු විශේෂ සුබපැතුම

සනුක - වින්ඩි දෙපළ ලද සුවිශේෂී ජයග්‍රහණය ගැන තොරතුරු ඊයේ අපි ඔබට අරන් ආවා.

දෙස් විදෙස් රසික ප්‍රතිචාර නොඅඩුව ලැබූ 'අයියෝ සාමි' ගීත නිර්මාණයයි මෙවන් ජයග්‍රහණයකට මංපෙත් විවර කර තිබුණේ.

ඒ අනුව මාර්තු 24 චෙන්නායි හි පැවති 16 වන Annual Edison Awards හිදී 'Sensational Song of the Year 2023' මැයෙන් 'අයියෝ සාමි' පිදුම් ලැබීමට සමත්කම් දක්වා තිබුණා.

ලද සම්මානයේ සතුට සමාජ මාධ්‍යය ඔස්සේ සිය රසික සමූහයා එක්ක බෙදාගැනීමත් සමඟ, සනුක - වින්ඩි ඇතුළු 'අයියෝ සාමි' කණ්ඩායමටම ලැබී තිබුණේ ඉමහත් රසික ගෞරවාදරයක්.

එහෙම ලැබෙන සුබපැතුම්, ආශිර්වාද රැසක් එක්ක ඔවුන්ගේ සුවිශේෂී ජයග්‍රහණය උඩු ගුවනේදීම සැමරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයත් මේ විදියට කටයුතු කර තිබුණා.

ලාංකීය දමිළ ගීතයකට මේ ලැබුණු ජාත්‍යන්තර සම්මානය සැබවින්ම ඉහළින්ම අගය කළ යුත්තක්.

එඩිසන් සම්මාන උළෙල හඳුනාගැනෙන්නේ, 2009 වසරේ සිට දමිළ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ විශිෂ්ට නාම උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලක් හැටියට.

ඒ අනුව එය ඉන්දීය සිනමාවේ ප්‍රවීණයන් සහ නැඟී එන දක්ෂතා ඇගයීම සඳහා ප්‍රසිද්ධියක් උසුලනු ලබනවා. මෙය තෝමස් අල්වා එඩිසන්ට කරන ගෞරවයක් වශයෙනුයි ''එඩිසන් සම්මාන උළෙල'' මැයෙන් නම්ව ඇත්තේ.

දශක එකහමාරකට වැඩි කාලයක් තිස්සේ එය විජය, ධනුෂ්, සිම්බු සහ වික්‍රම් වැනි ප්‍රකට චරිතවල සිට සිවකාර්තිකේයන්, අනිරුද් වැනි නැගී එන තරු දක්වා ඇගයීමට ලක් කර තිබෙන ජාත්‍යන්තර වේදිකාවක්.

නව්‍යකරණය, විශිෂ්ටත්වය සහ නිර්මාණශීලීත්වය පෙරටු කරගත් එවන් සුවිශේෂී සම්මාන වේදිකාවකයි ලාංකීය නාමයත් කියවුණේ.

එලෙස ජාත්‍යන්තර‍ය දිනූ සනුක - වින්ඩි ඇතුළු 'අයියෝ සාමි' කණ්ඩායමට දසතින් ගලාගෙන එන සුබපැතුම් මැද අපේ ඇස නතර කළ ආදරණීය සුබපැතුමකි මේ.

එය ලැබී තිබුණේ වින්ඩිගේ ආදරණීය අක්කාගෙන්. එහෙමත් නැත්නම් ජනප්‍රිය ගායිකා රයිනි චාරුකාගෙන්...

''Congratulations to my little sister Windy Goonatillake for the award received at the Edison Awards,

India for “Ayyo Saami” !

ඔයාගෙ හැකියාවට ඔයාගෙ ප්‍රේක්ෂකන්ගෙන් වටිනාකම් ලැබුනද...

යම් අවස්තාවන්හීදී අප රට තුලදි ඔයාගෙ දක්ශතාවයට ඇගයීමක් නොලැබුනත්, ලැබිය යුතු ජයග්‍රහණක් ජාත්‍යන්තරව ඔයාට ලැබුනා!

මේ වගේ ජයග්‍රහණ පිරුණු මං මාවත් තව තවත් විවර වෙනවා අනිවාරෙන්ම.

මේ සාර්ථකත්වය පසුපස ඉන්න යෝධ සෙවනැල්ල Sanuka මල්ලි & Pottuvil Asmin ඔයාලටත් සුබ පැතුම්!

රටපුරා සියලු පාසල් දැරියන්ට සතුටුදායක ආරංචියක්... අලුත් අවුරුද්දෙන් පසු ලැබෙන විශේෂ මුදල මෙන්න

පාසල් දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂක පුරුදු ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින දැරියන් වෙත ඒ සදහා ද අවස්ථා සලසමින් එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා ප්‍රදේශවල සහ හදුනාගත් දරිද්‍රතාව සහිත පාසල්වල ලක්ෂ අ‍ටකට ආසන්න පාසල් දැරියන්ට ඒ අනුව සනීපාරක්ෂක තුවා බෙදා දීම‍ට පියවර ගන්නා බවත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ සඳහා රජය විසින් වැය කිරීමට අපේක්ෂිත ප්‍රතිපාදනය රුපියල් බිලියනයක් පමණ වන අතර,එක් වවුචර පතක ව‍ටිනාකම රුපියල් 1200ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

අමාත්‍යවරයා අවධාරණය කළේ නිරෝගී සෞඛ්‍ය සම්පන්න පුරුදුවලින් පාසල් දරුදැරියන් සවිමත් කරමින් ආර්ථික අපහසුතා සහිත පවුල්වල දැරියන්ට සහාය ලබාදීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ වන බවයි.

ගමේම කුරුළු කූඩු කැඩූ ගුරුවරියට අත් වූ ඉරණම මෙන්න...

දරුවන්ට ඉගැන්වීම සඳහා කුරුලු කූඩුවක්ද රැගෙන පාසලට එන්නැයි තඹුත්තේගම අධයාපන කලාපයේ පාසලක ප්‍රාථමික අංශයේ ගුරුවරියක් විසින් යොමු කළ වට්සප් පණිවිඩයකට ප්‍රතිචාර වශයෙන් ඊට පසු දින දරුවන් 40 දෙනෙකු පමණ කුරුලු කූඩුද රැගෙන පන්තියට පැමිණීමේ සිද්ධියක් පසුගිය දා වාර්තා වුණා.

එම ගුරුවරිය කුරුළු කූඩුවක් රැගෙන එන්නැයි දරුවන් 60 දෙනෙකුට පමණ වට්සප් පණිවිඩ යොමු කර ඇති අතර ඉන් දරුවන් 40 දෙනෙකු කුරුළු කූඩු රැගෙන පාසල වෙත පැමිණ තිබෙනවා.

කුරුළු කූඩුවද රැගෙන තම දරුවා පන්ති කාමරයට ඇරලවීමට පැමිණි මවුපියන් පන්ති කාමරය තුළ කුරුලු කූඩු විශාල සංඛ්‍යාවක් තිබෙනු දක්නට ලැබීමත් සමගම දෙමාපියන් විසින් ගුරුවරියගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල කර තිබෙනවා.

මේ පිළිබදව තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කිරීමටද මව්පියන් පියවර ගෙන ඇති අතර තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ සහකාර ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසන්නේ අදාල සිදුවීම පිලිබඳව සොයා බලන බවයි.

පියාගේ නිර්දෝශීභාවය ඔප්පු කිරීමට පැමිණි කෙහෙළියගේ දියණිය (VIDEO)

කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය චමිත්‍රි රඹුක්වැල්ල ඊයේ (27) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, කෙහෙළිය රඹුක්වැල්ලව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇති බව පවසමින්.

අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ චමිත්‍රි රඹුක්වැල්ල පවසන්නේ, තම පියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටින බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බවයි.  

මීගමුවේ ස්පාවල වැඩ කරපු තරුණියන් දෙදෙනෙකුට ඒඩ්ස්... තරුණියන් දෙදෙනාගෙන් සේවය ගත් තරුණයන් සොයා පොලිසිය ගම්පහ පීරයි... වටේම ස්පා 53ක් වසාදමයි! කාන්තාවන් 137ක් අල්ලාගෙන යයි!

සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසවල සේවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකුට එච්.අයි.වී ඒඩ්ස් වැලඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තලදූව මහතා මේ බව පැවසීය.

මෙම වැටලීමේදී සම්භාහන මධ්‍යස්ථාන 53ක්  වසා දැමීමට කටයුතු කර ඇති අතර ඒවායේ සේවයේ නිරතව සිටි කාන්තාවන් 137ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“පසුගිය දින කිහිපය තුළ මීගමුව, කොච්චිකඩේ සහ සීදූව කියන පොලිස් වසම්වල විශේෂ වැටලීමක් සිදුකරා. ඒවා නීතිවිරෝධී ලෙස ගණිකා නිවාස ලෙස පවත්වාගෙන යන බවට බුද්ධි තොරතුරු වාර්තා වී තිබුණා. ගණිකා නිවාස පවත්වාගෙන යාම, ගණිකාවන් ලෙස පුද්ගලයින් සේවයේ යෙදවීම ඒවායේ රැඳී සිටීම, එම ස්ථානය කළමනාකරණය කිරීම යන චෝදනා යටතේ පිරිසක් අත්අඩංගුවට ගත්තා. එම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරනු ලැබුවා.”


“මෙලෙස පවත්වාගෙන ගිය ස්පා 53කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් වසා දැමීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනව. මෙහිදී සැකකරුවන් අතර පිරිමි පුද්ගලයින් 08 දෙනෙක් කාන්තාවන් 137ක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුණා. වෛද්‍ය පරීක්ෂණයට යොමුකළ කාන්තාවන් අතරින් දෙදෙනෙකුට එච්.අයි.වී ඒඩ්ස් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. අදාළ අංශවලට දැනුම්දීමක් කරලා තියෙනවා. අදාළ කාන්තාවන් ගණිකා සේවය ලබාදුන් පුද්ගලයින් හඳුනාගැනීමට කටයුතු කරමින් තිබෙනවා. පෞද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යන මුවාවෙන් ඒවා ලියාපදිංචි කරලා මෙවැනි ස්ථාන පවත්වාගෙන යනවා. ඉදිරියේදී ගණිකා නිවාස ලෙස පවත්වාගෙන යන සැකකටයුතු ස්ථාන විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට බලාපොරොත්තුවනවා.”

‘මචං පීටර්.. අයෑම් සුනිල්..’ හදුන්නෙත්ති IMF අමතන හැටි චමුදිත පෙන්නයි (VIDEO)

ජාතික ජන බලවේග රජයක් යටතේ මුදල් අමාත්‍යවරයා වනු ඇතැයි පැවසෙන සුනිල් හඳුන්නෙත්ති මහතා මුදල් අමාත්‍ය ධුරය බාරගත් පසු ජාත්‍යන්තරය සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අදහස් පළ කරයි.

හිරු රූපවාහිනියේ පත්තරේ විස්තරේ වැඩසටහනේදී ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග මචං ලෙවල් එකෙන් නව ආණ්ඩුව ගනුදෙනුව ආරම්භ කරනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දේශීය නියෝජිතයා වන පීටර් බෲව්වට ‘මචන් ප්‍රීටර්’ යනුවෙන් උදෑසනම මුදල් අමාත්‍යයේ සිට සුනිල් හඳුන්නෙත්ති මුදල් අමාත්‍යවරයා අමතනු ඇති බවද ඔහු එහිදී පැවසීය.

රන්ජන් දේශපාලනයෙන් සමු ගනි ? නුවරදි මාධ්‍ය හමුවේ රන්ජන් කියපු සංවේදි කතාව (VIDEO)

රන්ජන් දේශපාලනයෙන් සමු ගනි ?
නුවරදි මාධ්‍ය හමුවේ රන්ජන් කියපු සංවේදි කතාව 
උබ හරි රන්ජා උන් ඔක්කොම යාලුවො

කෝටි 04ක් වතුරේ.. ස්විස් ගිය රටම කැළඹූ මැණික් පොකුර ගැන ඇහෙන අලුත්ම අනාවරණය මෙන්න

විශේෂ සහතික පත්‍රයක් ලබා ගැනීම සඳහා ස්විට්සර්ලන්තයේ රසායනාගාරයකට යැවූ මැණික් පොකුරක් ගැන කතාවක්.. 

කිලෝ ග්‍රෑම් 510ක් බරැති මැණික් පාෂාණය නැවත මෙරටට ගෙන ඒමේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අදාල බලපත්‍රලාභියාගෙන් රුපියල් කෝටි 04කට ආසන්න මුදලක් අයකර ගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනවා...

එම වාර්තාවේ සඳහන් අන්දමට අයිතිකරු විසින් මෙම මැණික් පාෂාණය රුපියල් කෝටි 203කට තක්සේරු කර තිබෙනවා..

පාෂාණ තක්සේරු සහතික පත්‍රයක් ලබා ගැනීම සඳහා ස්විට්සර්ලන්තයේ ගැබ්ලින් රසායනාගාරයට යවා දින 443 කට පසු නැවත මෙරටට ගෙන ඒමේදී නැව්ගත වටිනාකමින් 1%ක් අදාළ බලපත්‍රලාභියාගෙන් අයකර ගත යුතු බවයි එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ..

"අංකල් මාව දන්නවද? මම....Teledrama එකේ ඉන්නෙ අනේ... මේ හැබැයි... මගේ ගාණනම් සැරයි!" - මුදලට අලෙවි වන ලංකාවම දන්න නිළියක් ගැන ආන්දෝලනාත්මක තොරතුරු මෙන්න

කොළඹ ටැක්සි රියදුරෙක්ගේ දිනපොත - පළවෙනි කොටස....
මිනිස්සු එක එකාට එක එක විදිහේ කතා තියනවා. මේ ටැක්සි ඩ්‍රැයිවර්ටත් ඒ විදිහේ දිග කතාවක් තිබුණා. මේ මම යන එන ගමන් එයා කියපු ඒ කතාව. මට හිතුණා ඒක ඔයාලට ලියලා එවන්න.

'මහත්තයෝ... මගේ ගම බදුල්ල. කොළඹ ඇවිත් අවුරුදු 17ක් විතර වෙනවා. මට පොඩි කෙල්ලෙක් ඉන්නවා. නෝනා රස්සාවක් කරන් නෑ. මම යවන එකෙන් ජීවත් වෙන්නෙ. මේ කොළඹ කියන්නෙ ගම නෙවෙයි මහත්තයෝ. සෑහෙන වෙනස්. අමුතුයි.. අමුතු මිනිස්සු... ගෑනු දැරිවියෝ මහරෑ දොළහටත් මහපාරේ යනවා... අනේ මන්දා හිතාගන්න බෑ...'

'මේ සිද්ධිය වෙද්දි මම හිටියේ වැල්ලවත්තේ. එදා වැල්ලවත්තේ නැවතුණා හයර් එකක් ගිහින් ඇවිත්. හයර් එකක් ඇත්තෙම නෑ. පස්සෙ මම යන්න හදද්දි දැක්කා ලස්සන කෙල්ලෙක් මගේ පැත්තට එනවා. ඒ කෙල්ල මම හිතන්නෙ මගේ දුවගේ වයස වගේ ඇති. මාරම ලස්සනයි.. දැකලා පුරුදු ගතියකුත් තේරුණා... පස්සෙ එයා කිවුවා, එයාට මහරගම යන්න ඔිනි කියලා.

මඟ එයාගේ යාලුවෙකුත් ඉන්න කතාවක් කිවුවා. ඔය යන ගමන් මහත්තයෝ මේ කෙල්ල සිගරට් පෙට්ටියක් ගත්තා බෑග් එකෙන්. මගෙනුත් ඇහුවා ඔිනිද කියලා. මම නෑ කිවුවා. ඔහොම දිගටම ගිහින් මගදි එයාගේ යාලුවා නැග්ගා. ඒ කොල්ලෙක්. ඊටපස්සෙ වෙච්ච දේවල් කටක් ඇරලා කියන්න බෑ මහත්තයෝ... මුන් දෙන්නා රූම් එකක ඉන්නවා වගේ හැසිරුණේ. බියර් බිබි තව මොනා හරි පෙති වගයකුත් ගත්තා...'

'අර කෙල්ලට හෙන විසේ... ටිකෙන් ටික මත් ගතිය වැඩිවෙලා මගෙන් ඇහුවා එයාව දන්නවද කියලා.. 'අංකල් මාව දන්නවද? මම --- ටෙලි ග්‍රාමා එකේ ඉන්නෙ අනේ දැකලා නැද්ද?' කියලා ඇහුවා. දෙයියනේ මම හිරිවැටිලා ගියා. මම ඒ ටෙලි නාට්‍ය ගැන අහලා තිබුණා. කොහොමත් මේ කෙල්ලව දැකලා පුරුදු ගතියකුත් දැණුනානේ මට...

පස්සෙ එයා කියනවා, 'අංකලුත් කැමති නම් කියන්න. හැබැයි ගාණ නම් සැරයි' කිවුවා. එතකොට තමා මට තේරුණේ මේ කෙල්ල සල්ලිවලට යන විත්තිය. මම නිකමට වගේ ගාණ ඇහුවම කියනවා රුපියල් 50,000යිලූ... මට මොන ජීවිතද මේ කියලා හිතුණා මහත්තයෝ....'

'එයා යාලුවා එක්ක මහරගම ටවුන් එකෙන් බැස්සා. මට හොඳ ටිප් එකකුත් දීලා ගියේ. මට කියැවුණා 'පරිස්සමි දුව. බුදු සරණයි' කියලා. මොකද මට මගේ කෙල්ලව මතක් වුණා මහත්තයෝ... එතකොට අර කෙල්ල හෙන ආදරෙන් මගේ කම්මුල මිරිකලා. 'යූ ආ සෝ ස්විට්' කියලා ගියා... අනේ මන්දා මහත්තයෝ.. අදටත් මතක් වෙද්දි ඒ සිද්ධිය හරි අමුතුයි.... මේ ජීවිත ගැන සෑහෙන පුදුමයි...'
නැවත දවසක හමුවෙමු!

දෙයියනේ... සැමියාගේ කොට්ටය යට තිබී හිතාගන්න බැරි අමුතුම දෙයක් හමුවෙලා... අන්තිමට සිද්ධවෙච්ච දේ!

කොට්ටය යට තිබූ රියදුරු බලපත්‍රය සහ රක්ෂණ සහතිකයෙන් බිරිඳගේ අනියම් පෙම්වතා අල්ලාගත් සැමියකු පිළිබඳව කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වෙනවා.

කතාව මෙසේය.

මව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා යෝජිත විවාහයක් සිදුකරගත් තරුණ යුවළක් සිටියහ. සැමියා නිවුණු ගති පැවතුම් ඇති කඩවසම් අයෙකු වූ අතර බිරිඳ කෙලිලොල් හැඩකාරියක වූවාය.

මව්පියන් විසින් ඉදිකර දෙනු ලැබූ නව නිවසක නව යුවළ ජීවත් වූ අතර දායාද ලෙස ස්කූටරයක් දීමට ද තරුණ බිරිඳගේ මව්පියෝ කටයුතු කළහ.

සැමියා අගනුවර ප්‍රදේශයේ රැකියාවක් කළ බැවින් නිවසට පැමිණියේ සති දෙකකට වරක් පමණි.

