gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සංගක්කාර ජයටම හෝලි සමරයි: සංගක්කාර පුහුණුකරු කියා අමතක කර රාජස්තාන් ක්‍රීඩකයෝ හෝලි සැමරුවේ මෙහෙමයි (VIDEO)

තරගකාරී අයි.පී.එල්. තරගාවලිය මොහොතකට අමතක කළ කුමාර් සංගක්කාර ඇතුළු රාජස්ථා රෝයල්ස් ක්‍රීඩකයෝ ඉතා උද්යෝගයෙන් ඉන්දීය සාම්ප්‍රදායික උත්සවයක් වන හෝලි සමරන අයුරු දැක්වෙන වීඩියෝවක් රාජස්ථාන් රෝයල්ස් විසින් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා පෙරේදා (26දා) මුදාහැරියා.

මෙය ඉන්දීය ක්‍රීඩකයන්ට අලුත් අත්දැකීමක් නොවුණත්, විදෙස් ක්‍රීඩකයන්ට නම් වෙනස්ම අත්දැකීමක් වී ඇති බව වීඩියෝ දර්ශණ නැරඹීමෙන් දැකගත හැකියි.

මහත් උද්යෝගයෙන් මෙම අවස්ථාවට සහභාගි වූ එක් විදෙස් ක්‍රීඩකයෙක් පවසා සිටියේ,

"පුදුම රෝස පාටක්, රෝස පාටක්. ඒත් ඒවා ඇත්තටම සනීපයි.

ඔව්, ඒක හරිම විනෝදයි.

මං ආයෙත් ළමයෙක් වගේ දැනුණා.

මගේ මිතුරන් සමඟ මම ජල සටනක් කරනවා වගේ දැනුණා,

ඒක ඉතාමත් විනෝදයි" යනුවෙන්.

රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරයි.

මෙම විනෝදජනක අවස්ථාවේදී නම් රාජස්ථාන් ක්‍රීඩකයෝ ඔහුට කිසිඳු ගරු සැලකිල්ලක් නොදක්වාම වර්ණක වලින් ප්‍රහාර එල්ල කරන අයුරු දැකගත හැකිවිය.

කෙසේ නමුත් ඊට නොදෙවෙනි වූ සංකක්කාරද, තමන් පුහුණුකරු බව අමතක කරමින් මෙහිදී විනෝදවන අයුරු කාගෙත් අවදානයට ලක්වුණා.

හෝලි යනු ඉන්දීය ජනයා මහත් උත්සවත්ශ්‍රීයෙන් සමරන ලබන වැදගත් හින්දු සාම්ප්‍රදායික උත්සවයක්.

එය මෙවර සැමරීමට නියමිතව තිබුණේ ඊයේ (මාර්තු 25) දිනයේදීයි.

රාධා සහ ක්‍රිෂ්ණා යන දෙවිවරුන්ගේ සදාකාලික ප්‍රේමය සමරනු වස්, මින් ආදරය සහ වසන්තය සංකේතවත් කරයි.

එමෙන්ම නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීම සංකේතවත් කරයි.

හෝලි උත්සවය ඉන්දියාවේ මහත් හරසරින් සමරන නගර අතර රාජස්ථාන් ප්‍රාන්තය කේන්ද්‍ර කරගත් එහි අගනගරය වන ජයපූර් ප්‍රධාන තැනක් ගනියි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka