gossip lanka

"අංකල් මාව දන්නවද? මම....Teledrama එකේ ඉන්නෙ අනේ... මේ හැබැයි... මගේ ගාණනම් සැරයි!" - මුදලට අලෙවි වන ලංකාවම දන්න නිළියක් ගැන ආන්දෝලනාත්මක තොරතුරු මෙන්න

කොළඹ ටැක්සි රියදුරෙක්ගේ දිනපොත - පළවෙනි කොටස....
මිනිස්සු එක එකාට එක එක විදිහේ කතා තියනවා. මේ ටැක්සි ඩ්‍රැයිවර්ටත් ඒ විදිහේ දිග කතාවක් තිබුණා. මේ මම යන එන ගමන් එයා කියපු ඒ කතාව. මට හිතුණා ඒක ඔයාලට ලියලා එවන්න.

'මහත්තයෝ... මගේ ගම බදුල්ල. කොළඹ ඇවිත් අවුරුදු 17ක් විතර වෙනවා. මට පොඩි කෙල්ලෙක් ඉන්නවා. නෝනා රස්සාවක් කරන් නෑ. මම යවන එකෙන් ජීවත් වෙන්නෙ. මේ කොළඹ කියන්නෙ ගම නෙවෙයි මහත්තයෝ. සෑහෙන වෙනස්. අමුතුයි.. අමුතු මිනිස්සු... ගෑනු දැරිවියෝ මහරෑ දොළහටත් මහපාරේ යනවා... අනේ මන්දා හිතාගන්න බෑ...'

'මේ සිද්ධිය වෙද්දි මම හිටියේ වැල්ලවත්තේ. එදා වැල්ලවත්තේ නැවතුණා හයර් එකක් ගිහින් ඇවිත්. හයර් එකක් ඇත්තෙම නෑ. පස්සෙ මම යන්න හදද්දි දැක්කා ලස්සන කෙල්ලෙක් මගේ පැත්තට එනවා. ඒ කෙල්ල මම හිතන්නෙ මගේ දුවගේ වයස වගේ ඇති. මාරම ලස්සනයි.. දැකලා පුරුදු ගතියකුත් තේරුණා... පස්සෙ එයා කිවුවා, එයාට මහරගම යන්න ඔිනි කියලා.

මඟ එයාගේ යාලුවෙකුත් ඉන්න කතාවක් කිවුවා. ඔය යන ගමන් මහත්තයෝ මේ කෙල්ල සිගරට් පෙට්ටියක් ගත්තා බෑග් එකෙන්. මගෙනුත් ඇහුවා ඔිනිද කියලා. මම නෑ කිවුවා. ඔහොම දිගටම ගිහින් මගදි එයාගේ යාලුවා නැග්ගා. ඒ කොල්ලෙක්. ඊටපස්සෙ වෙච්ච දේවල් කටක් ඇරලා කියන්න බෑ මහත්තයෝ... මුන් දෙන්නා රූම් එකක ඉන්නවා වගේ හැසිරුණේ. බියර් බිබි තව මොනා හරි පෙති වගයකුත් ගත්තා...'

'අර කෙල්ලට හෙන විසේ... ටිකෙන් ටික මත් ගතිය වැඩිවෙලා මගෙන් ඇහුවා එයාව දන්නවද කියලා.. 'අංකල් මාව දන්නවද? මම --- ටෙලි ග්‍රාමා එකේ ඉන්නෙ අනේ දැකලා නැද්ද?' කියලා ඇහුවා. දෙයියනේ මම හිරිවැටිලා ගියා. මම ඒ ටෙලි නාට්‍ය ගැන අහලා තිබුණා. කොහොමත් මේ කෙල්ලව දැකලා පුරුදු ගතියකුත් දැණුනානේ මට...

පස්සෙ එයා කියනවා, 'අංකලුත් කැමති නම් කියන්න. හැබැයි ගාණ නම් සැරයි' කිවුවා. එතකොට තමා මට තේරුණේ මේ කෙල්ල සල්ලිවලට යන විත්තිය. මම නිකමට වගේ ගාණ ඇහුවම කියනවා රුපියල් 50,000යිලූ... මට මොන ජීවිතද මේ කියලා හිතුණා මහත්තයෝ....'

'එයා යාලුවා එක්ක මහරගම ටවුන් එකෙන් බැස්සා. මට හොඳ ටිප් එකකුත් දීලා ගියේ. මට කියැවුණා 'පරිස්සමි දුව. බුදු සරණයි' කියලා. මොකද මට මගේ කෙල්ලව මතක් වුණා මහත්තයෝ... එතකොට අර කෙල්ල හෙන ආදරෙන් මගේ කම්මුල මිරිකලා. 'යූ ආ සෝ ස්විට්' කියලා ගියා... අනේ මන්දා මහත්තයෝ.. අදටත් මතක් වෙද්දි ඒ සිද්ධිය හරි අමුතුයි.... මේ ජීවිත ගැන සෑහෙන පුදුමයි...'
නැවත දවසක හමුවෙමු!
gossip lanka