ස්කූටරයේ නැගී ගමන් යන තරුණ මනමාලිය දෙස ගමේ බොහෝ දෙනාගේ අවධානයද යොමු විය. පුංචි පවුලට අලුත් සාමාජිකයෙකු එකතු වූ අතර පසුව තරුණ සැමියාට බිරිඳගේ සහ දරුවාගේ අවශ්‍යතා වෙනුවෙන් වැඩිපුර වැඩ කිරීමට සිදු විය.

මාසයකට වරක් පමණක් දින කිපයකට නිවසට එන සැමියා නැවත අගනුවර බලා යන්නේය.

ගෙදර අඩු පාඩු සපුරා ගැනීමට නගරයට යන එන තරුණ බිරිඳ නගරයේදී හඳුනාගත් තරුණයකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියේ සැමියාගේ දෙමව්පියන්ට ද රහසේය. ඔහු සැමියා නැති දිනවල නිවසට විත් රැය පහන් කළේය.

කාලය ගතව යද්දී ලේලිය පිළිබඳව සැකයක් මව්පියන්ට දැනුණ අතර ඒ පිළිබඳව පුතාට පැවසීමට මව්පියෝ තීරණය කළහ. මව්පියන් සැලකළ ආරංචියට කලබල නොවී මිතුරකු හා සාකච්ඡා කොට බිරිඳගේ හොරය අල්ලා ගැනීමට සැමියා සැලසුම් කළේය.

තරුණ බිරිඳ සොයා බොහෝ දිනවල රාත්‍රියට ඇයගේ නිවසට එන පෙම්වතා උදේ පාන්දරින්ම පිටව යාමට ද අමතක නොකළේය. සැමියා ගමේ පැමිණ ගිය දිනට ආසන්න දිනයක පැමිණීමට ඔහු නිතරම කටයුතු කළ බව පැවසේ.

එලෙස පැමිණ යන පෙම්වතා කාන්තාවට සැලකිය යුතු මුදලක් ලබාදීම ද සිදු කළේය. අධික වැසි සහිත දිනයක පෙම්වතා පැමිණි අතර එදින එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීම නිසා ඔහුට එදින ගමන් කිරීම අපහසු විය.

කාන්තාවගේනිවස ආසන්නයේ තැනක යතුරුපැදිය ගාල්කර අඳුරේම නිවසට රිංගාගත් ඔහු කාන්තාව සමග පෙම්සුව විඳිමින් සිටින විට සැමියා පැමිණ දොරට ගසා කතා කළේය.

කිසිවක් සිතා ගැනීමටනොහැකිව තරුණයා සාක්කුවේ තිබූ මුදල් කවරය කාන්තාව අතට දී පසු පස දොරෙන් පැන ගිය අතර බිරිඳ ලියුම් කවරය කොට්ටය යට තබා දිව ගොස් ඉදිරිපස දොර විවෘත කර සැමියා ගෙට ගත්තාය. විදුලි පන්දම් එළියෙන් නිවස සෝදිසි කරද්දී කුස්සියේ දොර අගුළු දමා වසා නොමැති බව සැමියා දුටුවේය.

කලබල නොවූ සැමියා කිසිවක් නොදුටු ලෙස නිවසට පිවිසි අතර පැයක් දෙකක් වැඩිපුර නින්දට ගිය සැමියා අවදී වී නිදා සිටි ඇඳ නැවත සැකසීමේදී කොට්ටය යට තිබී ලියුම් කවරයක් හමු විය. එය පරීක්ෂා කිරීමේදී ඒ තුළ රියදුරු බලපත්‍රයක් යතුරු පැදියක රක්ෂණ සහතිකයක් විය. බිරියගෙන් එය විමසුවද හරි පිළිතුරක් නොලැබිණි.

කුඩා දරුවා මහ ගෙදර නතර කළ තරුණ සැමියා බිරිඳවත් යතුරු පැදියේ නංවාගෙන ගොස් නීතියේ පිහිට පැතුවේය. කොට්ටය යට තිබී හමු වූ බලපත්‍රය සිය අනියම් පෙම්වතාගේ බව පිළිගනිමින් බිරිඳ සමාව ඉල්ලා හඬා වැටුණාය.

අනියම් පෙම්වතාද කැඳවූ පොලිස් නිලධාරීහු ඔහුගෙන්ද කරුණු විමසුහ. කාන්තාවගේ නිවසින් පැන යද්දී මුදල් තිබූ ලියුම් කවරය වෙනුවට බලපත්‍ර තිබූ කවරය මාරු වී ඇති බව ඔහු පැවසීමත් සමග පැමිණිලි විභාගය සිනා සාගරයක් වූයේය.

මෙම සොරය හසුවීම නිසා පවුල් අවුල් කරගන්නට සැමියා කල්පණා කර නොතිබිම විශේෂිතය. ඔහු දරුවා ගැන සිතා සමථයකට ඒමට තීරණය කර තිබේ.

තිදෙනාටම තදින් අවවාද කර සිද්ධිය සමථයකට පත්කළ අතර බිරිඳ සහ සැමියා නිවස බලා පිටත්ව ගියත් කතාව ප්‍රදේශය පුරා පැතිර තරුණයාට සිදු වූ ලියුම් කවර මාරුව ප්‍රචලිත විය. තරුණයා ප්‍රදේශය හැර ගොස් ඇති බවද පැවසේ.

"මට නැඟිට ගන්න බෑ...මම හිතුවේ ගැහෙන්නෙ හීතලට කියලා... බලද්දි දැක්කේ ඇඟේ නූල් පොටක් නෑ කියලා..." නුවරඑළියම කම්පා කළ සුරූපී තරුණියකගේ විළාපය

"කොල්ලෙක් ඉස්සරහා කෙල්ලෙක් නිරුවත් වෙනවා කියන්නෙ ඒක සම්පූර්ණයෙන්ම ඒකිගේ කැමැත්ත මත වෙන දෙයක්. 

කෙල්ලෙක් හැම එකෙක් ඉස්සරහාම ඒකිගේ නිරුවත පෙන්නන් නෑ. ඒ කෙල්ලගේ කැමැත්ත නැතුව ඇඟට අත තිබ්බා කියන්නෙ ඒක දූෂණයක්. සම්පූර්ණයෙන්ම ඒකිගේ අකැමැත්තෙන් වුණු දේකට, ඒකිම පොළඹවාගත්තා කියන්න අපිට බැහැ. පුළුවන් නම් මේක ලියලා දෙන්න.."

හීතල නුවරඑළියේ හාදයෙක්.. මුලින්ම මේ කතාව කිව්වම මම හිතුවේම වෙනස් විදිහට..

විශ්වාසයි ! ඔබත් එහෙම හිතාවී.... මේ කතාවේ ඉන්න කෙල්ල දැන් ඉන්නෙ විදෙස් රටක.

"නඩුව අතරමඟ නතර වුණා. මොකද අපි ඔක්කොම දමලා ගහලා රට ආව නිසා. අම්මා කැමති වුණේ නෑ තව තවත් මාව උසාවි ගානේ රස්තියාදු කරවන්න. අම්මා කියනවා එයාට පුළුවන් වුණා නම් අර කොල්ලො දෙන්නව මරලා දාන්න, ඒක කරනවාමයි කියලා. මේ කතාවේ හැටියට උන් දෙන්නා වැරදිකාරයෝ වුණාට මටත් මගේ හෘද සාක්ෂියෙන් ගැළවීමක් නෑ. ඉන්නකෝ මම කියන්නම් කතාව..."

"නිලාන් ව මට හම්බුණේ කලම්බෝ ක්ල්බ් එකකදී. මම කන බොන කෙල්ලෙක්. ඒ කියලා මම වටේ යන ගෑනියෙක් නෙවෙයි. අඩුම මම නිලාන් හම්බෙනකොටත් කොල්ලො දෙන්නෙක් එක්ක විතරයි යාලු වෙලා හිටියේ. නිලාන්ට මම බොක්කෙන්ම ලව් කළා. නිලානුයි මමයි බීමට මාර විදිහට ඇබ්බැහි වෙලා හිටියා. අපි පස්සෙ එක වහළක් යටට වුණා. ඒ ඇනෙක්ස් එකේ ඉද්දිත් අපි කළේ බොන එක විතරයි.. එතනින් එහා දෙයක් නෑ..."

"නිලාන්ගේ යාලුවා තමයි ශාන්. ශාන් එක්ක තමයි අපි නුවරඑළි යන්න සෙට් වුණේ. එදා ශාන්ගේ බංගලෝ එකක අපි නතර වුණේ. පොර හෙන දතක්. සල්ලි තියෙනවා නැතිවෙන්න. එදා ශාන් මොකක් හරි අලුත් ඩ්‍රග් එකක් ගෙනල්ලා තිබ්බා. ඒක ගත්ත හැටියේ ගොඩක් දේ වුණා. මට ඇත්තටම මතක නෑ. උදේ නැඟිට්ටමත් මට නැඟිට ගන්න බෑ. මාව ගැහෙන්න ගත්තා. මම හිතුවේ ගැහෙන්නෙ හීතලට කියලා. පස්සෙ බලද්දි දැක්කේ ඇඟේ නූල් පොටක් නෑ කියලා.. උන් දෙන්නා මාව විනාශ කළා......"

"දෙයියනේ...! ගෑනියෙක්ට වගේ නෙවෙයි හරියට සෙල්ලම් බෝනික්කෙක් කියලා හිතන් මාව පොඩි කරලා දාලා ඒ යක්කු දෙන්නා. අන්තිමට තමයි මම මේ හැමදේම අම්මට කිව්වේ. ඒත් නඩුව අපිට වාසි විදිහට ගියේ නෑ. මොකද අර පැත්තෙන් කිව්වෙ ම මේ හැමදේම මගේ කැමැත්තෙන් වුණා කියලා.."

"මම ඇත්තටම නඩු කියන්න කැමති වුණේ මට ඇතිවුණු ලැජ්ජාවට. මගේ ඇඟ වෙන එකෙක් අල්ලපු ලැජ්ජාවට.. ඒත් මට කවදාවත් සාධාරණයක් වුණේ නෑ. ඒ ගැන හිතනකොට දුකයි. හැබැයි මම ආයෙ නම් ලංකාවට එන් නෑ.."

19 හැවිරිදි යුවතිය 50000කට.. අඩු වයසේ රූමත් තරුණියන් සරුවට කරගෙන ගිය වැඩේ පොලිස් දැලේ!

මේ කියන්න යන්නේ ඔබට අදහාගන්නත් බැරි කතාවක්..

මේ වැඩේට සම්බන්ධ වෙලා තියෙන්නේ, 19, 20, 22 සහ 24 වියැති කාන්තාවන්.. 

ඔවුන් සූරියවැව සහ වැලිපැන්න ප්‍රදේශවල පදිංචි තරුණියන් වන අතර, කලක් තිස්සේ මේ වැඩේ සරුවටම කරගෙන ගිහිල්ලා..

පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත,වාද්දුව නගර මධ්‍යයේ ආයුර්වේද සම්බාහනය කරන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වැටලීමට පොලීසිය සමත්ව තිබෙනවා..

එහිදී කළමනාකාරිනිය ඇතුළු කාන්තාවන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබුණා..

කොස්තාපල් චානක යන නිලධාරියා උපාය දූතයකු ලෙස යොදවා එහි රැඳී සිටි 19 හැවිරිදි රූමත් කාන්තාවක රුපියල් පන්දහසක මුදලකට ලබාගෙන වැටලීම කර ඇතැයි සඳහන් වෙනවා..

මෙම කාන්තාවන් කොළඹ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන බවට නිවාසවලට දැනුම් දී ඇති බවත්, ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් මාළු වෙළෙඳුන් ඇතුළු බොහෝ පිරිසක් ඔවුන්ගේ සේවය ලබාගෙන ඇති බවට පරීක්ෂණවලදී හෙළිව ඇතැයි පොලිසිය සඳහන් කරනවා..

එක රැයකින් ප්‍රසිද්ධ වූ රටම කතාවෙන මනාල යුවළ රටින් යන්න කලින් කියූ කතාව (VIDEO)

වසර 16 ක ආදර කතාවක සොඳුරුතම දිනය දා ජනප්‍රිය ගායන ශිල්පී අජිත් මුතුකුමාරණගේ ගීතයකට අපූරු රංගනයක් සිදු කළ ඒ යුවළ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇතිවුණා.

ඔබටත් ඒ දෙන්නව නම් හොදටම මතක ඇති.

කාලෙකින් ඉතාම විශාල ලෙස සමාජ මාධ්‍ය කළඹන්නට මේ යුවල සමත් වුණා.

ඔවුන් පදිංචිව සිටියේ ඇඹිලිපිටිය ප්‍රදේශයේයි.

ඔවුන් සිය විවාහයෙන් පසුව ඉතාලිය බලා පිටත්ව ගොස් තිබෙනවා.  

නොසිතූ මොහොතක සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ වීඩියෝවෙන් එක රැයෙන් මුළු ලංකාවේම ජනප්‍රිය වූ එම යුවළ පවසලා තිබුණේ මෙවන් දෙයක්.

