gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩිප්ලෝමා ව්‍යාපෘතියට බතික් හදාරන්න ගිය සරසවි සිසුවියට, අමුතු මෝස්තරයක් උගන්වන්න ගිහිල්ලා... බතික්හල් හිමිකරුට වැඩ වරදී!

මෝස්තර නිරූපණය සම්බන්ධයෙන් උපාධියක් හදාරන 23 හැවිරිදි සරසවි සිසුවියක උපාධියට අවශ්‍ය පුහුණුවක් ලබාගැනීම සඳහා බතික් කර්මාන්ත ශාලාවකට හිමිකරුවූ 80 හැවිරිදි අයකු ගේ ඉල්ලීම මත ඇය ඔහුට බත් කටක් කවා ඇති අවස්ථාවේ අතවරයට ලක් කරන ලදැයි කියන සිද්ධියකින් පසුව බත් පත දමා දිව ගොස් පෙම්‍වතා සමග පැමිණ පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පිළියන්දල පොලිසිය සදහන් කරනවා.

මෝස්තර නිරූපණ ශිල්පි ඩිප්ලෝමා උපාධිය (fashion dssiging degree) හදාරන 23 හැවිරිදි පැමිණිලිකාර සිසුවියට සිය ඩිප්ලෝමාවට අවශ්‍ය ව්‍යාපෘතියක් සඳහා බතික් කර්මාන්තය සම්බන්ධයෙන් හැදෑරීම සඳහා සිය පෙම්වතා හරහා පිළියන්දල දොලේ කනත්ත ප්‍රදේශයේ බතික් වැඩපොළකට ගොස් ඇත.

මෝස්තර නිරූපණ ශිල්පය පිළිබඳ තොරතුරු හැදෑරීම සඳහා සිසුවිය දින කීපයක් එම ස්ථානයට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

සිසුවිය එහි යාමේදී දහවල් ආහාරය සඳහා කෑම පාර්සලයක්ද රැගෙන ගොස් තිබූ අතර ආයතනයේ පිටුපස කොටසේ සිට ආහාර ගනිමින් සිටියදී එම ස්ථානයට පැමිණි බතික් කර්මාන්තශාලාවේ හිමිකරු වූ 80 හැවිරිදි පුද්ගලයා සිසුවිය අමතා " දුවේ මටත් බත් කටක් කවන්නකෝ" යැයි පවසා ඇය අසලට පැමිණ සිටි බව පොලිසිය කියයි.

දුර බැහැර ප්‍රදේශයක පදිංචි වූ සිසුවියට එකවරම සිය ආතා සිහි වී ඇය කිසිදු පැකිලීමකින් තොරව ඔහුට සිය බත් පතෙන් බත් කටක් කවා ඇතැයි පොලිසිය කියයි.

මඳ වේලාවකදී "අනේ දුවේ රසම රසයි දුවේ, තවත් කටක් කවන්නකෝ"යැයි පවසමින් සිසුවිය අසලටම පැමිණි ඔහු සිසුවියගේ ලැම පෙදෙස පිරි මදින්නට තැත් කිරීමත් සමඟම සිසුවිය බත් පත ද එම ස්ථානයේ දමා සිය අත් බෑගයද රැගෙන වහා එම ස්ථානයෙන් පිටවී නවාතැන්පොළට පැමිණ සිය පෙම්වතාට ඒ බව දන්වා අනතුරුව පොලිසියට පැමිණිලි කර ඇතැයි කියයි.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ සහකාර පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරික්ෂිකා මදාරා සමරදිවාකර මෙනෙවිය වැඩිදුර පරීක්ෂණ පවත්වන්නීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka