gossip lanka

කෝටි 04ක් වතුරේ.. ස්විස් ගිය රටම කැළඹූ මැණික් පොකුර ගැන ඇහෙන අලුත්ම අනාවරණය මෙන්න

විශේෂ සහතික පත්‍රයක් ලබා ගැනීම සඳහා ස්විට්සර්ලන්තයේ රසායනාගාරයකට යැවූ මැණික් පොකුරක් ගැන කතාවක්.. 

කිලෝ ග්‍රෑම් 510ක් බරැති මැණික් පාෂාණය නැවත මෙරටට ගෙන ඒමේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අදාල බලපත්‍රලාභියාගෙන් රුපියල් කෝටි 04කට ආසන්න මුදලක් අයකර ගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනවා...

එම වාර්තාවේ සඳහන් අන්දමට අයිතිකරු විසින් මෙම මැණික් පාෂාණය රුපියල් කෝටි 203කට තක්සේරු කර තිබෙනවා..

පාෂාණ තක්සේරු සහතික පත්‍රයක් ලබා ගැනීම සඳහා ස්විට්සර්ලන්තයේ ගැබ්ලින් රසායනාගාරයට යවා දින 443 කට පසු නැවත මෙරටට ගෙන ඒමේදී නැව්ගත වටිනාකමින් 1%ක් අදාළ බලපත්‍රලාභියාගෙන් අයකර ගත යුතු බවයි එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ..
gossip lanka