ඒක සේවයක් නෙවේ... දොස්තරලා දෙවිවරු කියන්නෙ මේකයි...හරි වෙහෙස වෙලා ජිවිතයක් රකින වීඩියෝවයි ඒ (VIDEO)

වෛද්‍ය වෘත්තිය කියන්නේ එසේ මෙසේ වෘත්තියක් නෙවෙයි.

දහස් ගණනක් රෝගීන්ගේ ජීවිත ජීවත් කරවන්න වෙහෙසෙන මනුෂ්‍ය කොට්ඨාශයක්.

වෛද්‍යවරුන් දෙවිවරුන්ට සමාන කරන්නෙත් අන්න ඒ කාරණය නිසාමයි.

වෛද්‍ය වෘත්තිය තුළ මුහුණ දෙන්න සිදුවන සිදුවීම් සුන්දර ඒවා නම් නෙවෙයි.

රෝගී ජීවිතයක් සුව කරනකොට දැනෙන්නේ අපිරිමිත සතුටක්.

ඒකේ අනිත් පැත්තත් එහෙම තමයි.

රෝගියකු බේරා ගැනීමට අපොහොසත් වුණ අවස්ථාවක දැනෙන්නේ අතිශය දරුණු වේදනාවක්.

වෘත්තිය තුළ නියැලෙනවා වගේම, වෘත්තීය අත්දැකීම් බෙදාගන්න ඔවුන් යුහුසුළු වෙන්නේත් අනතුරකට පෙර තවත් ජීවිතයක් රැකගන්න.

අපි කොච්චර කිව්වත් මේ භූමියේ මිනිස්කම් පිරිහිලා කියලා, එහෙම නෑ මිනිස්කම් තාමත් හුස්ම ගන්නවා.

මේ අපි අතරම දෙවිවරු වගේ මිනිස්සු ඉන්නවා. අනෙකා වෙනුවෙන් හදවත් උණුවෙන මිනිස්සු ඉන්නවා.

මුහුණුපොතේ උඩ පහළ යනකොට ඔබට හරි සංවේදී වීඩියෝවක් ඔබ දකින්නත් ඇති.

වෛද්‍යවරයෙක් හරි වෙහෙස වෙලා ජිවිතයක් රකින වීඩියෝවයි ඒ.

සමාජ මාධ්‍ය කැළඹු බදුල්ල මැදි මහා විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සරඹ සංදර්ශනය මෙන්න (VIDEO)

පාසල් සිසුන්ට ඉගෙනීම් කටයුතුම විතරක් නෙවෙයි තියෙන්නේ කිව්වොත් ඔබ සමහර විට අපි එක්ක එකග නොවෙන්න පුළුවන්.

පාසල් සිසුන්ට ඉගෙනීම වගේම බාහිර ක්‍රියාකාරකම් ද අත්‍යාවශ්‍යයි.

ඒ ඔවුන්ට වෙනසක් ලැබීමට වගේම තවත් ඔවුන්ගේ දක්ෂතාවයන් ඔප නංවා ගන්න.

ඉතින් එවන් පසුබිමක හරි අපූරු වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හරි හරියට හුවමාරු වෙනවා.

ඒ බදුල්ල මැදි මහා විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා අවසන් දින උත්සවයේ දී ඉදිරිපත් කළ සරඹ සංදර්ශනය.

රනිල්, චන්ද්‍රිකා, හිරුණිකා එක්වෙයිද? – සමාජ මධ්‍යයේ සංසරණය වන ඡායාරූපයේ ඇත්ත කතාව එළියට!

දේශපාලනඥයින් පක්ෂ මාරුවීම මෙන්ම, පක්ෂ භේදයකයින් තොරව සුහද හමුවලදී විරුද්ධ පාක්ෂිකයින් සමග ලබා ගන්නා ඇතැම් ඡායාරූප විවිධාකාරයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන අතර එමඟින් විවිධ පුවත් ද නිර්මාණය වීම දක්නට ලැබෙනවා.

එලෙස මේ දින වල ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මෑතකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හමු වූ බවට සඳහන් කරමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් පවසා තිබුනේ, හිරුනිකා, ජනපති රනිල් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා එකට එක්ව ඇති බවයි.

කෙසේ වෙතත් එම ඡායාරූප මෑතකාලීන ඡායාරූප නොවන බවත්, මීට වසර පහකට පෙර ලබාගත් ඡායාරූප බවත් සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව එම ඡායාරූප ලබාගෙන තිබුණේ 2019 වසරේ යහපාලන ආණ්ඩුව සමයේ, අරලියගහ මන්දිරයේ පැවති සාදයක දීයි. ඒ එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන්දින උත්සවයකදීයි.

ඔයා තාම පවිත්‍රාගේ ෆේස්බූක් එක බැලුවේ නැද්ද? How Sad.... දැන්ම ගිහින් බලන්න... ආස හිතෙයි...

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ෆේස්බුක් ගිණුම හැක් කිරීමට ලක්ව තිබෙනවා.

අමාත්‍යවරියගේ නිල ඡායාරූපය වෙනුවට ඊජිප්තු පිළිරුවක ඡායාරූපයක් එක් කර ඇති අතර එය සිදු කළ පිරිස විසින් මේ වනවිට විවිධ වීඩියෝ පට හුවමාරු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ෆේස්බුක් ගිණුම යළි යථා තත්ත්වයට පත් කරගැනීමට උත්හාස කරන බවට ද තොරතුරු වාර්තා වනවා.

මියන්මාරයේ පරිගණක වහලුන් ලෙස සිටින ශ්‍රී ලාංකික තරුණයින් 57 දෙනාගෙන් 08ක් රජය මැදිහත්ව බේරාගත් බව කීම අමූලික බොරුවක්!

මියන්මාරයේ බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටින  තරුණයින් 47 දෙනා අතරින්  8 දෙනෙකු  රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් ඔස්සේ බේරාගත් බවට රජය මෙයට සති තුනකට ඉහත දී කළ ප්‍රකාශය අමුලික බොරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ වසන්ත යාපා බණ්ඩාර පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (26) ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහනාහිමින් බැහැ දැකීමට ගම්පහ බෙම්මුල්ල  විද්‍යාකර පිරිවෙනට ගිය අවස්ථාවේදී ය .

එහි දී වසන්ත යාපා බණ්ඩාර  මන්ත්‍රීවරයා  මෙසේද කීවේය.

අපි දන්නා පරිදි රජය විසින් බේරාගත්තා යැයි කියන තරුණයින් අට  දෙනා එරට රිබෙල් හමුදාවේ පොලිසියක දැනට රඳවාගෙන සිටිනවා. පසුගිය කාලයේ ඒ රිබෙල් හමුදාව ලුහුබැඳ චීන කණ්ඩායම් විසින් පහරදී තිබෙනවා. එයින් බේරීමට ඔවුන් තමන්ගේ කඳවුරු අතහැර යනකොට දුර්වල කඳවුරක හිටපු අපේ තරුණයින් 8 දෙනෙකු මියන්මාරයේ රිබෙල් හමුදාවට සම්බන්ධිත පොලීසියක  රඳවාගෙන තිබෙනවා. ඒ ළමයි තවමත් ලංකාවට ගෙනවිත් නැහැ.

එසේ තිබියදී බොරුවට රජය පෙන්වනවා රාජතාන්ත්‍රික ආකාරයට මේ අය මුදාගත්තා කියලා.  මෙම කරුණු කාරණා  අප විමසා බැලුවා. ඒ අනුව මහානායක ස්වාමීන් වහන්සේටත් මෙම කරුණු සම්බන්ධයෙන් දැනුම් දුන්නා. ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන්  වහන්සේලාගේ අත්සනින් යුතු සංදේශයක් රැගෙන මියන්මාරයට යෑමට අපේක්ෂා කරනවා. එම සංදේශයට මකුලෑවේ මහනාහිමියන්ගේ අත්සන ලබා ගත්තා. මේ වනවිට මල්වතු අස්ගිරි,රාමඤ්ඤ හා අමරපුර මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා මෙයට අත්සන් තබා අවසානයි.

මියන්මාරයේ තානාපතිවරයාට මුලින් මෙහි පිටපතක් බාර දෙනවා. අනතුරුව මුල් පිටපත රැගෙන මියන්මාරයට ගොස් සිතගු සියාඩෝ අනුනායක ස්වාමින්වහන්සේ මගින් මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක එරට රාජ්‍ය පාලකයින් සමඟ සාකච්ඡාවක් ආරම්භ කර වහාම මේ තරුණයින් බේරා ගැනීමට අදාළ කටයුතු සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස මගේ මැදිහත් වීම කරනවා.

මියන්මාරයේ මියාවඩි ප්‍රදේශය භාර තායිලන්තයේ ප්‍රධාන හමුදා නායකයකු සමඟද සාකච්ඡාවක් ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතයි.  අදාළ තරුණයින් සියලු දෙනා බේරාගැනීමට කළ හැකි සියලු මැදිහත්වීම් කිරීමට කටයුතු කරනවා.

දිනක්ෂිගේ පෝස්ටුවක් යළි කරළියට – පරණ ෆොටෝවකුත් එළියට!

සාරංග දිසාසේකර වගේම ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සමාජ මාධ්‍යජාලා තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආදරණීය යුවලක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඉතින් මේ වන විට සුරතල් සිඟිති දියණියකගේ දෙමව්පියන් වන මේ යුවල රංගනයෙන් පොඩි විරාමයක් ලබාගෙන දැන් නැවතත් රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා.

කොහොම නමුත් සමාජ මාධ්‍ය හරහා සාරංගට සහ දිනක් සිට දෝෂාරෝපණ එල්ල කරපු විශාල පිරිසකුත් හිටියා.

බනින අයට බනින්න ඉඩ දීලා  තමන්ගෙ පාඩුවෙ ජීවිතය සුන්දරව ගත කරපු මේ දෙන්නා මේ වෙද්දි ආදරණීය සිඟිති දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වාසනාවන්ත වුණා.

දිනක්ෂි නිතරම සමාජ මාධ්‍යවල ඔවුන්ගේ ජීවිතේ එදිනෙදා වැඩකටයුතු ගැන වීඩියෝ වගේම ඡායාරූප පළ කරන නිසාම සමාජ මාධ්‍යවල ප්‍රේක්ෂකයන් අතර ඇය හරිම ජනප්‍රියයි.

සමාජ මාධ්‍ය තුළ නම් කාලයක් තිබුණා ඔවුන් තබන කවර සටහනකට, එක්කාසු කරන කවර ඡායාරූපයකට වුව දැඩි විවේචන එල්ල වන.

ඔවුන් ඒවාට ප්‍රති උත්තර දුන්නු කාලයකුත් තිබුණා. දැන් දැන් නම් එහෙම දකින්න නැති ම තරම්.

හැබැයි එහෙමයි කියලා ඔවුන්ගේ අතීතය අලලා පළවන ඇතැම් ප්‍රතිචාරවල නම් අඩුවක් නෑ.

එහෙම ප්‍රතිචාර සහිත පෝස්ටුවක් මේ විදියට අපේ ඇස ගැටුණා.

වැඩි හරියක් අදාළ පෝස්ටුව අරභයා ධනාත්මක ප්‍රතිචාර වැටෙද්දී, ඒ අතර එකක් දෙකක් සුපුරුදු සෘණාත්මක පැත්තටම බරව තිබුණා.

ඒත් එක්කම,

”ඒක නම් ඇත්තම ඇත්ත අක්කෙ,

ලගින්ම ඉන්න අයගෙන් තමා ගොඩක්ම පරිස්සන් වෙන්න ඕනෙ” යන සඳහනත් එක්ක පැරණි ඡායාරූපයකුත් කමෙන්ට් අතරට එක්කාසු කරලා.

"කතාව ඇත්ත... බැන බැන මැසේජ් දාන්න එපා..." - මහේෂි කාටත් රහසේම ලංකාවෙන් ගිහින්ද?

මහේෂි මදුසංකා කියන්නේ ලංකාවේ ජනප්‍රිය මෙන්ම සුරූපී නිලියක්.

බොහෝ රසික පිරිසකගේ ආදරය දිනා ගත් රංගන ශිල්පිනියක් ලෙසට ඇයව හදුන්වන්න පුලුවන්.

දරුවන් දෙදෙනාගේ බාලයා ලෙස මහේෂි මදුසංකා උපත ලැබුවේ කුරුණෑගලදී. ඇගේ පියා ව්‍යාපාරිකයෙකි. 

ඇයගේ ප්‍රාථමික අධ්‍යාපනය වයඹ රාජකීය විද්‍යාලයෙන් පසුව ඇය උසස් පෙළ සම්පූර්ණ කරන තෙක් මලියදේව බාලිකා විද්‍යාලයෙහි ඉතිරි අධ්‍යාපනය සඳහා සහභාගී වූවා.

ඇය විද්‍යාලීය වේදිකා නාට්‍ය හා කෙටි චිත්‍රපටවල ද හොඳින් රඟපෑම සිදුකර තිබෙනවා.

ඉන්පසු ඇය සිය නිරූපණ වෘත්තිය ආරම්භ කර රංග ශාලාවට මාවතක් විවර කරගන්න සමත් වෙනවා . 

ඇගේ වැඩිමහල් සොහොයුරු මහේෂ් ද වේදිකා නාට්‍ය නළුවෙකු වූ අතර දැන් ඔහු පූර්ණ කාලීන ව්‍යාපාරිකයෙක් වශයෙන් කටයුතු කරනවා.

ඉතින් මහේෂිට දැන් දරුවන් දෙදෙනෙක් සිටිනවා.

ඒ වගේමයි පළමු වරට විවාහ වුණු සැමියා ඉක්මනින්ම දික්කසාද කරනවා ඉන් පසුව තමයි මහේෂි ඇගේ නියම සැමියාව හොයාගන්නේ.

පුංචි තිරය හැඩකළ මහේෂි නුදුරේදීම විදෙස්ගත වෙන්න සූදානමින් ඉන්නවා කියන ආරංචිය.

ඒ ගැන ඇය කිහිප විටකදීම ප්‍රසිද්ධියේ ම කියලත් තිබුණා.

ඈ එහෙම විදෙස්ගත වීමට තීරණය කිරීම ඈට ආදරේ කරන කාටත් දුකට කාරණයක් වී ඇති හැඩයි.

මොකද මහේෂි කියන්නෙම මතක හිටින චරිත රැසක් එක්ක ආලින්දයට ගොඩවැදුණු දක්ෂ රංගන ශිල්පිනියක් වීම නිසාවෙන්..

ඈ ලබන ආදරේ කෙතරම් ද කිව්වොත් ගෙවුණු දවසක සිය රසික සමූහයාගෙන් මහේෂි ටිකක් විතර බැනුම් අහලත් තිබුණා.

ඒකට හේතුව වුණේ ඇය සිය ෆේස්බුක් ගිණුමට එක්කාසු කළ මෙන්න මේ ඡායාරූප…

ඔන්න ඉතින් අන්තිමට ඒ ඡායාරූප පිටුපස කතාව ගැන කියන්න මහේෂිට ‘ලයිව්’ එක්කුත් එන්න වෙලා.

”…කට්ටිය මට බනිනවා,

මම ෆොටෝ එකක් දැන්මා නිකන් අර විග් එකක් දාලා.

මේගොල්ලො හිතුවෙ මම කොණ්ඩෙ කලර් කරලා කියලා.

ඔක්කොම බැන බැන මැසේජ් දානවා.

ඒක ඇත්තටම විග් එකක්. ස්තුතියි ඒ ආදරේට…”

ඒ වගේම මහේෂි විදෙස්ගත වෙලා කියලා ආරංචියකුත් තියෙනවා.

කතාව ඇත්ත !!

සැමියා නියුතු රැකියාවත් එක්ක මහේෂි විදෙස්ගත වනවා කියන කාරණය අමුතු එකක් නොවන වග ඔබ දැනටමත් දන්නවනෙ.

මේ විදෙස්ගත වීමත් අන්න එහෙම එකක්. දින 4ක ගමනකට පසු ආයෙමත් ඈ ලංකාවට ඇවිත්.

ඒ අතරතුර ගත් සේයා රූ කිහිපයක්ද සිය ෆේස්බුක් ගිණුමට එක්කාසු කරන්න මහේෂි අමතක කරලා නෑ.

”පුතා ඉගෙනගෙන ඉවර වුණ ගමන් මම මහණ වෙනවා. මට තියන එකම බැඳීම එයා” – පියුමි ගැන මේ කතාව ඔබ දැනගෙන හිටියද?

පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.

අසරණ අයට උදව් කරන පියුමි හරි කැමති කෙනෙක් කියලා කිව්වොත් හරි.

තමන්ට ආදරේ කරන හැමෝම වෙනුවෙන් සිය පෞද්ගලික ජීවිතේ විශේෂ කාරණා ගැනත් තොරතුරු සමාජ මාධ්‍යට එක්කාසු කරන්න ඈ අමතක කරන්නෙ නෑ.

ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිටත් තියෙනවා ඔබ ලේසියෙන් විශ්වාස නොකරන අන්දමේ උතුම් බලාපොරොත්තුවක්.

ඒ තමයි මහණ දම් පුරන්න.

ඇය කියන විදියට තමන්ට ඒ බලාපොරොත්තුව ඉටුකරගන්න කලින් ඉටුකළ යුතු, යුතුකම් සහ වගකීම් කොටසක් තියෙනවා.

ඒ තමයි ඇයගේ ප්‍රාණසම පුත්‍රයාගේ අනාගතය හැඩකරන එක.

ඔහුගේ හෙට දවස ගැන හිතේ බයක් සැකයක් නැති වුණු දවසට පියුමි ලෑස්තියි ඇගේ හිතේ තියෙන උතුම් බලාපොරොත්තුව සාක්ෂාත් කරගන්න.

මේ ගැන ඇය කියලා තිබුණේ සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්.

”මගෙ එකම ආසාව මගෙ පුතා තව ටිකක් ලොකු වුණු ගමන් එයාව ඇමරිකා යවලා,

එයා ඉගෙනගෙන ඉවර වුණ ගමන් මම මහණ වෙනවා.

ඒක මගෙ තියන ලොකුම ලොකු ආසාවක් දෙවියනෙ.

මට තියන එකම බැඳීම එයා.

එයා ඉගෙනගෙන pilot කෙනෙක් හරි doctor කෙනෙක් හරි වෙලා මේ රටින් ගිහින් job එකක් කරන්න පටන් ගත්තම,

එයාට පුලුවන් වයසට ගිය ආච්චිවත් ජීවත් කරන් බලාගෙන ඉන්න.

අන්න එදාට මම මේ සියලුම දේ අත හැරලා යනවා. ”

සින්ඩරෙල්ලා වගේ ලස්සනට ඇඳගෙන එමාෂා කරපු ෆොටෝ ෂූට් එක මෙන්න (PHOTOS)

එමාෂා සෙනෙවිරත්න කියන්නේ නවක ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක්.

දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා ඇය අතිශයින් ජනප්‍රිය වුණා.

එන්න එන්නම හැඩවෙන එමාෂි, මෙදා සැරේ ඇගේ උපන්දිනයට ලස්සනම ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා.

නිල්පාට ලස්සන ගවුමකින් හැඩ වෙච්ච ඇය හරියට නිකං සින්ඩරෙල්ලා වගේමයි නේද කියලා බලන්නකෝ.